අඬන්නෙ ඇයි සුදු මැණිකේ .......... Adanne Ai Sudu Manike ...........

හෙළන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ ............
ඔයාව ජීවිතයේ මට හමුවුණු මුල් දවසේ
සිනාවේ දෑසේ අහිංසක ආදරයයි තිබුණේ
කියාපු මිහිරි කතා තවමත් ඇහෙනවා වාගේ
ප්‍රියාවි රැකගන්නම් හද බලකොටුවෙහි මාගේ
පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගේ පේ‍්‍රමේ
දිනන්නේ යන යන තැන ඔබ හින්දයි මා ලෝකේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ .............
මැණිකේ සුවඳ මලයි පිපි බාධක කටු අකුලේ
සිටින්න දෝතින් ඒ මල නෙලනා තුරු මැණිකේ
දිලෙන්නේ එක තරුවයි සඳ වටකර පෙම් ලෝකේ
සඳ මැණිකෙයි මම තරුවයි පායන රෑ අහසේ
පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගේ පේ‍්‍රමේ
දිනන්නේ යන යන තැන ඔබ හින්දයි මා ලෝකේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
හෙළන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ //
ගායනය - එච්. ආර්. ජෝතිපාල
ගී පද - ධර්මසිරි ගමගේ
Comments
Post a Comment