එක් ටැම් කුලුණේ සිරවී හිඳිනා - Ek tam kulune sirawi hindina
එක් ටැම් කුලුණේ සිරවී හිඳිනා කවුරුදෝ ඔබ කවුරුදෝ
තේජ මානයෙන් අසු පිට වඩිනා කවුරුදෝ ඔබ කවුරුන්දෝ
ඈත මිරිඟුවේ දූවිලි තවරා අසු කුර ගැටෙනා රාවේ
ඈතින් ඇසෙනා කිංකිණි නාදේ දෙසවන් සනහයි මාගේ
මා නෙතු දකිනා සෙබළෙකු විලසේ
මා නෙතු දකිනා සිරකාරියකී
කවුරුදෝ ඔබ කවුරුන්දෝ
කවුරුදෝ ඔබ කවුරුන්දෝ
එක් ටැම් කුලුණේ සිරවී හිඳිනා කවුරුදෝ ඔබ කවුරුදෝ
තේජ මානයෙන් අසු පිට වඩිනා කවුරුදෝ ඔබ කවුරුන්දෝ
ඔබ දුටු පමණින් මා හද සැලෙනා පුදමි සදා මා සෙනෙහේ
ඔබ සිතු මා විලසේ මහද නැමී යයි හඳුනාගමු කවුද කියා
මා ගාමිණී නම් සෙන්පතී
චිත්රාවන් මා ඔබ අත පතමී
සෙන්පතී මා ගාමිණී
කුමරිය මා චිත්රාවී
එක් ටැම් කුලුණේ සිරවී හිඳිනා කවුරුදෝ ඔබ කවුරුදෝ
තේජ මානයෙන් අසු පිට වඩිනා කවුරුදෝ ඔබ කවුරුන්දෝ..//
කවුරුදෝ ඔබ කවුරුන්දෝ
කවුරුදෝ ඔබ කවුරුන්දෝ
ගායනය - චන්දන ලියනාරච්චි ,
සමිතා එරන්දතී මුදුන්කොටුව
Comments
Post a Comment