දිය කිදුරිය සේ සාගරේ - Diya kinduriya se sagare

දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිළිරූ මැවේ
කිවමැන ඔබ කවුදෝ ළඳේ..//

දේහ ලතාවේ රූසිරු වරුණේ නොදැනී මේ නෙත යා වෙලා
දිගු නිල් වරලේ නිලුපුල් නයනේ සැඟවේවා අද පාවෙලා
මිණිදැල් පරදා හසකැන් නැගුනා පෙම් ඇරයුම් ගෙන ආ නියා
මනසේ ඇඳුණා දෙනෙතින් මිදුණා සිහිනය සේ නොපෙනී ගියා
මේ දිවි ගමනේ රන් ටැඹ ඔබ වේ උපදින සසරේ වාසනා

දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිළිරූ මැවේ
කිවමැන ඔබ කවුදෝ ළඳේ

දෙදෙනා හමුවී පෙරදා සසරේ උන්නා සේ මට ළංවෙලා
සුපුරුදු සුවඳයි ඔබ ළග දැනුනේ කවුරුන්දෝ මේ රූපිකා
හිරු දැක බිදෙනා පිණි මල වාගේ ඔබ ඇසුරෙන් වෙන්වී නොයා
රූ තනි ඉවුරේ ඈත ඉසව්වේ දෙදෙනා යමු පෙම් චාරිකා
තනිවෙමු ඔබ මා මේ සැනකෙළියේ ඔබටයි මේ පෙම් ගීතිකා

දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිළිරූ මැවේ
කිවමැන ඔබ කවුදෝ ළඳේ

ගායනය : එච්. ආර්. ජෝතිපාල
ගේය පද : උපාලි ධනවලවිතාන
සංගීතය : සරත් ද අල්විස්
චිත්‍රපටය : ඔබටයි ප්‍රියේ ආදරේ (1987)


Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී