Posts

Showing posts from January, 2020

බනින්නෙපා පොඩි දෝණිට - Baninnepa podi donita

Image
බනින්නෙපා පොඩි දෝණිට ගහන්නෙපා හාල් මිටක් දුව අරගෙන ඇත්තේ සෙල්ලම් බත් උයන්නයි..// දුරුතු පෝය දා කැලණි විහාරේ වඳින්න ගොස් අපි එන ගමනේ වළං මුට්ටි පොඩි අරගෙන දුන්නේ සෙල්ලම් බත් උයන්නයි..// බනින්නෙපා පොඩි දෝණිට ගහන්නෙපා හාල් මිටක් දුව අරගෙන ඇත්තේ සෙල්ලම් බත් උයන්නයි මුට්ටි වළං පොඩි ළිප උඩ තියලා සෙල්ලම් බත් උයලා දෙන්නයි අපි දෙන්නාටම ඉන් බත් කටකට දූවගෙ අතින් කවන්නයි...// බනින්නෙපා පොඩි දෝණිට ගහන්නෙපා හාල් මිටක් දුව අරගෙන ඇත්තේ සෙල්ලම් බත් උයන්නයි..// පද රචනය : ධර්මසිරි ගමගේ ගයනාව : වික්ටර් රත්නායක

කාන්නු ගොයියක් කන්දේ ලාලා - Kannu goyyek kande lala

Image
කාන්නු ගොයියක් කන්දේ ලාලා පන්ද ලාලුයි කයිගොන් මීයක් කාලේ වේලා පාල වේලුයි කාරෝ උයියක් කානෙ හේලා පාන හේලුයි කල්ලෝ බයියක් කටවරලා කීම ගේලුයි ගෝන්නු කයියක් ලන්දේ කාලා ලන්ද පාලුයි මී ගොන් කයියක් වේලේ කාලා වේල පාලුයි ඌරෝ කයියක් හේනෙ කාලා හේන පාලුයි බල්ලෝ කයියක් වට කරලා ගේම කීලුයි පද රචනය : ජයන්ත චන්ද්‍රසිරි තනුව හා සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ගයනාව : සමන්ත පෙරේරා

සුවඳයි මල් සුවඳ සේ - Suwandai mal suwanda se

Image
සුවඳයි මල් සුවඳ සේ මිහිරියි මී පැණි වගේ ජීවත් වෙන්න ආසයි හැමදාම හිමිදිරිය සේ මල් පියලි විසිරෙයි වනේ රොන් සුවඳ සුළඟට දැනේ නැහැ පුඩුව සිනිඳුයි ඒ සුවඳ පුරුදුයි මල් කැකුළු පූදින්න වාගේ සුවඳයි මල් සුවඳ සේ මිහිරියි මී පැණි වගේ ජීවත් වෙන්න ආසයි හැමදාම හිමිදිරිය සේ දිය කඩිති නිල් බර වුණේ පොඩි තිත්ත පැටවුන්ටනේ අල්ලන්න ආසයි උන් එක්ක යාළුයි පීනන්න දිය කඩිති ගානේ සුවඳයි මල් සුවඳ සේ මිහිරියි මී පැණි වගේ ජීවත් වෙන්න ආසයි හැමදාම හිමිදිරිය සේ පද රචනය : ජැක්සන් ඇන්තනී තනුව හා සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ගායනාව : ඉන්ද්‍රචාපා බුලත්සිංහල සමඟ සමන්ත පෙරේරා 

නුපුරුදු ඔබ දුටු පලමු දිනේ - Nupurudu oba dutu palamu dine

Image
නුපුරුදු ඔබ දුටු පලමු දිනේ සුපුරුදු ලෙස පෙනුනා කෙදිනද හෝ විඳ පුරැදු ඇති සුසුම් සුවඳ දැනුනා දැනුනා මට සුසුම් සුවඳ දැනුනා පෙර කිසිදා ඔබ හමු වි නැති බව ඉඳුරා කියත හැකි හමු වි ඇත්නම් ඒ පෙර සසරේ යුගයක වෙන්න ඇති ....// නුපුරුදු ඔබ දුටු පලමු දිනේ සුපුරුදු ලෙස පෙනුනා කෙදිනක හෝ විඳ පුරැදු ඇති සුසුම් සුවඳ දැනුනා දැනුනා මට සුසුම් සුවඳ දැනුනා භවයෙන් භවයට පැතුම් පතාගෙන ඔබ මා ආවාදෝ ඉසුරුමුණියෙ පෙම් දැහැන රකින්නට අපි මෙහි හමු විදෝ....// නුපුරුදු ඔබ දුටු පලමු දිනේ සුපුරුදු ලෙස පෙනුනා කෙදිනක හෝ විඳ පුරැදු ඇති සුසුම් සුවඳ දැනුනා දැනුනා මට සුසුම් සුවඳ දැනුනා ගායනය :අසංක පිුයමන්ත පීරිස්

මගෙ හීනයෙ ලඟ ඉන්නට - Mage heenaye langa innata

Image
මගෙ හීනයෙ ලඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ ආදරේ මට නම් ඇයි විරහ සරදම් ජීවිතේ මම නම් ඇයි කඳුළු මෙතරම් නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත ‍දඟ කෙරුව තරම් උණුහුම හිත හැදුව තරම් රැවටුනු හැටි මා මෙතරම් හිත හඩන තරම් ඔබ දන්නවනම් තව කඳුළු දිදී රිදවන්නෑ මා දැවෙන තරම් ඔබ දන්නෑ මගෙ හීනයෙ ලඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ ආදරේ මට නම් ඇයි විරහ සරදම් ජීවිතේ මම නම් ඇයි කඳුළු මෙතරම් නොමියෙන මල් මතක පෙතී එක එක බිඳ දැමුව හැටී නෙතු අග තෙත රැදුනෙ නෙතී මගෙ වරදම වෙන්න ඇති හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම් තව කඳුළු කතා පවසන්නෑ මේ කදුළු මගේ දැන් දුක නෑ මගෙ හීනයෙ ලඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ ආදරේ මට නම් ඇයි විරහ සරදම් ජීවිතේ මම නම් ඇයි කඳුළු මෙතරම් ගායනය : උදය ශ්‍රී වික්‍රමසිංහ පද රචනය : කසුන් ප්‍රීමාල් සංගීතය : සඳරුවන් ජයසිංහ

දිය කිදුරිය සේ සාගරේ - Diya kinduriya se sagare

Image
දිය කිඳුරිය සේ සාගරේ දෝතින් ගෙන ආ ආදරේ මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිළිරූ මැවේ කිවමැන ඔබ කවුදෝ ළඳේ..// දේහ ලතාවේ රූසිරු වරුණේ නොදැනී මේ නෙත යා වෙලා දිගු නිල් වරලේ නිලුපුල් නයනේ සැඟවේවා අද පාවෙලා මිණිදැල් පරදා හසකැන් නැගුනා පෙම් ඇරයුම් ගෙන ආ නියා මනසේ ඇඳුණා දෙනෙතින් මිදුණා සිහිනය සේ නොපෙනී ගියා මේ දිවි ගමනේ රන් ටැඹ ඔබ වේ උපදින සසරේ වාසනා දිය කිඳුරිය සේ සාගරේ දෝතින් ගෙන ආ ආදරේ මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිළිරූ මැවේ කිවමැන ඔබ කවුදෝ ළඳේ දෙදෙනා හමුවී පෙරදා සසරේ උන්නා සේ මට ළංවෙලා සුපුරුදු සුවඳයි ඔබ ළග දැනුනේ කවුරුන්දෝ මේ රූපිකා හිරු දැක බිදෙනා පිණි මල වාගේ ඔබ ඇසුරෙන් වෙන්වී නොයා රූ තනි ඉවුරේ ඈත ඉසව්වේ දෙදෙනා යමු පෙම් චාරිකා තනිවෙමු ඔබ මා මේ සැනකෙළියේ ඔබටයි මේ පෙම් ගීතිකා දිය කිඳුරිය සේ සාගරේ දෝතින් ගෙන ආ ආදරේ මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිළිරූ මැවේ කිවමැන ඔබ කවුදෝ ළඳේ ගායනය : එච්. ආර්. ජෝතිපාල ගේය පද : උපාලි ධනවලවිතාන සංගීතය : සරත් ද අල්විස් චිත්‍රපටය : ඔබටයි ප්‍රියේ ආදරේ (1987)

දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට - Diya podak wemin thol wiyalena pipaseta

Image
දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමළු හෙටත් නගපු දෙන් ඔය කිචිබිචිය සුළු සුළු..// තිගැස්සී සැනින් ඔබ වියයුතුද බියගුළු දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුණළු දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට ඔබේ පිය වදන් පුදදෙන සහන සිතුවිලී අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී‍..// සුගන්ධය ලැබූ දින ඇත අවට වෙළි වෙළී මගෙන් රන්මලී කුමටද සැලෙන තරු එළී දිය පොදක් වෙමින් තොල් වියළෙන පිපාසෙට නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට..//// පද රචනය :කරුණාරත්න අබේසේකර සංගීතය : සරත් දසනායක ගායනය : H.R.ජෝතිපාල

සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට - Sinasenna mata lowata penennata

Image
සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට දෙන්න ඔබේ එක සිනා පොදක්‌ හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට දෙන්න අපේ මතකයෙන් බිඳක්‌ කතා කරන්නට අප ගැන බිඳුවක්‌ අප ගැන අසනා අයට ඉතින් කියා දෙන්න මට මා හැර ගිය හැටි තාමත් ඒ ගැන දන්නෑ මන් අළු පාට හැන්දාවේ වැහි බින්දු පොද වැටෙන ගං දෑල තාමත් ඒ වගෙද මට කියන්..// දන් පඳුර උඩ නැටුව රන් පාට සමනල්ලු මන් කොහිද ඇසුවාද මට කියන් සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට දෙන්න ඔබේ එක සිනා පොදක්‌ හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට දෙන්න අපේ මතකයෙන් බිඳක්‌ රන් පාට දැවටිච්ච තුරු වදුල මත පිපුණ පින්න මල් පරවුණිද කුමරුණේ මට කියන්..// මන් නුඹේ හිත ලඟම උණුහුමට ගුලිවෙච්ච මල් සමය නිම වුනිද මට කියන් සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට දෙන්න ඔබේ එක සිනා පොදක්‌ හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට දෙන්න අපේ මතකයෙන් බිඳක්‌ කතා කරන්නට අප ගැන බිඳුවක්‌ අප ගැන අසනා අයට ඉතින් කියා දෙන්න මට මා හැර ගිය හැටි තාමත් ඒ ගැන දන්නෑ මන් ගයනාව : නිරෝෂා විරාජිනී 

වාලුකා කතරේ - Waluka kathare

Image
වාලුකා කතරේ නිදිනේනා රාත්‍රියේ තාරුකා ගානේ කවි ලීවා කඳුලින් ප්‍රේමයේ..// වෙන්වෙලා ආදා හස නගා මූනේ හිත හැඬු සේයා ගොළු කලා දෑසේ හමුවන්නේ ආයේ කවදා ප්‍රියයානේ මේ අපි වේදනාවන්ද ආදරේ නැතිදාට කාසි වාලුකා කතරේ නිදිනේනා රාත්‍රියේ තාරුකා ගානේ කවි ලීවා කඳුලින් ප්‍රේමයේ වාලුකා කතරේ.... නලවනා යාමේ සිටු ළමා දෑතේ කල්පනා හීනේ දිය උනා දෑසේ නළවන්නේ පුංචි ඈයෝ කවදාදෝ මා ඔබේ ඒ දිනේ තාම තාරකා නැතිවාලු කීවේ..... වාලුකා කතරේ නිදිනේනා රාත්‍රියේ තාරුකා ගානේ කවි ලීවා කඳුලින් ප්‍රේමයේ.........// වාලුකා කතරේ පද රචනය: සමන් චන්ද්‍රනාත් වීරසිංහ සංගීතය: මොහාන් රාජ් ගායනය: නිරෝෂා විරාජිනී

ලසොවින් සසැලී - Lasowin sasali

Image
ලසොවින් සසැලී කළු වළා ඇවිත් සිත නිවා දැමූවත් ජීවිතයේ පුර පස සඳ වී පායාවී ඔබ මගේ ළඟින් ගඟ දිය එරෙහිව යන ගමනේ මිමිණූ ගීයක තවරාවී..// ඔබ මගේ කියා..// ලසොවින් සසැලී කළු වළා ඇවිත් සිත නිවා දැමූවත් ජීවිතයේ පුර පස සඳ වී පායාවී ඔබ මගේ ළඟින් නල රැල අතු ඉති මත දැවටී රහසින් ළංවී පවසාවී..// අපි අපේ කියා..// ලසොවින් සසැලී කළු වළා ඇවිත් සිත නිවා දැමූවත් ජීවිතයේ පුර පස සඳ වී පායාවී ඔබ මගේ ළඟින් ගයනාව : නිරෝෂා විරාජිනී 

පුන් සඳ රෑට ඇවිදින් - Pun sanda rata awidin

Image
පුන් සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිද නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට පුන් සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිද රන් කඳ සේම පින්සර මාගෙ ඇතු නිදන රන්මල් යාන හීනෙන් දකින පින පමන තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන පුන් සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිද ගායනය : නිරෝෂා විරාජිනී පද රචනය : රත්න විජේසිංහ තනුව : ඔස්ටින් මුණසිංහ

රෑ දොළොස් පැයේ ඉඳි කඩුලු ඇරන් - Raa dolos paye indi kandulu aran

Image
රෑ දොළොස් පැයේ ඉඳි කඩුලු ඇරන්..// කර ඔසවා බලා උන්නා..// හබකර ගිය ආලවන්ත මගෙම මිහිරා වනයෙන් දැං එතැයි කියා දාර පිඹුරු වග වළසුන් ලගින වනේ දෝස විපත් සිදුනොවියන් නුඹට අනේ දෙකනට දෙමික්කන් නැතුවට කම් නැතුවා කර වට පදක්කම් නැතුවට හිත ඇතුවා පෙම්බර කුමාරයෝ රෑ දොළොස් පැයේ ඉඳි කඩුලු ඇරන් කාසි පඬුරු කතරගමට ගැටගහලා බාර උනා රූපෙට රූපේ පුදලා බෝමා කඳුලු ඉනුවා ඇස කකියා දෙයියෝ උණුලන් පපුවට ගිනි අවුලා පෙම්බර කුමාරයෝ රෑ දොළොස් පැයේ ඉඳි කඩුලු ඇරන්..// කර ඔසවා බලා උන්නා..// හබකර ගිය ආලවන්ත මගෙම මිහිරා වනයෙන් දැං එතැයි කියා ගයනාව : නිරෝෂා විරාජිනී 

කරදිය සුළඟට සුසුමක් හැරදා - Karadiya sulangata susumak harada

Image
කරදිය සුළඟට සුසුමක් හැරදා මුරකුටියේ නිදි වැරුවද අයියණ්ඩී හිත තුළ තෙරපෙන සිතිවිලි පොදි බැඳ ගිනි අවියටදැයි කියන්නෙ ළං ළංවී මරණය අත වනනා යුද දොරකඩ ළය දරදඬුදැයි කියන්න සන්සුන්වී කඳවුර ළඟ දූවිලි සුළඟේවත් හසුනක් අමුණා එවපන් අයියණ්ඩී නිදිමත ඉසිලූ දෑසට කඳුළැලි බර වැඩිදෝ සිතිවිලි ගොළුවුණු රෑකට ඝණඳුර කළු වැඩිදෝ වෙඩි හඬ නෑසෙන ඈතක හිත ඉගිලී යාදෝ පුපුරණ විට ළඟ පාතක සිහිනය මියැදේදෝ කරදිය සුළඟට සුසුමක් හැරදා මුරකුටියේ නිදි වැරුවද අයියණ්ඩී හිත තුළ තෙරපෙන සිතිවිලි පොදි බැඳ ගිනි අවියටදැයි කියන්නෙ ළං ළංවී කවි පද ලියවුණු දෑතට ගිනි අවි බර වැඩිදෝ සීපද මිමුණූ රෑකට වෙඩි හඬ රළු වැඩිදෝ නිහඬව සුසුමක යා කළ දුක සුළඟෙක යාදෝ සිහිනය සුපිපෙන ඈතට දුර කොයි කොතරම්දෝ කරදිය සුළඟට සුසුමක් හැරදා මුරකුටියේ නිදි වැරුවද අයියණ්ඩී හිත තුළ තෙරපෙන සිතිවිලි පොදි බැඳ ගිනි අවියටදැයි කියන්නෙ ළං ළංවී මරණය අත වනනා යුද දොරකඩ ළය දරදඬුදැයි කියන්න සන්සුන්වී කඳවුර ළඟ දූවිලි සුළඟේවත් හසුනක් අමුණා එවපන් අයියණ්ඩී ගායනය : නිරෝෂා විරාජිනී පදරචනය : නිලාර් එන්. කාසිම් සංගීතය : සරත් දසනායක

දස බිම්බර මාර සෙනග - Dasa bimbara mara senaga

Image
දස බිම්බර මාර සෙනඟ  තණ්හා රති රගා සමඟ පළවා හල වීතරාගි බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා..// සංසාරේ තෙර දකින්න බලාපොරොත්තුවෙ ඔරුවෙන්..// ගමන් වැඩිය අන් ගී රස බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා සවණක් බුදු රැස් විහිදා කරුණාවේ මුදු බැල්මෙන් මුළු දියතෙහි සිසිළ මවා බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා මෙත් ගඟුලේ සෙනෙහෙ ගඟේ බුදු ගුණ ගී තරඟ නැගේ සාදු සාදු සාදු සාදු බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා දස බිම්බර මාර සෙනඟ  තණ්හා රති රගා සමඟ පළවා හල වීතරාගි බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා පද රචනය, සංගීතය හා ගායනය - සෝමතිලක ජයමහ

ඉස්සර මං ගිය පාසැල ඇරිලා - Issara man giya pasala erila

Image
ඉස්සර මං ගිය පාසැල ඇරිලා පුංචි පැටව් පෙරහැරෙ එනවා හේවිසි ගහගෙන හූ හඬ දීගෙන ලන්ද පුරා දුව පැන එනවා මේ දරු දැරියන් නොදුටුව දෑසින් එක දරුවෙක් තනිවී එනවා ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා බිම්මල් හිනැහී හිස වැනුවා ඒදඬු මංකඩ තිත්ත පැටව් රැළ ඔහුගේ සුවඳට ඉව කෙරුවා මේ විසිතුරු හැර කොතැනක යන්නද පුංචි දෙපා එකතැන රැඳුණා ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ නෙළුම් රටාවකි තණ ගොල්ලේ නීල කොබෙයි රැල පේලි සැදී හිඳ මුතු ඇහිඳියි මදටිය ගාලේ ගිනි මද්දහනේ කුසගිනි නොදැනී තාමත් ඔහු මේ වන නිල්ලේ පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින් වන වදුලේ අසිරිය දකිනා ගම් දරුවන් මැද මේ දරු පැටියා මගේ නෙතට කඳුලක් නැඟුවා ඔහුට මුවාවී පාසැල් යන්නේ මා දැයි නිකමට මට හිතුණා ගයනාව : සුනිල් එදිරිසිංහ 

ලොවේ වෙසෙන හැම සතුනට - Lowe wesena hama sathunata

Image
ලොවේ වෙසෙන හැම සතුනට බුද්ධං සරණේ සරණයි සරණයි..// ලොවේ වෙසෙන හැම සතුනට ධම්මං සරණේ සරණයි සරණයි..// ලොවේ වෙසෙන හැම සතුනට සංඝං සරණේ සරණයි සරණයි..// ලොවේ වෙසෙන හැම සතුනට මේ තුන් සරණේ සරණයි සරණයි..// දොහොත් මුදුන් දී වැන්දා.. පසඟ පිහිටුවා වැන්දා.. පෙරළි පෙරළි අපි වැන්දා.. අපේ බුදුන් අපි වැන්දා.. සසර කතර අතරමංව.. හසර නොදැන සිටි සතුනට.. විතර නොමැති කරුණාවෙන් යහ මග පෑවා.. ගුණෙන් පිරුන පිනෙන් පිරුන මහා ගුණවතා.. මහා පින්වතා..// දොහොත් මුදුන් දී වැන්දා.. පසඟ පිහිටුවා වැන්දා.. පෙරළි පෙරළි අපි වැන්දා.. අපේ බුදුන් අපි වැන්දා.. පුතුට පෑව දයා ගුණේ.. සැමට පෑව එක සම සේ.. දුකට පිහිට වී සැමගේ සෙත සැලසූවා.. ගුණෙන් පිරුන පිනෙන් පිරුන, මහා ගුණවතා.. මහා පින්වතා..// දොහොත් මුදුන් දී වැන්දා.. පසඟ පිහිටුවා වැන්දා.. පෙරළි පෙරළි අපි වැන්දා.. අපේ බුදුන් අපි වැන්දා..// ගයනාව : සේනානායක වේරලියද්ද ඇතුළු පිරිස 

රණ හංස යුවල නිමල නිල් ජලාසේ - Rana hansa yuwala nimala nil jalase

Image
රණ හංස යුවල නිමල නිල් ජලාසේ මන නන්දනීය දසුන් නංවනා සිහින යහනේ දකින සිහිනේ රතු රෝස මලක්‌ ලයට ලංවුනා පෙමින් බැඳුනෝ සිතින් දකිනා ඒ සිහින මහද මියුරු කල්පනා රණ හංස යුවල නිමල නිල් ජලාසේ ගල් ලෙන්හි සැඟවු කුමාරි මුදවන්න තුරඟුන් අරා ආවා සේ කුමරෙක්‌ පුරාණේ කුමරා මගේ එන්නෙදෝ ඔහු ආදරෙයි මා ආදරෙයි මුළු ජීවිතේ රණ හංස යුවල නිමල නිල් ජලාසේ මන නන්දනීය දසුන් නංවනා සිහින යහනේ දකින සිහිනේ රතු රෝස මලක්‌ ලයට ලංවුනා පෙමින් බැඳුනෝ සිතින් දකිනා ඒ සිහින මහද මියුරු කල්පනා රණ හංස යුවල නිමල නිල් ජලාසේ සංසාර සංචාරයේදි උන්නාලු ඔහු මා ලගින් දොරගුල්  දමා හැංගුවත් මා සඟවන්න බෑ පෙම් හැගුම් අප ප්‍රේමයේ සංග්‍රාමයෙන් ජය ගන්නවා රණ හංස යුවල නිමල නිල් ජලාසේ මන නන්දනීය දසුන් නංවනා සිහින යහනේ දකින සිහිනේ රතු රෝස මලක්‌ ලයට ලංවුනා පෙමින් බැඳුනෝ සිතින් දකිනා ඒ සිහින මහද මියුරු කල්පනා රණ හංස යුවල නිමල නිල් ජලාසේ පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ තනුව සහ සංගීතය : සරත් ද අල්විස් ගායනාව : සමිතා මුදුන්කොටුව

ඈත රන් විමන් තුලින් - Atha ran wiman thulin

Image
ඈත රන් විමන් තුලින් පාට සේලයෙන් සැදී..// මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා...හහ හා හා හා හහ හා... මේ ලොවින් එ‍හා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්...// මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිලෙනවා...හහ හා හා හා හහ හා... රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී..// අද රෑට අද රෑට අද රෑට දිලෙනවා... හහ හා හා හා හහ හා... ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී..// ඔබ කීව පෙම් කතා ඇසුරෙන් ගීත මැවෙනවා...හහ හා හා හා හහ හා... ඈත රන් විමන් දොරින්...// පද රචනය : ප්‍රේමකීර්තිද අල්විස් සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන ගායනය : ප්‍රියා සූරියසේන

ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් - Asuweda kawurun ho oben

Image
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින් විමසා නැතිද කිසිදා ඔබත් කඳුලින් තුරන් වූ ප්‍රේමයක්...// සතුටේ උපත කඳුලයි සදා හද වේදනා දෝතින් ගෙනා...// පවනේ සිසිල සුසුමයි සිතේ පෙම් ප්‍රාර්ථනා විඳදා ගෙනා ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින් විමසා නැතිද කිසිදා ඔබත් කඳුලින් තුරන් වූ ප්‍රේමයක් පිපි මල් මතින් පියමං කලෝ දිනුවේද කවදා ප්‍රේමයෙන්...// විඳි වේදනා සතුටින් දරා පැරදී ගියේ කවුදෝ එයින් ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින් විමසා නැතිද කිසිදා ඔබත් කඳුලින් තුරන් වූ ප්‍රේමයක් සංගීතය: රෝහණ වීරසිංහ පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී

දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ - Dalada hamuduruwane esala poya dawase

Image
දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ අළුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ ආල හිතක් මට ලැබෙන්ඩ පැතුවා එන වාරේ පාළු කුඹුරු අස්වද්දන රන් බිජුවට වෙන්ටයි නිල් පැලපත කිරි වද්දන කිරි ගෙන වැඩ එන්ටයි මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ අළුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ ආල හිතක් මට ලැබෙන්ඩ පැතුවා එන වාරේ මල් සුවඳක් සේ මා වට සුවඳ දිදී ඉන්ටයි ඇල් සුළඟක් වී අවුදින් ගත සිත පුබුදන්ටයි මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ අළුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ ආල හිතක් මට ලැබෙන්ඩ පැතුවා එන වාරේ තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ ආල හිතක් මට ලැබෙන්ඩ පැතුවා එන වාරේ ..// ගායනය - සුනිල් එදිරිසිංහ පද රචනය - සුමුදු වෙත්තසිංහ තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

හිඳීවි කොතැනක හෝ - Hindeewi kothanaka ho

Image
හිඳීවි කොතැනක හෝ හිමි කාරයා උපන් නුඹේ නමින් වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන ඉඳින් ...// ගඟකට සයුරක් මුණ ගැසේවී රළකට වෙරළක් මග හිඳීවී ...// නියඟට වැස්සක් ඇද හැලේවී නුඹටත් කෙනෙක් හිඳීවී දවසක සොයාන ඒවී හිඳීවි කොතැනක හෝ හිමි කාරයා උපන් නුඹේ නමින් වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන ඉඳින් අකුලක පිපෙන නැවුම් මලක් සේ නදියක නැගෙන තරංගයක් සේ ...// නළලත සිඹින පවන් රොදක් සේ නොසිතුව විටෙක ළඟාවී නුඹ විඳි අඳුර නිවාවී හිඳීවි කොතැනක හෝ හිමි කාරයා උපන් නුඹේ නමින් වඩීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන ඉඳින් ගායනය - සුනිල් එදිරිසිංහ පද රචනය - කුලරත්න ආරියවංශ තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා - danno budunge sri dharmaskandha

Image
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා  පේවී රකිති සොද සීලෙ නිබන්දා ...// ක්ලේශ නස්නා භික්ෂු ඇත්තේය බෝ සේ රහතුන් නිවසනා පාය ප්‍රකාසේ ...// මානෙල් නෙලු ම් හා ඕලු පුෂ්පාදී ඇත්තේ පොකුණු වලල බෝ ජල පෑදී ...// සේරූ පංති පංති පීනති බෝ සේ අනුරාධ නගරය දැන් පෙනේ ඔස්සේ........//  දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා  පබැදුම :නීතීඥ ජෝන් ද සිල්වා සංගීත සංයෝජනය :ක්ලැරන්ස් විජේවර්ධන ගායනය :රුක්මණී දේවී නූර්ති නාට්‍යය : සිරිසඟබෝ

බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී - buddhanu bawena sith neth pahan vi

Image
බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී // තණ්හා උපාදාන පරිදේව වියැකී අඥාන අඳුරේ දැල්වී ප්‍රදීපේ හඬවා නුවන් දැල් මංගල්‍ය ප්‍රීතී හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී... භෘංගාවලී රාව ප්‍රතිරාව නංවා බන්දා ප්‍රශංසා ජය කේතු කේලී දසතින් ගලා ක්ෂීර පායාස ධාරා හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී... ගායනය, සංගීතය - නන්දා මාලිනී පද රචනය - සුනිල් ආරියරත්න

ඉර පායා ඉර පායා - ira paya ira paya

Image
ඉර පායා ඉර පායා කළුවර හදකට අවපස සඳකට........ ඉර පායා...ඉර ..පායා.... අලුත් දවසකට  නව මන් පෙතකට  ඉර පායා ඉර පායා එද මෙදා තුර බිය සැක රැන්දු රුදුරු වෙසක් හද තුල නිති රැන්දු අඳුර තිමිර පට ඉරා දිනින්ඳු..... සොඳුරු හෙටක් සාදයි මන බැන්දු... ඉර පායා................. ගිමන නිවන සිහිලැල් ගඟුලක් සේ දසත දිවෙන මහනෙල් සුවඳක් සේ දැවෙන ගතට සුව දෙන ඔසුවක් සේ ඉර පායා ඇත අඳුර මියෙන සේ.. ඉර පායා............. පබැදුම :චන්ද්‍රරත්න මාපිටිගම තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ ගායනය :සමිතා කුමාරි එරන්දතී මුදුන්කොටුව ටෙළි නාට්‍යය : ඉර පායා

මියුරු කල්පනා නෙතක දැල්වුණා - miyuru kalpana nethaka daluna

Image
මියුරු කල්පනා නෙතක දැල්වුණා අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුණා...... ‍වරෙක නැළවුණා වරෙක ළතැවුණා නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැළවුණා මියුරු කල්පනා...... හිමගිර මට වැලි අහුරකි මහ සමුදුර දිය රැල්ලකි කටු අකුලෙන් මල් පුබුදමි ඔබ සැනසේ නම්.... පිණි බිඳකින් මුතු අමුණමි දිනිසුරු ගෙන් සීතල දෙමි කඩු තුඩු මත සැතපෙන්නෙමි ඔබ සැනසේ නම්.... පද - ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය - සරත් දසනායක ගායනය -ආචාර්ය වික්ටර් රත්නායක දිනුම් කණුව 1974 චිත්‍රපටයේන්

මට නුඹ හිමි නැති බැව් - mata nuba himi nathi bau

Image
මට නුඹ හිමි නැති බැව් සිත නැ අදහන්නේ සිත හැඬුවා ඇති දැන් ඔබ නැ යලි එන්නේ මද හසරැල් ගවසා ගිනියම් මා හිත ඉකි බින්දා ඒ වෙනුවේදැයි සිතමින් මගේ හිත මග බලමින් උන්නා ලොවම කෙසේ කීවත් ඔබ යලි ඒ යයි සිත කීවත්..... මට නුඹ හිමි නැති බැව් අඳුර එලිය නොපෙනී කල දේයි කී දේය් නොදනී මුදා නොහැර ම සිතින් රදවා ගත් වරද මගෙනම් යලි උපදින්න සිතා විගසින් මියැදෙන්න සිතේ........ ගායනය : අනුරාධා පෙරේරා 

පාරමී දම් පුරමු අපි දෙදෙනා - parami dam puramu api dedena

Image
පාරමී දම් පුරමු අපි දෙදෙනා මටම අයියණ්ඩියක වී ඔබ නැඟනි වී මා එකම මව් කුස සසර මතු දා උපත ලබනට පාරමී දම් පුරමු අපි දෙදෙනා ගවුම් පොඩියක් මටත් අන්දා කොණ්ඩ කරලක් හිස පළන්දා යනෙන මාවත දකුණු පැත්තෙන් මාව පාසල් එක්කරන් යන මගෙම ඔබ අයියණ්ඩියක වේවා ජාති ජාතිත් සංසාරේ මටම අයියණ්ඩියක වී ඔබ නැඟනි වී මා එකම මව් කුස සසර මතු පුරමු අපි දෙදෙනා ළමා විය ඉක්මවා දවසක පංච කල්‍යාණියක වී මා සිරිත් ලෙස කුලගෙයට යනදා හීනයක් සේ මතක්වේයි මට අපේ අසරණ බිඳුණු පෙම් ලෝකේ පූරව ආත්මෙක සංසාරේ පාරමී දම් පුරමු අපි දෙදෙනා මටම අයියණ්ඩියක වී ඔබ නැඟනි වී මා එකම මව් කුස සසර මතු දා උපත ලබනට පාරමී දම් පුරමු අපි දෙදෙනා ගායනය නීලා වික්‍රමසිංහ පද ආචාර්ය අජන්තා රණසිංහ තනුව සරත් දසනායක

කවුරුන්ද ඔබ මගේ - kawurunda oba mage

Image
කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ //// දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු // හදවත් ගැහෙනා රිද්මය අතරේ සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු කවුරුන්ද ඔබ මගේ… ප්‍රේමය ගොළු වී හඬා වැටීලා ඔබ හද මා හද රිදවන මොහොතේ // ජීවිතයට හුරු පැරදුම හමුවේ නොදොඩා ගොළුවී බලා සිටින්නෙමු කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ // සංගීතය: රෝහණ වීරසිංහ පද රචනය: සමන් අතාවුදහෙට්ටි ගායනය  : සුනිල් එදිරිසිංහ 

මලක් වෙලා ඔබ පිපෙන්න - malak wela oba pipenna

Image
මලක් වෙලා ඔබ පිපෙන්න ආදරේ සුවඳ දෙන්න ගඟක් වගේ ඔබ ගලන්න සෙනෙහසින් පිරී යන්න // ප්‍රේමයේ රස කල්පනා හදවතේ තව මවා දෙන්න නැවුම් සඳක් වී මල් මාවතේ මුතු සලා ඔබ සිනාසෙන්න මලක් වෙලා ඔබ පිපෙන්න... මා නෙතේ සුව සිහිනයේ මේ ලෙසේ ඔබ රැඳී ඉන්න පවන් රොදක් සේ මා ලඟ වෙලී ජීවිතේ දුක නිවාලන්න මලක් වෙලා ඔබ පිපෙන්න... // ගායනය - සුනිල් එදිරිසිංහ සංගීතය - රෝහණ වීරසිංහ ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී

නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ - nim therak nodutu me lokaye

Image
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරනා බිමේ // ඔබේ සිනා වත මගේ නවාතැන අරුණු විහිදුවාවී ජීවිතයේ රැල් නගා ගලන ගංගා දියේ මං වසා දමනු හැකිදෝ කෙසේ // සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ සදා සැඟව යාවී සාගරයේ සිල් බිඳී මුවන් කැලඹූ වනේ බිම නොලා නෙලූ ඵල මාවතේ // සදා ඔබේ ගිම් බෙදාගනිම් මම් තැවුල් සැඟව යාවී මාරුතයේ නිම් තෙරක් නොදුටු මේ.. සංගීතය: රෝහණ වීරසිංහ පද රචනය: බන්දුල නානායක්කාරවසම් ගායනය : සුනිල් එදිරිසිංහ 

සදාකාලික නොවූ ලෝකේ- sadakalika nowu loke

Image
සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක් මගේ දුක දැක ඔබේ දෙනයන උපන් කඳුලින් සේදිලා // ඔබේ වත නොව ඔබේ හදවත පුරා සඳ සේ පෑදිලා සදාකාලික නොවූ ලෝකේ ... එදා ලඟ සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ // සදාකාලික නොවූ ලෝකයෙ සදා කෙලෙසද පෙම් බඳින්නේ  සදාකාලික නොවූ ලෝකේ... සංගීතය: රෝහණ වීරසිංහ පද රචනය: ආනන්ද අමරසිරි ගායනය :සුනිල් එදිරිසිංහ 

සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා - supipuna sugandayoth sonda pushpa

Image
සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා // සිඹිමින් නෙළමින් // නෙළමින් මම යමි යමි උද්‍යානයේ // උදයේ රම්‍යා නෙළමින්නේ සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා // බිඟු රාසී හැම කාලේ ඇත කෝපේ කුමරී හා මල් නෙළා ලෙමී මං ගොතන්ට මාලා රජ දුවනී යන්ටා // මෙවාරේ නෙළන්ට කුසුමන් යාමී // සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා // සුපිපුණ සුගන්ධ යුත් සොඳ පුෂ්පා ... ගායනය : සුනිල් එදිරිසිංහ

පුතුනේ මේ අහගන්න පුතුනේ - Puthune me ahaganna puthune

Image
පුතුනේ මේ අහගන්න පුතුනේ.. පුතුනේ මේ අහගන්න.. මං පොඩි කාලේ හඳ මාමා කිව්, කතාව මේ අහගන්න පුතුනේ, පුතුනේ මේ අහගන්න....... පුංචි කූඩුවක කැලයේ, සැළලිහිණි ජෝඩුවක් උන්නා..... ලස්සන සිංදු කියාලා, පොඩි පුතා නැලෙව්වා දෙන්නා..... හිටි හැටියෙම දවසක් දා මොර සූරන වැස්සක් වැස්සා.. ඇළ දොළ ගංඟා පිරිලා වැහි වතුර ගල ගලා බැස්සා.. ලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා ගස්වැල් දෙදරා ඇද හැලුනා ... පුතුනේ මේ අහගන්න...... අම්මයි අප්පයි දෙන්නා... හත් දෙයියනි දෙයියනි කියලා.. චුටි කුරුල්ලා ඉබලා.. මහ හයියෙන් විලාප දුන්නා... කොයි කාගෙත් සැප දුක බලනා මේ මුළු තුන් ලෝකෙට ලොක්කා.. සුදු පුතා බදාගෙන හඬනා.. ඒ මවගේ දරු දුක දැක්කා.. සිත උණුවීලා අනුකම්පාවෙන් වැහි බිඳු අහසට ඇදගත්තා... පායා හිරු පෙර වාගෙ දිළුනා.. වන මල් පිපිලා නැටුවා... ඉන්පසු අම්මයි අප්පයි චුට්ටයි සතුටින් කල් ගෙව්වාලු සුවසේ.... පුතුනේ මේ අහගන්න...... පද රචනය : කරුණාරත්න අබේසේකර තනුව හා සංගීතය : පී. එල්. ඒ. සෝමපාල ගායනය: විශාරද සුජාතා අත්තනායක චිත්‍රපටිය : කල්‍යාණි ගංගා (1974)

යොමා බුදු නෙත කුළුණිනේ - Yoma budu netha kulunine

Image
නිදුකාණනේ නිදුකාණනේ යොමා බුදු නෙත කුළුණිනේ වඩිනු මැන නිදුකාණනේ..// සිතෙන් සිතක රඳනා කෝප ගිනි උනුන් දවාලන අයුරු දකින්නට මුවින් මුවග ගලනා නාග විස උනුන් නසාලන අසිරි බලන්නට..// යොමා බුදු නෙත කුළුණිනේ වඩිනු මැන නිදුකාණනේ නෙතින් නෙතක ගැටෙනා රාග සිත ලෙවන් නෙතින් පිසදා හරින්නට බියෙන් සැකෙන් නැගෙනා තාප ගිනි දයා දියෙන් සනහා නිවන්නට..// කාලයයි නිදුකාණනේ දීපයයි නිදුකාණනේ දේශයයි නිදුකාණනේ වඩිනු මැන නිදුකාණනේ ගයනාව : සුනිල් එදිරිසිංහ

බොලන් පොඩි නංගී - bolan podi nangi

Image
බොලන් පොඩි නංගි ටිකක් හිටපන් බුලත් විට කන්ට නෙමේ වෙල ලන්ද ලඟින් සුදු බණ්ඩෙ අදත් ඇවිදින් හමුවෙන්ඩ එයා මට යන්ඩ හැකයි තනියෙං බොලන් පොඩි නංගි ටිකක් හිටපන් සම්බන්දෙ අපේ දන්නැත්ද නගේ හුඟ ඈත කළක් හෙම නෑ.. ගම්මැද්දෙ ඉතිං හැදුනාට කතන්දර ඒකෙ වගක් මට නෑ..// බොලන් පොඩි නංගී ටිකක් හිටපන් කරකාර බඳින්නට නංගි හිතයි මට හිත කෝළ සිතුම් එනවා අප්පච්චි අපේ ඉඩ දුන්නෝතින් අපි හද්ද මඟුල් කනවා..// බොලන් පොඩි නංගී ටිකක් හිටපන්  බොලන් පොඩි නංගි ටිකක් හිටපන් බුලත් විට කන්ට නෙමේ වෙල ලන්ද ලඟින් සුදු බණ්ඩෙ අදත් ඇවිදින් හමුවෙන්ඩ එයා මට යන්ඩ හැකයි තනියෙං බොලන් පොඩි නංගි ටිකක් හිටපන්..// පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ තනුව හා සංගීතය : නවරත්න අත්තනායක ගායනය : ආචාර්ය සුජාතා අත්තනායක

ගුමු ගුමුව වදුළේ සිළි සිළිය සුළගේ - Gumu gumuwa wadule sili siliya sulage

Image
ගුමු ගුමුව වදුළේ සිළි සිළිය සුළගේ මුණ මුණුව නදියේ කසු කුසුව ගගුලේ අදයි මට ඇසුණේ ......// ආ..ආ..ආ.. විහග මී රාහවෙි.. මුතු හඞින රාගේ........// කොතැන තිබුනිද ඒ.. අද ගයන මෙි ගී.... ගුමු ගුමුව වදුළේ ..... හද බදුන ඉතිරි ගලන මී මිහිරී...// කොතැන නම් සැගවී තිබුණි දැයි සොයමි .. .. ගුමු ගුමුව වදුළේ ...... ගායනය : සමිතා එරන්දතී මුදුන්කොටුව

රන් දහඩිය බිංදු බිංදු- Ran dahadiya bindu bindu

Image
රන් දහඩිය බිංදු බිංදු ඉසුරු සුවඳ රැන්දු රැන්දු රන් දහඩිය බිංදු බිංදු ඉසුරු සුවඳ රැන්දු රැන්දු ගතිනි හලා... ගයමු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු දෑතේ රන් වළලු දඟේ ගෙල බැඳි රන් මාල අගේ රන් ගොයමේ නෙළන නඟේ සිරියාවයි රටට මගේ..// නෙළුම් කෙතේ ලන්දු ලන්දු සොඳුරු කිඳුරු ලන්දු ලන්දු නෙළුම් කෙතේ ලන්දු ලන්දු සොඳුරු කිඳුරු ලන්දු ලන්දු දෙවි පිහිටෙන්.... ගයමු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු බුලතේ රත දුටිමි තොලේ මට නොවෙදෝ මුකුළු කළේ රන් ගොයමේ නෙළන කළේ මන බැඳුනා පබළු වැලේ..// රන් දහඩිය බිංදු බිංදු ඉසුරු සුවඳ රැන්දු රැන්දු රන් දහඩිය බිංදු බිංදු ඉසුරු සුවඳ රැන්දු රැන්දු ගතිනි හලා... ගයමු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු...//// ගයනාව : W. D. අමරදේව

වසන්තයේ මල් සුපිපුණ - Wasanthaye mal supipuna

Image
වසන්තයේ මල් සුපිපුණ සුන්දරතාවය ඉහිරුණ හද මඬලට කවුදෝ ආවා මල් පෙති සිඹ සිනා රැගෙන මල සිඳ බිඳ යන්ට ගියා හද දුක ගාවා කවුදෝ ආවා හස අන්ගනාවන් සේ සඳ දිය මැද කෙමියේ කිරි සිහිනෙක මා රඳවා කොහිදෝ බැඳුනේ නීල කැළුම් ගලා හැලෙන ඉඳුනිල් මිණි දෑස වසා මගේ දෝතට නෑවිත් නුඹ කොහිදෝ බැඳුනේ හිරු මැලවුන සැන්දෑවේ අඳුරට ගුලිවී මධු බඳුනට හාදු දිදී හිඳිනා යාමේ නෙතු කඳුළින් බොඳ කළ ඒ අතීතයේ හීන පැළට මා කැඳවා යන්නට නුඹ ඇයිදෝ ආවේ ගයනාව : ඉමාන් පෙරේරා

මේ ප්‍රථම වසන්තයයි - Me prathama wasanthayay

Image
මේ ප්‍රථම වසන්තයයි දිවි අරණේ මධු මල් පිපෙනා බිඟු රැවූ නැගෙනා මේ ප්‍රථම වසන්තයයි තරු නැගෙන තුරා නිදිබර අඹරේ සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ ඔබ සුපුන් සඳක් සේ පායා පහන් රැයක් වී ආවේ මේ ප්‍රථම වසන්තයයි දිවි අරණේ මධු මල් පිපෙනා බිඟු රැවූ නැගෙනා මේ ප්‍රථම වසන්තයයි සිත පවස දරා මිරිඟුව අතරේ දිය පහස පතා සිටියදි කතරේ ඔබ සිහිල් දොළක් සේ පාවී වසන්තයක් වී ආවේ මේ ප්‍රථම වසන්තයයි දිවි අරණේ මධු මල් පිපෙනා බිඟු රැවූ නැගෙනා මේ ප්‍රථම වසන්තයයි ගායනාව : සනත් නන්දසිරි

දෙවුරේ දිළෙනා සොඳ මුතු මාල පලඳන්නා - Dewure dilena sonda muthu mala palandanna

Image
දෙවුරේ දිළෙනා සොඳ මුතු මාල පලඳන්නා දෙකනේ ලෙළෙනා රන් මිණි තෝඩු දවටන්නා හඳයෝ හැමදා උඹ පණ සේම රැක ගන්නා දෙවුරේ දිළෙනා සොඳ මුතු මාල පලඳන්නා සමනොළ මළුවේ රන්වැලි වෙහෙරේ මුදුනත සේම මට දැනෙනා සොබනිගේ සෙනෙහේ ගෙපැලට වඩනා සුභ හෝරාව ලංවෙනවා යමු රජුනේ පමාවෙනවා හඳයෝ හැමදා උඹ පණ සේම රැක ගන්නා දෙවුරේ දිළෙනා සොඳ මුතු මාල පලඳන්නා ගොම මැටි ඇතිරූ තනිකඩ ගෙපැලේ සිරිළිය සේම ඈ හිඳුවා ගම්මානෙ පුරා කල එළි කරවා මම හද්දා මඟුල් කනවා මේ පින් උඹට පිහිටනවා දෙවුරේ දිළෙනා සොඳ මුතු මාල පලඳන්නා දෙකනේ ලෙළෙනා රන් මිණි තෝඩු දවටන්නා හඳයෝ හැමදා උඹ පණ සේම රැක ගන්නා දෙවුරේ දිළෙනා සොඳ මුතු මාල පලඳන්නා ගයනාව :  ජානක වික්‍රමසිංහ

නියරේ පිය නගලා - Niyare piya nagala

Image
නියරේ පිය නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවී සිත පිරුණා හද සෙනෙහස දැනුණා..// රන් ගොයම් කරල් පීදෙන ඔබේ දෙස නැමේ රන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ වාසනාව පාවෙලා ගියා නියරේ පිය නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවී සිත පිරුණා හද සෙනෙහස දැනුණා ..// සුදු වතින් උයා මා වෙත ඇඹුල ගෙන ඔයා සෑමදා මෙසේ එනු මැන මල් සිනා සලා ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ වාසනාව පාවෙලා ගියා නියරේ පිය නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවී සිත පිරුණා හද සෙනෙහස දැනුණා ..// ගයනාව : සමන් ද සිල්වා

නාඬන් පුංචි හිරමණේ - Nandan punchi hiramane

Image
නාඬන් පුංචි හිරමණේ ඇවිදින් ඔන්න වසාන්තේ..// මේ රූණුකරේ පොල් වතු බෝමා මට පාඩගම් පබළු අරගෙන පොල් මල් පිපිලා දොරකඩ අර බලපල්ලා..// දොන්ත දොන් රබන් පදයට පංච කිරි කවඩි හිනැහෙන දවස ඇවිල්ලා කහට පොතු කකා හම යන කටින් වාරමක් කියන්න දත මැදපල්ලා දත මැදපල්ලා කොන්ද කොද කැකුළු කදිරන් පුංචි ඉනට සේල අරන් දෙයිද කොබෙයියෝ රංචා ගොඩ කවි සීපද කන්දීලා මල් යහනට වඩින්න දෙයියෝ නාඬන් පුංචි හිරමණේ ඇවිදින් ඔන්න වසාන්තේ..// ගායනාව  : ප්‍රදීපා ධර්මදාස

සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ - Sigiri sukumaliye hela raja samaye

Image
සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ මතකද අපි පාවුණා පෙම් අම නදියේ ලස්සන ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ ඔබගෙනි සොඳුරේ අතකින් මල් දරාලා හසරැලි පාලා සුසිනිඳු සළු ඔතාලා විලවුන් ගාලා ගෝමර පෙති විදාලා දිස්නය දීලා ආදරයෙන් උන් කාලෙ මේ දෑසෙ සිතුවම් වීලා සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ මතකද අපි පාවුණා පෙම් අම නදියේ ලස්සන ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ ඔබගෙනි සොඳුරේ ඔබෙ රුව නැත මැකීලා කල් ගතවීලා මුලු දෙනෙතින් බලාලා සිත සැනසීලා ජන කවියන් ගොතාලා කව් පදමාලා කී විලසින් මං ගයමී රන්වන් ගී හද සපුරාලා සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ මතකද අපි පාවුණා පෙම් අම නදියේ ලස්සන ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ ඔබගෙනි සොඳුරේ ගායනය - සී.ටී. ප්‍රනාන්දු තනුව - සී.ටී. ප්‍රනාන්දු පද - කරුණාරත්න අබේසේකර

අව්වේ මුතු ඇට වපුරා - awwe muthu ata wapura

Image
අව්වේ මුතු ඇට වපුරා ඒ මුතු පනමට හරවා අපේ කුස ගිනි නිවලා නුඹ කුසගින්නේ ඉඳ හිනැහෙන්නේ අපෙ අප්පච්චී නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී අපා දෙපා සිවුපාවුන් එන එන වින වළකන්නට සනසා නුඹ අප වට කර දඬු වැට වෙච්චී මහ කැලේට ඇස් මානම් අපෙ අප්පච්චී අව්වේ මුතු ඇට වපුරා ඒ මුතු පනමට හරවා අපේ කුස ගිනි නිවලා නුඹ කුසගින්නේ ඉඳ හිනැහෙන්නේ අපෙ අප්පච්චී නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී ජීවිතයේ බඹර වෙලේ පැණි හොයලා රූටන්නෙ හිත හයියට කලවැල් පොට වර පොට වෙච්චී දිරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී අව්වේ මුතු ඇට වපුරා ඒ මුතු පනමට හරවා අපේ කුස ගිනි නිවලා නුඹ කුසගින්නේ ඉඳ හිනැහෙන්නේ අපෙ අප්පච්චී නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී ගයනාව : ක්‍රිෂාන්ත එරන්දක

එක් ටැම් කුලුණේ සිරවී හිඳිනා - Ek tam kulune sirawi hindina

Image
එක් ටැම් කුලුණේ සිරවී හිඳිනා කවුරුදෝ ඔබ කවුරුදෝ තේජ මානයෙන් අසු පිට වඩිනා කවුරුදෝ ඔබ කවුරුන්දෝ ඈත මිරිඟුවේ දූවිලි තවරා අසු කුර ගැටෙනා රාවේ ඈතින් ඇසෙනා කිංකිණි නාදේ දෙසවන් සනහයි මාගේ මා නෙතු දකිනා සෙබළෙකු විලසේ මා නෙතු දකිනා සිරකාරියකී කවුරුදෝ  ඔබ කවුරුන්දෝ කවුරුදෝ  ඔබ කවුරුන්දෝ එක් ටැම් කුලුණේ සිරවී හිඳිනා කවුරුදෝ ඔබ කවුරුදෝ තේජ මානයෙන් අසු පිට වඩිනා කවුරුදෝ ඔබ කවුරුන්දෝ ඔබ දුටු පමණින් මා හද සැලෙනා පුදමි සදා මා සෙනෙහේ ඔබ සිතු මා විලසේ මහද නැමී යයි හඳුනාගමු කවුද කියා මා ගාමිණී නම් සෙන්පතී චිත්‍රාවන් මා ඔබ අත පතමී සෙන්පතී මා ගාමිණී කුමරිය මා චිත්‍රාවී එක් ටැම් කුලුණේ සිරවී හිඳිනා කවුරුදෝ ඔබ කවුරුදෝ තේජ මානයෙන් අසු පිට වඩිනා කවුරුදෝ ඔබ කවුරුන්දෝ..// කවුරුදෝ  ඔබ කවුරුන්දෝ කවුරුදෝ  ඔබ කවුරුන්දෝ ගායනය - චන්දන ලියනාරච්චි ,                    සමිතා එරන්දතී මුදුන්කොටුව

ආ මඟ වැරදී යන මං නොපෙනේ - Aa maga waradee yana man nopene

Image
ආ මග වැරදී යන මං නොපෙනේ තනි වී දෙවිඳුන් නැති දෙවොලේ කවුරු යදින්නද කවුරු පතන්නද හිරු සඳුවත් නැති මිහිමඩලේ සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ නුඹෙ සෙවනැළි පාවෙයි නිල් දිය රැළි අතරේ දම් පඳුරෙන් මංකඩ ලඟ ගොම්මං අඳුරේ දියබුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ හඬා දොඩා කීවත් දුක කවුරුද ඇසුවේ ප්‍රාර්ථනා ගඟ උතුරා කඳුළැලි ගැලුවේ මංදාරම් අහස වැසූ මිහිඳුම් සළුවේ කිම්ද සොඳුරු ජීවන මඟ හිරිකඩ හෙළුවේ සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ නුඹෙ සෙවනැළි පාවෙයි නිල් දිය රැළි අතරේ සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ නුඹෙ සෙවනැළි පාවෙයි නිල් දිය රැළි අතරේ ගායනය - අමරසිරි පීරිස්, ශෂිකා නිසංසලා සඳගලතැන්න ටෙලි නාට්‍යයෙන්

එක යායේ කකා වැටී - eka yaye kaka wati

Image
එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබර ගොයා ළිඳට ගියත් අවසරයක් ගන්නට වේවී දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා වළට වැටුණු එකා යකා වළටම ඇද ගනු මිසකා වළෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී කසාදෙ නං කසාය හරි තිත්ත බේතකී  එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා ගයනාව : සුනිල් එදිරිසිංහ , එඩ්වඩ් ජයකොඩි , බන්දුල විජේවීර

වලාකුළක් ගෙන මුවා කරමු හිරු - Walakulak gena muwa karamu hiru

Image
වලාකුළක් ගෙන මුවා කරමු හිරු ගිනිගෙන වියරුව නළියන වැලි කතරේ රත්වුණු වැලිකැට පුපුරණ මැද පෙරදිග මරු කතරේ..// වතුර මලෙන් ආ දොළ අමතක කර ධුලි සුළන් විඳ වෙළ අමතක කර විදුලි පහන් මැද සඳ අමතක කර දෙපා අභියසට ගමු අපි සුරපුර වලාකුළක් ගෙන මුවා කරමු හිරු ගිනිගෙන වියරුව නළියන වැලි කතරේ රත්වුණු වැලිකැට පුපුරණ මැද පෙරදිග මරු කතරේ නගර දනවු මැද සුවිසල් මන්දිර අතර උපන් රට නොරටුන් ලං කර පඳුරු පටුක් කටු අතගා උල් කර විනෝද වෙමු අපි ලේ මස් දිය  කර වලාකුළක් ගෙන මුවා කරමු හිරු ගිනිගෙන වියරුව නළියන වැලි කතරේ රත්වුණු වැලිකැට පුපුරණ මැද පෙරදිග මරු කතරේ ගයනාව : විජය කුමාරතුංග

සීතල දිය පිරි සුනිල විලයි - seethala diya piri sunila wilayi

Image
සීතල දිය පිරි සුනිල විලයි ඒ විල මැද ඔබ සුවඳ මලයි ගිමන් නිවාලන සුළන් රැලක් වී ඔබේ සිනා මට පවන් සලයි සීතල දිය පිරි සුනිල විලයි ඒ විල මැද ඔබ සුවඳ මලයි අසරණ වී මා ජීවිත කතරේ අන්ධකාරයේ සැරිසැරුවා ඔබේ නිහඬ නෙත ඈත ක්ෂිතිජයෙන් උදා වෙලා මට අත වැනුවා සීතල දිය පිරි සුනිල විලයි ඒ විල මැද ඔබ සුවඳ මලයි දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ ඔබේ හදින් මා දෙස බැලුවා දෑසට නොපෙනෙන මා හද පතුලේ සුන්දරතාවය ඔබ දුටුවා සීතල දිය පිරි සුනිල විලයි ඒ විල මැද ඔබ සුවඳ මලයි ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන ආදරයෙන් මා වෙත පිදුවා ඒ මොහොතෙම තව සිය දහසක් මල් මා වට කර හැම තැන පිපුණා සීතල දිය පිරි සුනිල විලයි ඒ විල මැද ඔබ සුවඳ මලයි ගිමන් නිවාලන සුළන් රැලක් වී ඔබේ සිනා මට පවන් සලයි ගයනාව : සුනිල් එදිරිසිංහ

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ - Chandra mandale sathapuna punchi sawiye

Image
චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ පාන නිවුණ සේ පාලුයි ලැයින් කාමරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ ලාබ රත්තරං දිළිසෙන පාළු වීදියේ ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ උන්ට සෙයිළමේ මග තොට පාර වැරදුණේ අන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේ චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ මාල බැඳන් සුදු යකඩින් රෝස මල් වනේ මාල ගිරවු ගේ දොරකඩ සිංදු කිවූ වෙලේ හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ පාර මතකනන් තාමත් ගේ ලඟයි දුවේ චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ පාන නිවුණ සේ පාලුයි ලැයින් කාමරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ ගයනාව : සුනිල් එදිරිසිංහ