දෙවුරේ දිළෙනා සොඳ මුතු මාල පලඳන්නා - Dewure dilena sonda muthu mala palandanna
දෙවුරේ දිළෙනා සොඳ මුතු මාල පලඳන්නා
දෙකනේ ලෙළෙනා රන් මිණි තෝඩු දවටන්නා
හඳයෝ හැමදා උඹ පණ සේම රැක ගන්නා
දෙවුරේ දිළෙනා සොඳ මුතු මාල පලඳන්නා
සමනොළ මළුවේ රන්වැලි වෙහෙරේ
මුදුනත සේම මට දැනෙනා
සොබනිගේ සෙනෙහේ ගෙපැලට වඩනා
සුභ හෝරාව ලංවෙනවා
යමු රජුනේ පමාවෙනවා
හඳයෝ හැමදා උඹ පණ සේම රැක ගන්නා
දෙවුරේ දිළෙනා සොඳ මුතු මාල පලඳන්නා
ගොම මැටි ඇතිරූ තනිකඩ ගෙපැලේ
සිරිළිය සේම ඈ හිඳුවා
ගම්මානෙ පුරා කල එළි කරවා
මම හද්දා මඟුල් කනවා
මේ පින් උඹට පිහිටනවා
දෙවුරේ දිළෙනා සොඳ මුතු මාල පලඳන්නා
දෙකනේ ලෙළෙනා රන් මිණි තෝඩු දවටන්නා
හඳයෝ හැමදා උඹ පණ සේම රැක ගන්නා
දෙවුරේ දිළෙනා සොඳ මුතු මාල පලඳන්නා
ගයනාව : ජානක වික්රමසිංහ
Comments
Post a Comment