අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් - Ane mehema thanhawak ane mehema asawak
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක්
සොර දෙටුවෙක් කස තැලුම් කකා
දන්ගෙඩියට ගෙන යන ගමනේ
වධක බෙරේ දැක සොරා ගන්ට එය
කදිමයි ලොබ සිතුවාලු..//
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්
බුදු පුතෙකුන් පිඬු සිඟා වැඩිය හොත්
දෙන්නට වේ යයි සැක සිතලා
මහා ඉසුරෙක් උඩු මහලේ සැඟවී
පැණි කොමු පිස කෑවේලු..//
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්
සුරා සොඬෙක් ගිරි කුළකින් විසිවී
මහ පොළවට පාවී එද්දී
ගත දැවටෙන මේ සීත පවන් රැළි
අහෝ සැපයි කීවාලු..//
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්..///
ගායනාව : සුනිල් එදිරිසිංහ ඇතුළු පිරිස
Comments
Post a Comment