පුතුනේ මේ අහගන්න පුතුනේ - Puthune me ahaganna puthune
පුතුනේ මේ අහගන්න පුතුනේ..
පුතුනේ මේ අහගන්න..
මං පොඩි කාලේ හඳ මාමා කිව්,
කතාව මේ අහගන්න පුතුනේ,
පුතුනේ මේ අහගන්න.......
පුංචි කූඩුවක කැලයේ,
සැළලිහිණි ජෝඩුවක් උන්නා.....
ලස්සන සිංදු කියාලා,
පොඩි පුතා නැලෙව්වා දෙන්නා.....
හිටි හැටියෙම දවසක් දා
මොර සූරන වැස්සක් වැස්සා..
ඇළ දොළ ගංඟා පිරිලා
වැහි වතුර ගල ගලා බැස්සා..
ලොකු සැඩ සුළඟක්
හමලා හෝ ගා
ගස්වැල් දෙදරා ඇද හැලුනා ...
පුතුනේ මේ අහගන්න......
අම්මයි අප්පයි දෙන්නා...
හත් දෙයියනි දෙයියනි කියලා..
චුටි කුරුල්ලා ඉබලා..
මහ හයියෙන් විලාප දුන්නා...
කොයි කාගෙත් සැප දුක බලනා
මේ මුළු තුන්
ලෝකෙට ලොක්කා..
සුදු පුතා බදාගෙන හඬනා..
ඒ මවගේ දරු දුක දැක්කා..
සිත උණුවීලා අනුකම්පාවෙන්
වැහි බිඳු අහසට ඇදගත්තා...
පායා හිරු පෙර වාගෙ දිළුනා..
වන මල් පිපිලා නැටුවා...
ඉන්පසු අම්මයි අප්පයි චුට්ටයි
සතුටින් කල් ගෙව්වාලු සුවසේ....
පුතුනේ මේ අහගන්න......
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය : පී. එල්. ඒ. සෝමපාල
ගායනය: විශාරද සුජාතා අත්තනායක
චිත්රපටිය : කල්යාණි ගංගා (1974)
තනුව හා සංගීතය : පී. එල්. ඒ. සෝමපාල
ගායනය: විශාරද සුජාතා අත්තනායක
චිත්රපටිය : කල්යාණි ගංගා (1974)
Mp3
ReplyDelete