රන් දහඩිය බිංදු බිංදු- Ran dahadiya bindu bindu
රන් දහඩිය බිංදු බිංදු
ඉසුරු සුවඳ රැන්දු රැන්දු
රන් දහඩිය බිංදු බිංදු
ඉසුරු සුවඳ රැන්දු රැන්දු
ගතිනි හලා...
ගයමු රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු
දෑතේ රන් වළලු දඟේ
ගෙල බැඳි රන් මාල අගේ
රන් ගොයමේ නෙළන නඟේ
සිරියාවයි රටට මගේ..//
නෙළුම් කෙතේ ලන්දු ලන්දු
සොඳුරු කිඳුරු ලන්දු ලන්දු
නෙළුම් කෙතේ ලන්දු ලන්දු
සොඳුරු කිඳුරු ලන්දු ලන්දු
දෙවි පිහිටෙන්....
ගයමු රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු
බුලතේ රත දුටිමි තොලේ
මට නොවෙදෝ මුකුළු කළේ
රන් ගොයමේ නෙළන කළේ
මන බැඳුනා පබළු වැලේ..//
රන් දහඩිය බිංදු බිංදු
ඉසුරු සුවඳ රැන්දු රැන්දු
රන් දහඩිය බිංදු බිංදු
ඉසුරු සුවඳ රැන්දු රැන්දු
ගතිනි හලා...
ගයමු රන් ගොයමේ සින්දු සින්දු
රන් ගොයමේ සින්දු සින්දු...////
ගයනාව : W. D. අමරදේව
Comments
Post a Comment