සඳකඩ පහනක කැටයම් ඔපලා - Sandakada pahanaka katayam opala

සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුළක් අකුරු වැලක් දෙහදක ලියැවේ
යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙද්දී
සියුමැලි කැකුලක් මැලවෙද්දී
දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩට ගෙන යන බින්දු
ගව්වක් ඉහළක ගොනුකොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්දූ
අහසක් ගුගුරා කලුවක් වපුරා ඒ හා මුහුවුනු වැහි බින්දු
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක තවකෙක් ඈ වෙත හද රැන්දූ
තවකෙක් ඈ වෙත හද රැන්දූ
සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුළක් අකුරු වැලක් දෙහදක ලියැවේ
යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙද්දී
සියුමැලි කැකුලක් මැලවෙද්දී
හද විල ඉපැදුනු කැකුලක් නොතලති නටුවෙන් ගලවා දුරට යවා
මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක් සත්සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුනු තැවුනු හද එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු පොපියන හදවත සිටී බලා
පොපියන හදවත සිටී බලා
සිටී බලා
ගායනය - සුනිල් එදිරිසිංහ
Comments
Post a Comment