හිඳීවි කොතැනක හෝ - Hindeewi kothanaka ho
හිඳීවි කොතැනක හෝ
හිමි කාරයා උපන් නුඹේ නමින්වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන ඉඳින් ...//
ගඟකට සයුරක් මුණ ගැසේවී
රළකට වෙරළක් මග හිඳීවී ...//
නියඟට වැස්සක් ඇද හැලේවී
නුඹටත් කෙනෙක් හිඳීවී
දවසක සොයාන ඒවී
හිඳීවි කොතැනක හෝ
හිමි කාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්
අකුලක පිපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරංගයක් සේ ...//
නළලත සිඹින පවන් රොදක් සේ
නොසිතුව විටෙක ළඟාවී
නුඹ විඳි අඳුර නිවාවී
හිඳීවි කොතැනක හෝ
හිමි කාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්
ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
Comments
Post a Comment