Posts

Showing posts from 2020

Jeewithe kawiyak | ජීවිතේ කවියක් by Nanda malini

Image
ජීවිතේ කවියක්.. ආදරේ..සොඳුරු තම වදනක්.. කඳුලැලි බිඳක් හසරැලි පොදක්.. එකට එක්වූ විට දැනෙයි... පෙර නොවිදි රසයක්.. පසුපසින් හඹා එන අතවර.. හැරදමා..යා නොහැක බෝදුර.. දුක ද ඉවසා දරා ගන්නට සිතට බල කරනා.. හැඟුම් අවදිව මැවේ කවිකම.. ජීවිතේ කවියක්.. ආදරේ..සොඳුරු තම වදනක්.. කඳුලැලි බිඳක් - හසරැලි පොදක්.. එකට එක්වූ විට දැනෙයි... පෙර නොවිදි රසයක්.. සෙනෙහසින් රැදී උන් නෙක දන.. පලා යයි නොකියාම ඈතක.. පවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේ.. කවුරු නම් ලංවේද තනියට.. ජීවිතේ කවියක්.. ආදරේ..සොඳුරු තම වදනක්.. කඳුලැලි බිඳක් හසරැලි පොදක්.. එකට එක්වූ විට දැනෙයි... පෙර නොවිදි රසයක්.. ගායනය - නන්දා මාලනී සංගීතය - රෝහණ වීරසිංහ ගී පද - බණ්ඩාර ඇහැලියගොඩ “දෝන ඉසබෙලා , ගජමන් නෝනා“ ටෙලිනාට්‍ය තේමා ගීතය. Gajaman nona teledrama theme song

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී

Image
ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී  හද සන්තක විය අනුහස් ආසිරි ගී   ඔබ හමුවේ මා මුව ගොළු වුවා   ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ   ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ   පිබිදුනි ආශා ගිනිසිළු සේමා   මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම්  පවසා නිවා සන්හුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්   ඔබ හා ආයේ ආයේ පෑහි තුෂාර සුසුම් හුවා   චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා ගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ  මනපුශ්පිත මුදු සුපුල් සිනා විසිරේ මා හද රහසේ බැඳුනා පහසේ  ගඟ දිය රැලි ඔබ නාඬන්  කිසි දවසේ  ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ  ඔබ රුව ඡායා සැඟවේ පායා  මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම පවසා නිවා  සන්හුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම්   ඔබ හා ආයේ ආයේ පෑහි තුෂාර සුසුම් හුවා   චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා ඔබ රුව ඡායා සැඟවේ පායා ඔබ රුව ඡායා සැඟවේ පායා ගායනාව : විජය කුමාරතුංග  චිත්‍රපටය : ගඟ අද්දර 

Thel gala hisa piran nano | තෙල් ගාලා හිස පීරන් නෑනෝ

Image
තෙල් ගාලා හිස පීරන් නෑනෝ ඇට වැළ අරගෙන බැඳගන් නෑනෝ සේලේ ඉණ වට ඇඳැගන් නෑනෝ ගොයම් නෙළන්නට යමු අපි නෑනෝ යමු නෑනෝ.... // තෙල් ගාලා හිස පීරාලා - නිලට නිලයි නෑනෝ ගෙලැ ලාලා ඇට වැල් මාලා - රුව සුදිලෙයි නෑනෝ සේලේ ඉණ වටැ රැළි දීලා - නෙරිය එළෙයි නෑනෝ ගොයම් නෙළන්නට කුඹුර බලා - යමු අපි රන් නෑනෝ  තෙල් ගාලා හිස පීරන් නෑනෝ ඇට වැළ අරගෙන බැඳගන් නෑනෝ සේලේ ඉණ වට ඇඳැගන් නෑනෝ ගොයම් නෙළන්නට යමු අපි නෑනෝ යමු නෑනෝ.... // කුඹුර මැදින් නියර දිගේ - මල් පුබුදිනවා පිනිමුතුයෙන් ළා තණ පත් සේල එළනවා රෑන ගිරා රෑන උඩින් වියන් බඳිනවා බාල ලියන් සුබ නැකැතින් කෙතට බසිනවා ....//  තෙල් ගාලා හිස පීරන් නෑනෝ ඇට වැළ අරගෙන බැඳගන් නෑනෝ සේලේ ඉණ වට ඇඳැගන් නෑනෝ ගොයම් නෙළන්නට යමු අපි නෑනෝ යමු නෑනෝ.... // පද රචනය  : අරිසෙන් අහුබුදු ශූරීන් තනුව හා සංගීතය : ගුරුදෙව් සුනිල් සාන්ත ගායනය : ගුරුදෙව් සුනිල් සාන්ත ඇතුළු අයිවෝ ඩෙනිස්, වික්ටර් රත්නායක, නාලිනී රණසිංහ, අමිතා වැදිසිංහ යන පිරිස

Punchi palak me kale maliga | පුංචි පැලක් මේ කාලේ මාළිඟා

Image
පුංචි පැලක් මේ කාලේ මාළිඟා - රජ මාළිඟා දොලොස් මහේ නැකත ඇවිල්ලා.. ගම්මානෙම මංගල ගී ගායනා - ගැමි ගායනා සිංහල අවුරුද්ද ඇවිල්ලා... මල් වරා තිබූ දළු මල් බරින් පිරේ.. රන් ගොයම්ද කිරි වැදී සැලේ.. බාලොලියා බෝවිටියා හිනැහී ඇත්තේ.. කෝල ළඳුන් පුරන රබන් සුරල් සේ.. පුංචි පැලක් මේ කාලේ මාළිඟා - රජ මාළිඟා දොලොස් මහේ නැකත ඇවිල්ලා.. ගම්මානෙම මංගල ගී ගායනා - ගැමි ගායනා සිංහල අවුරුද්ද ඇවිල්ලා... කමත් පින් කෙතේ පුංචි පැංචියන් පිරී.. චන්ඳ්‍ර කිඳුරු නාඩගම දෙතේ.. කෝල ළඳුන් ආල සිතින් ගැටව් හා ඇදී.. ඈත කුඹුරු දිගේ සරුංගල් අරී.. පුංචි පැලක් මේ කාලේ මාළිඟා - රජ මාළිඟා දොලොස් මහේ නැකත ඇවිල්ලා.. ගම්මානෙම මංගල ගී ගායනා - ගැමි ගායනා සිංහල අවුරුද්ද ඇවිල්ලා... දොලොස් මහේ නැකත ඇවිල්ලා.. සිංහල අවුරුද්ද ඇවිල්ලා... ගායනය : විජය කුමාරතුංග සමඟින් චන්ද්‍රලේඛා පෙරේරා පද රචනය : සෝමපාල ලීලානන්ද සංගීතය : සරත් දසනායක

Adarayaka hangumak sithehi | ආදරයක හැඟුමක් සිතෙහි

Image
ආදරයක හැඟුමක් සිතෙහි නොතිබුණු කාලෙක පෙර දිනෙහි මා හට ඔබ හමුවුණු විටදී මතකයි හද කිතිකැවුණු හැටි // දෙමාපියන් සොහොයුරන් වෙතේ හද පිදි ආදරෙ ඉමාක් නැති // එහෙත් ඔයා මගෙ අනාගතේ මිහිර ගෙනේවිය හැඟුම් හිතේ ආදරයක හැඟුමක් සිතෙහි නොතිබුණු කාලෙක පෙර දිනෙහි මා හට ඔබ හමුවුණු විටදී මතකයි හද කිතිකැවුණු හැටි මදහස පා හිනැහෙන විටදී සුමුදු වදන් පවසන විටදී // මා හද තුල මින් පෙර නොරැඳී ආදරයක හැඟුමක් උපදී ආදරයක හැඟුමක් සිතෙහි නොතිබුණු කාලෙක පෙර දිනෙහි මා හට ඔබ හමුවුණු විටදී මතකයි හද කිතිකැවුණු හැටි // ගායනය - විජය කුමාරතුංග, මාලනී බුලත්සිංහල තනුව, ගී පද - උපාලි අත්තනායක

Puruddakda sasare huru wu | පුරුද්දක්ද සසරේ හුරු වූ

Image
පුරුද්දක්ද සසරේ හුරු වූ - පරද්දන්න බැරි සේ දිනපු අනන්ත වූ ප්‍රේමයකින් බැදුනේ... හරස්වෙන්න හැදුවත් කවුරු - වරද්දන්න හැදුවත් කවුරු වෙනස් නොවූ පවුරයි ඔබ ලදුනේ...// අඳුර පිරුණම දෑස වැසුනම - තනිය දැනුනු නිසා කදුළු පිරුණම හිතේ හැම තැන - ඔබෙන් පිරුණු නිසා අදුරේ...දුක සේ...රහසේ...ගෙතුනු... නොලියූ...කවියේ...මතුවූ...ලදුනේ... පුරුද්දක්ද සසරේ හුරු වූ - පරද්දන්න බැරි සේ දිනපු අනන්ත වූ ප්‍රේමයකින් බැදුනේ... හරස්වෙන්න හැදුවත් කවුරු - වරද්දන්න හැදුවත් කවුරු වෙනස් නොවූ පවුරයි  ඔබ  ලදුනේ...// සිහින පෙනුනම සැපයි හැමදා - හැබෑ කරන නිසා සුසුම් හෙලුවම සිතේ හැම කොන - ඔබෙන් පිරුණූ නිසා සිහිනේ...ඇසුනු..රහසේ...දැකපු.. නොරැගූ...රැගුමේ...හැඟුමයි..ලදුනේ... පුරුද්දක්ද සසරේ හුරු වූ - පරද්දන්න බැරි සේ දිනපු අනන්ත වූ ප්‍රේමයකින් බැදුනේ... හරස්වෙන්න හැදුවත් කවුරු - වරද්දන්න හැදුවත් කවුරු වෙනස් නොවූ පවුරයි  ඔබ  ලදුනේ...// ගායනය : යෂාන් ද සිල්වා සමඟින් භාතිය ජයකොඩි

Upan bimata kisida garahanna epa | උපන් බිමට කිසිදා ගරහන්න එපා

Image
උපන් බිමට කිසිදා ගරහන්න එපා දෙමාපියන් අමතක කරලන්න එපා සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා වැදූ මවයි මිහිකතයි.. සමයි සිතාපන්නේ... පියා නුඹේ නුඹ රටයි කියා සිතාපන්නේ... ඉරේ සඳේ ගහ කොලේ උදාර වූ මහ කැලේ මිනිස් අපේ උපතේ මුලයි සිතාපන්නේ උපන් බිමට කිසිදා ගරහන්න එපා දෙමාපියන් අමතක කරලන්න එපා සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා අහස් කුසට වැඩෙනා ගසක් බලාපන්නේ... මවක් ලෙසට කරුණා ගුණය පතුරුවන්නේ පොරෝ තලේ ටැක්ටරේ යොමා බිම හෙලන්නේ මවක් ලෙසින් සැලකූ ගසයි සිතාපන්නේ... උපන් බිමට කිසිදා ගරහන්න එපා දෙමාපියන් අමතක කරලන්න එපා සෙවන දුන් ගසේ අතු සිඳ ලන්න එපා ගස සිඳුවා හිස සිඳුවා ගන්න එපා ගායනය - විජය කුමාරතුංග සමග මාලිනී බුලත්සිංහල

Kata thibunata muhuna pura nano | කට තිබුණට මුහුණ පුරා

Image
නෑනෝ... නෑනෝ. කට තිබුණට මුහුණ පුරා - නෑනෝ කියවන්නට එන්න එපා - නෑනෝ පද මාලා ගොතපු කෙනා - නෑනෝ ගම දාලා යන්න ගියා - නෑනෝ අපි දෙන්නගෙ ප්‍රේම කතා - නෑනෝ ලියවෙන්නට කාලෙ හොදා - නෑනෝ කරමාලා සේල ගොතා - නෑනෝ කරකාරෙක යන්න සුදා... මම දන්නැති දහසක් දේ (ඇත්තට) ගම්මු ලියන කොටලිද ඇන්දේ (මම) පතිවෘත්තා රකින්න යන්නේ කැන්දන් යන්නේ මම මයි ලන්දේ (ආ හා..) රස්තියාදුකං අරං එනවානම් වන්නම් දහඅට මං පෙන්නන්නම් දස බිම්බර සෙනග ගෙනල්ලා මං නං බය වෙන්නෑ... මම දන්නැති දහසක් දේ (ඇත්තට) ගම්මු ලියන කොටලිද ඇන්දේ (මම) පතිවෘත්තා රකින්න යන්නේ කැන්දන් යන්නේ මම මයි ලන්දේ (ආ හා..) ඒක කොරනකම් බලා ඉදියි මං පොරිසාදකම් දෙව්ලොව යනකන් මං බහදෙන කෙනාව හොයලා පිටගම් යනවා මං... කට තිබුණට මුහුණ පුරා - නෑනෝ කියවන්නට එන්න එපා - නෑනෝ පද මාලා ගොතපු කෙනා - නෑනෝ ගම දාලා යන්න ගියා - නෑනෝ අපි දෙන්නගෙ ප්‍රේම කතා - නෑනෝ  ලියවෙන්නට කාලෙ හොදා - නෑනෝ කරමාලා සේල ගොතා - නෑනෝ කරකාරෙක යන්න සුදා... දිලිසෙන් නැති හද දිස්නේ.. ගැම්මක් නැතුවම ඇයි හිත බැන්දේ.. පිට රස්සා කරන්න යන්නේ.. කැන්දන් යන්නේ මම මයි ලන්දේ.. ඒක කොරනකම් බලා ඉදියි මං පොරිසාදකම් දෙව්ලොව යනකන් මං

Langa nathi bawa danenawa | ළඟ නැති බව දැනෙනවා

Image
ළඟ නැති බව දැනෙනවා එනමුත් හද අහනවා ඔබ ඒවිදෝ කවදා හෝ ඔබ මගෙමයි හැඟෙනවා ආදරේ තව රැඳෙනවා ඔබ ඒවිදෝ කවදා හෝ හුදකලාව මේ සිත හඬවනවා සැමදා ජීවිතයේ තනිවේදැයි සිතෙනවා ඔබගෙන් ලද උණුසුම මට දැණෙනවා තනිකම මාගේ ඉගිලී යනවා ළඟ නැති බව දැනෙනවා එනමුත් හද අහනවා ඔබ ඒවිදෝ කවදා හෝ ඔබ මගෙමයි හැඟෙනවා ආදරේ තව රැඳෙනවා ඔබ ඒවිදෝ කවදා හෝ නෙතු පියාන මා ඔබෙ රුව මවනවා හීනෙන් ඇවිත් මා දෑස සිඹිනවා ඔබගේ සුසුම් මට තව දැණෙනවා ඔබ දන්නෙ නෑ ආදරෙ ගලනවා ළඟ නැති බව දැනෙනවා එනමුත් හද අහනවා ඔබ ඒවිදෝ කවදා හෝ ඔබ මගෙමයි හැඟෙනවා ආදරේ තව රැඳෙනවා ඔබ ඒවිදෝ කවදා හෝ ගායනය - භාතිය සහ සංතුෂ්

Sihina pathuman age | සිහින පැතුමන් ඈගේ

Image
සිහින පැතුමන් ඈගේ සැබෑ කර දුන්නා සිතා වෙන කාටවත්ම ඈ ආදරේ වෙන්නෙ නෑ ඔබ මුලා වී දෝ මට සිතෙයි ඇගෙ ආදරේ මා හටමයි ඇගෙ ජීවිතේ මා පමණයි මා හටම පැවසුවා ඈ එදා ඈ පැවසූ ලෝකේ අපගේ වූ කාලෙ සැබෑවක් වේවි සිතන්න එපා ඔබ මිතුරේ ඈ පැවසූ ලෝකේ දැන් සිහිනයක්ම වාගේ සැබෑවක් වේවි ඔබ සිතන්න එපා මිතුරේ මුලා වී ඔබ ඈ රුවේ සිතාවී ඒ ආදරේ ඔබ නොවේ ඈගේ සිහින මන්දිරේ මුදු දෑත ගෙන මා ඈගේ ගං දියේ පාවී සිටි එදා උණුසුමෙන් ඈ මා ළං වෙලා සැනසුනා ඈ එදා ඈ එදා ඈ පැවසූ ලෝකේ අපගේ වූ කාලෙ සැබෑවක් වේවි සිතන්න එපා ඔබ මිතුරේ ඈ පැවසූ ලෝකේ දැන් සිහිනයක්ම වාගේ සැබෑවක් වේවි ඔබ සිතන්න එපා මිතුරේ //// ගායනය, සංගීතය - භාතිය සහ සංතුෂ්

Parisaraya sirisaraya suwabaraya pahasaraya | පරිසරය සිරිසරය සුවබරය පැහැසරය

Image
පරිසරය සිරිසරය සුවබරය පැහැසරය ආ හා පරිසරය සිරිසරය සුවබරය පැහැසරය  ආ  හා වන විහඟ ගී සරය නැඟෙනා  මධු ලෝල බිඟුසරය බැඳෙනා වන විහඟ ගී සරය නැඟෙනා  මධු ලෝල බිඟුසරය බැඳෙනා සිත නිවන පරිසරය  ආ  හා පිය දසුන සිරිසරය  ආ  හා පරිසරය සිරිසරය සුවබරය පැහැසරය  ආ  හා වන විහඟ ගී සරය  නැඟෙනා  මධු ලෝල බිඟුසරය බැඳෙනා වන විහඟ ගී සරය  නැඟෙනා  මධු ලෝල බිඟුසරය බැඳෙනා තුඟු ගිජිඳුන්ගේ නඳ ඇසෙනා මහ වනයෙන් වැසි දිය ගෙනෙනා දිය කඳුරු සුනිල ඇළි හැලෙනා පියකරුය කඳුකරය සොබනා දිය කඳුරු සුනිල ඇළි හැලෙනා පියකරුය කඳුකරය සොබනා පරිසරය සිරිසරය සුවබරය පැහැසරය  ආ  හා පරිසරය සිරිසරය සුවබරය පැහැසරය  ආ  හා ඇල් පවන මල් සුවඳ හමනා පරිසරයෙ සෙනෙහසම ගෙනෙනා ඇල් පවන මල් සුවඳ හමනා පරිසරයෙ සෙනෙහසම ගෙනෙනා දිවි ගෙවන හද සුසුම හෝ හෝ පරිසරයෙ ලද උපත හෝ හෝ පරිසරය සිරිසරය සුවබරය පැහැසරය  ආ  හා ඇල් පවන මල් සුවඳ හමනා පරිසරයෙ සෙනෙහසම ගෙනෙනා ඇල් පවන මල් සුවඳ හමනා පරිසරයෙ සෙනෙහසම ගෙනෙනා කම්හලක දුම් වළලු  නැඟෙනා  කම් කටොලු පුර දොරට වදිනා  විදු නැණින මැඬ සියලු බාධා රැ ක ගනිමු පරිසරය සැමදා විදු නැණින  මැඬ  සියලු බාධා රැ ක ගනිමු පරිසරය සැමදා පද රචනය - සුනිල් සරත

Dedunna sedi wa nilla uthura | දේදුන්න සේදී වෑ නිල්ල උතුරා

Image
දේදුන්න සේදී වෑ නිල්ල උතුරා ලා දම් අහසින් වැස්සක් වැටුණා මනමාලි වී ඈ හද ගින්න අවුලා පිටගම් යනවා බොඳවී පෙනුණා බාලේ ඉඳලා හද බැඳි ආදරේ ගෙල රන් තාල නොබැඳී අවසන් උනේ කාලේ ගෙවිලා මං ගම ආ දිනේ ඈ කරකාර බැඳලා නොකියා ගියේ දේදුන්න සේදී වෑ නිල්ල උතුරා ලා දම් අහසින් වැස්සක් වැටුණා මාදං කැලෑවේ ළඳු ඕවිටේදී බාලේ ඉඳන් කී කවි ගීතිකා පාවී ගියාවේ සුළඟේ වෙළීලා ආලේ නමින් වූ හද ගී මකා නොසිතූ සේ... ආදර මල්පෙති විසිරෙයි සිත වැළපේ සුහදේ... නොපැතූ සේ... යායුතු වේ මේ ඉරණම් ගමනේ කඳුලින් මෙසේ… දේදුන්න සේදී වෑ නිල්ල උතුරා ලා දම් අහසින් වැස්සක් වැටුණා මනමාලි වී ඈ හද ගින්න අවුලා පිටගම් යනවා බොඳවී පෙනුණා ලා නීල වැල්ලේ වැව් තාවුලේදී දිවුරා හදින් ඈ බහ දුන් නිසා දෑසින් මහෝගේ උතුරා ගැලූ ඒ දොරේ ගැලූ දා බැඳි ආදරේ තනි වූ දා... මවු පිය සෙනෙහසටයි හිස නැමුණේ රහසේ… නොපැතූ දා... මා හද දෙව්ලොව හැර යන්නම් මිහිරේ.. තරු ඇස් වැසේ... දේදුන්න සේදී වෑ නිල්ල උතුරා ලා දම් අහසින් වැස්සක් වැටුණා මනමාලි වී ඈ හද ගින්න අවුලා පිටගම් යනවා බොඳවී පෙනුණා බාලේ ඉඳලා හද බැඳි ආදරේ ගෙල රන් තාල නොබැඳී අවසන් උනේ කාලේ ගෙවිලා මං ගම ආ දිනේ ඈ කරකාර බැඳලා නොකියා

Pem kala waradata mata wada denne | පෙම් කළ වරදට මට වධ දෙන්නේ

Image
පෙම් කළ වරදට මට වධ දෙන්නේ පෙම් කළ හිතකින් නොවෙන නිසා අයියණ්‌ඩියේ මට සමාව දෙනු මැන ආදරයේ සුව දැනුණු දිනේ ආදරයේ සුව දැනුණු දිනේ යන එන හමුවන මඟ අවුරාලා ආදරයක්‌ වැළකිය හැකිදෝ ...// නොපෙණෙද ඔහුගේ දෙපතුළ මා හිත සැනහෙනු මේ රැකවල් බිඳදා සැනහෙනු මේ රැකවල් බිඳදා පෙම් කළ වරදට මට වධ දෙන්නේ පෙම් කළ හිතකින් නොවෙන නිසා අයියණ්‌ඩියේ මට සමාව දෙනු මැන ආදරයේ සුව දැනුණු දිනේ ආදරයේ සුව දැනුණු දිනේ චිත්‍රාවක්‌ වන්නේ නෑ මා නම් අයියණ්‌ඩියෙ ඔබෙ අණට හොරා ...// ආදරයේ දුක ඔබට දැනේවී පෙම්වතියක මුණ ගැහුණු දිනේ පෙම්වතියක මුණ ගැහුණු දිනේ පෙම් කළ වරදට මට වධ දෙන්නේ පෙම් කළ හිතකින් නොවෙන නිසා අයියණ්‌ඩියේ මට සමාව දෙනු මැන ආදරයේ සුව දැනුණු දිනේ ආදරයේ සුව දැනුණු දිනේ ගායනය - ඉන්ද්‍රණි බෝගොඩ පද රචනය - දයා ද අල්විස්‌ තනුව - චන්ද්‍රදාස බෝගොඩ

Mage neela nethu sagalin | මගේ නීල නෙතු සඟලින්

Image
මගේ නීල නෙතු සඟලින් මොනවද ඔබ ඉල්ලන්නේ නළලේ කුංකුම තිලකය ඔබට නේද අමතන්නේ මගේ නීල නෙතු සඟලින් මිදුලේ නිල් බුනීල මල් හැන්දෑවේ කාන්තියෙන් ඔබ මට දුන් ඔබේ කවිය උදුරාගෙන කියවනවා මගේ නීල නෙතු සඟලින් මොනවද ඔබ ඉල්ලන්නේ නළලේ කුංකුම තිලකය ඔබට නේද අමතන්නේ මගේ නීල නෙතු සඟලින් හඳ එළියේ හාන්සි වී ඒ කවියේ රස වින්දා එදා රැයේ මගේ දෑස ඔබේ නමින් ඉකි බින්දා මගේ නීල නෙතු සඟලින් මොනවද ඔබ ඉල්ලන්නේ නළලේ කුංකුම තිලකය ඔබට නේද අමතන්නේ මගේ නීල නෙතු සඟලින් ගායනය - ඉන්ද්‍රානි බෝගොඩ සංගිතය - චන්ද්‍රදාස බෝගොඩ ගී පද - ඩෝල්ටන් අල්විස්

Paligu thalawaka wana thuru waduleka | පළිඟු තලාවෙක වන තුරු වදුළෙක

Image
පළිඟු තලාවෙක වන තුරු වදුළෙක චන්දන සිසිල දැනේ කරුණා දයාව අතර උදා කළ කරුණා දයාව අතර උදා කළ චින්තන සුවය ගෙනේ... පළිඟු තලාවෙක වන තුරු වදුළෙක වසන්ත සමයෙක සමන් ලතාවෙක පොපිදෙන සුදට සුදේ...// සමන් පියලි මත ගිමන් නිවන්නැයි සමන් පියලි මත ගිමන් නිවන්නැයි වරෙකදි සිතට නැගේ.. පළිඟු තලාවෙක වන තුරු වදුළෙක චන්දන සිසිල දැනේ කරුණා දයාව අතර උදා කළ කරුණා දයාව අතර උදා කළ චින්තන සුවය ගෙනේ... පළිඟු තලාවෙක වන තුරු වදුළෙක චමත්කාර බව අඳුනමි හිමියෙනි සොබා සොඳුර තුරුලේ..// කිමෙක් ද ඇති සුව පාළුව සොඳුරුයි කිමෙක් ද ඇති සුව පාළුව සොඳුරුයි සොඳුරියෙ දුගී පැලේ.. පළිඟු තලාවෙක වන තුරු වදුළෙක චන්දන සිසිල දැනේ කරුණා දයාව අතර උදා කළ කරුණා දයාව අතර උදා කළ චින්තන සුවය ගෙනේ... පබැදුම, තනුව හා සංගීතය : සෝමතිලක ජයමහ ගායනය : ඉන්ද්‍රාණි බෝගොඩ සමඟින් සෝමතිලක ජයමහ

Seetha diya ral sala | සීත දිය රැල් සලා

Image
සීත දිය රැල් සලා පියුම් පිපුණා බලා දෙරණ තල දෝවා අරුණළු දේ සියොත් කැල නාද දේ සීත දිය රැල් සලා කල් බලන් සිටිය බඹරින්දා විල් තෙරෙන් හමන මද නල හා මුසුව සියපත් දෙතොල් පොපියා මුසුව සියපත් දෙතොල් පොපියා හාදු දී මා දිහා බැලුවා සීත දිය රැල් සලා පියුම් පිපුණා බලා දෙරණ තල දෝවා අරුණළු දේ සියොත් කැල නාද දේ සීත දිය රැල් සලා විල් තෙරේ පීනු සුකුමාලා රත් පියුම් රේණු මා දැකලා ඇයිද බියපත්ව රත් පියුමේ ඇයිද බියපත්ව රත් පියුමේ හාදු දී මා දිහා බැළුවේ සීත දිය රැල් සලා පියුම් පිපුණා බලා දෙරණ තල දෝවා අරුණළු දේ සියොත් කැල නාද දේ සීත දිය රැල් සලා ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ පද රචනය - ධර්මදාස පරණගම සංගීතය - චන්ද්‍රදාස බෝගොඩ

Nathi unu adarayak wenuwen | නැති උණු ආදරයක් වෙනුවෙන්

Image
නැති උණු ආදරයක් වෙනුවෙන් හෙලන සුසුම් අන් හදක වැදී පැරුනු හදවත් එකීනෙක අමතා කියන කතාවයි මේ සුදෝ මම ආදරේයි...... සුදෝ මම ආදරේයි...... සිතින් පලා ගිය එක් ආදරයක් දිහා කදුළු පිරුණු නෙතින් බලා ඉන්නා අතරේ තව ආදරයක් වෙත හදවත් දොර විවරකලා සුදෝ මම ආදරේයි..... සුදෝ මම ආදරේයි...... ආයෙත් නොලැබෙන  ආයෙත්  නොඑනා ඒ ආදරයට ඉඩ දෙම්දෝ පාළු හදවතට සෙනෙහස පුදනා  මේ ආදරයට ඉඩ දෙම්දෝ සුදෝ මම ආදරේයි.... සුදෝ මම ආදරේයි...... සෙනෙහස ඉතිරුණ ඒ ආදරයයි සෙනෙහද අයදින මේ ආදරයයි කොහොම කෙලෙස තුරුලට ගම්දෝ ඔබට මම ආදරේයි ඔබටත් ආදරේයි ඔබට මම ආදරේයි  පද රචනය  : සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා තනුව හා සංගීතය : ආචාර්ය ලයනල් අල්ගම ගායනය :සුජාතා අත්තනායක සිනමාපටය : මයුරිගේ කථාව

Me kadulu thotupalay | මේ කඳුළු තොටුපළයි සමුගෙන යන්න මට බැරි

Image
මේ කඳුළු තොටුපළයි සමුගෙන යන්න මට බැරි මේ කඳුළු තොටුපළෙන් සමුගෙන යන්න ඇයි බැරි..// මගෙ ළඟට වෙලා ඔබ පෙම්බස් මුමුණයි සොඳුරු ඔය ඇඟිලි තුඩින් හිස පිරිමැද නිවාවි කඳුළු මගෙ දෙනෙත් වසමි සිතිවිල්ලක ඔබ එන අයුරු ඔබ තමයි මසිත සුවපත් කළ ගීතය මියුරු මේ කඳුළු තොටුපළයි සමුගෙන යන්න මට බැරි  මේ කඳුළු තොටුපළෙන් සමුගෙන යන්න ඇයි බැරි..// අපි ඉඟිල යමුද සොඳුර ඉතින් බිඳිමින් පවුරු පෙම් පුවත ලියමු දිනක අපිත් බඳිමින් මැදුරු දොර කවුළු වැසූ රන් කූඩුවේ ඉන්නම් සිරවු මව් සෙනෙහෙ පිරුණු කැදැල්ලකින් යන්නේ කවුරු මේ කඳුළු තොටුපළයි සමුගෙන යන්න මට බැරි  මේ කඳුළු තොටුපළෙන් සමුගෙන යන්න ඇයි බැරි..// ගායනය : සුභානි හර්ෂනී , චන්දන ලියනාරච්චි  

Dothin dothai, jeewen jeewei | දෝතින් දෝතයි ජීවෙන් ජීවෙයි

Image
දෝතින් දෝතයි ජීවෙන් ජීවෙයි ජය මංගල හඩ දෙයි කුරු කූ කුරු කූ කුරුකූ කුරුකූ  කුරු කූ කුරුකූ කුරුකූ ලෝකෙම සුවදයි ඒ පෙම් සුවදයි මංගල මල් පිබිදෙයි කුරු කූ කුරු කූ කුරුකූ කුරුකූ  කුරු කූ කුරුකූ කුරුකූ සෙවනැළි සීතල ලිය ගොමුවේ අපටයි සුබ පැතුවේ සුදු මල් පෙති සළිතව සැලුනේ අපටයි ඉගි මැරුවේ ...// එක පොඩි රහසේ ...රස දහසක් වේ රස උතුරන වයසේ... කුරු කුකු කුරු කුකු කුරු කුකු  කුරු කුකු කුරු කුකු කුරු කුකු  කුරු කූ සසරේ ජීවන සහකරුවා.. පැතුසේ මෙහි ආවා .... ආ...නාඹර සිතිවිලි ඵලදැරුවා නෑඹුල් මල් නෙළුවා... // සංසුන් ගමනක වංහුං දැක දැක ජය පිට ජය පැතුවා... කුරු කුකු කුරු කුකු කුරු කුකු  කුරු කුකු කුරු කුකු කුරු කුකු  කුරු කූ තබනා තැන පියවර ඔබගේ ලෝකය මැවෙයි මගේ... ඕ...අවදිව ඇත ඔය සුහද හදේ... මගේ රජ දහන මැවේ... // මසුරන් විසිරුනු ඉසුරින් බරවුනු දිවි මංතල හෙලි වේ... කුරු කූ කුරු කූ කුරුකූ කුරුකූ  කුරු කූ කුරුකූ කුරුකූ දෝතින් දෝතයි ජීවෙන් ජීවෙයි ජය මංගල හඩ දෙයි කුරු කුකු කුරු කුකු කුරු කුකු  කුරු කුකු කුරු කුකු කුරු කුකු  කුරු කූ ගායනය - එච් ආර් ජෝතිපාල/ ඇන්ජලීන් ගුණතිලක සිනමාපටය : සුහද පැතුම

Ma bala kale ammage ukule | මා බාල කාලේ අම්මාගෙ උකුලේ

Image
මා බාල කාලේ අම්මාගෙ උකුලේ නැළවූණු තාලේ මට තාම සිහිවේ...// පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ නෑ හීනවූයේ මෑණී මගේ ඈ දුන් ඔවා මී ගඟුලෙ හිනාමි මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ . මා බාල කාලේ අම්මාගෙ උකුලේ නැළවූණු තාලේ මට තාම සිහිවේ . මා බාල කාලේ මේ පුංචි ලංකා ඔබගේ පුතේ ඈ රැක්ම ඇත්තේ පුතුගේ අතේ..// නංවලා ස්නේහේ රට දෑ කෙරෙහි රැකගන්න හැමදා ඇගෙ නාමෙ පුතුනේ මා බාල කාලේ අම්මාගෙ උකුලේ නැළවූණු තාලේ මට තාම සිහිවේ . මා බාල කාලේ ඉගෙනීම ඔබගේ ධනයයි සිතා ඉවසීම කරුණා ගුණදම් ගොතා...// දුරලන්න වංචා මද මාන ඊර්ෂ්යා. මේ වාගෙ මට ඈ අවවාද දුන්නා මා බාල කාලේ අම්මාගෙ උකුලේ නැළවූණු තාලේ මට තාම සිහිවේ..// පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ නෑ හීනවූයේ මෑණී මගේ ඈ දුන් ඔවා මී ගඟුලෙ හිනාමි මට තාම සිහිවේ ඇගේ ගීත රාවේ මා බාල කාලේ අම්මාගෙ උකුලේ නැළවූණු තාලේ මට තාම සිහිවේ මා බාල කාලේ පබැදුම : මාලිනී විජයවීර තනුව හා සංගීතය : ගායනය : සී.ටී ෆර්නැන්ඩෝ

Nothawen suriyakantha | නොතැවෙන් සුරියකාන්තා

Image
නොතැවෙන් සූරියකාන්තා - සූරියකාන්තා නොහඬන් සූරියකාන්තා - සූරියකාන්තා ..// සූරිය නාමෙන් නම ලදිමී  සූරිය වත මෙන් රුව ලදි මී   සූරියකාන්තා   සුරිය පැහැයෙන් සළු ලදි මී   සුරිය කුමරුනි ඔබ පත මී නොතැවෙන් සූරියකාන්තා - සූරියකාන්තා  නොහඬන් සූරියකාන්තා - සූරියකාන්තා ..// පිනි මල් ගඟුලෙන් මුව දෝවන්නී මිහි මත රන් සළු පිළි පළඳන්නී සුරිය මල් කිම  තවම තැවෙන්නී හිනැහෙන්නයි මා දවස ගෙනෙන්නී නෙළුම් විලේ නැත ඔබෙ ළන්දු සුවඳ කුළේ නැත ඔබෙ ළන්දු කොපමණ තැවුනත් මල්   ළන්දු මා නොවෙදෝ ඔබ දිනු ළන්දු  නොතැවෙන් සූරියකාන්තා - සූරියකාන්තා  නොහඬන් සූරියකාන්තා - සූරියකාන්තා ..// අහස පොළව කෙදිනද හමුව න්නී  මලකට හිමිකම් කෙලෙස පුද න්නී    ලොව මෙහෙවර මගේ උරුමය ව න්නී    මා එන පෙර මග බලා සිටි න්නී  නෙළුම් විලේ නැත ඔබෙ ළන්දු සුවඳ කුළේ නැත ඔබෙ ළන්දු කොපමණ තැවුනත්  ඔබෙ  ළන්දු මා නොවෙදෝ ඔබ දිනු ළන්දු  නොතැවෙන් සූරියකාන්තා - සූරියකාන්තා  නොහඬන් සූරියකාන්තා - සූරියකාන්තා ..// ගායනාව : අබේවර්ධන බාලසූරිය සමඟින් ඉන්ද්‍රානි බෝගොඩ ගේය පද: දයා ද අල්විස් තනුව:වික්ටර් රත්නායක චිත්‍රපටය : සුරියකන්තා

Ma prarthana asawo | මා ප්‍රාර්ථනා ආශාවෝ

Image
මා ප්‍රාර්ථනා ආශාවෝ ආරාධනා ඇසුනාදෝ පෙර ආත්මයේ පැතුවාදෝ මේ ආත්මයේ හමුවේදෝ...// දිළි දිළි දිළි දෙනෙතේ නුරාකැන් දිළේ සැලි සැලි සැලි දෙතොලේ සිනාකැන් සැලේ රැඳි රැඳි රැඳි තුරුලේ වෙලී පෙම්බදී  බැඳි බැඳි බැඳි වෙසෙමී සදාකල් ප්‍රියේ මනහාරී වනරේඛා යායේ  පාවී මනලෝලී බිඟුදෑලේ පෙම් ගී රාවේ මා ප්‍රාර්ථනා ආශාවෝ ආරාධනා ඇසුනාදෝ පෙර ආත්මයේ පැතුවාදෝ මේ ආත්මයේ හමුවේදෝ...// පෙන රැළි රැළි විහිදී පැතුම් සාගරේ දිය සුළි සුළි කැරකේ හැඟුම් යා කෙරේ රස සිතිවිළි අතරේ සුපෙම් මාවතේ ඔබ අත ගෙන ගෙවමී යොවුන් ජීවිතේ රසකාමී අනුරාගී වූ පෙම්ලෝකේ මධුරාවී ඔබ මාගේ මේ සංසාරේ මා ප්‍රාර්ථනා ආශාවෝ ආරාධනා ඇසුනාදෝ පෙර ආත්මයේ පැතුවාදෝ මේ ආත්මයේ හමුවේදෝ...// ගායනය : එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක  පද රචනය : ධර්මසිරි ගමගේ  සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස 

Sadu dantha da | සාධු දන්ත ධා

Image
සාධු දන්ත ධා වඳිම් සාර ශාන්ති ශ‍්‍රී පතාලා.. සාධු දන්ත ධා ශාක්‍ය ලෝ හිමී විරාජ දෙසු දහම් අමා... ශාක්‍ය ලෝ හිමී විරාජ දෙසු දහම් අමා... සාධු දන්ත ධා සෙංකඩගල ශුද්ධ නගරෙ ඇසළ පෝය පෙළහරේ...// ආදි කාලෙ රජ මැතිඳුන්.. ආදි කාලෙ රජ මැතිඳුන්.. සාදරෙන් වදිම් අමා... සාදරෙන් වදිම් අමා   සාධු දන්ත ධා දන්ත ධාතු ප‍්‍රාතිහාර්ය සෝභමාන දීපයේ..// මෝක්ෂ සැපේ ශ‍්‍රී විහිදේ මෝක්ෂ සැපේ ශ‍්‍රී විහිදේ සාදරෙන් වඳිම් අමා  සාදරෙන් වඳිම් අමා  සාධු දන්ත ධා වඳිම් සාර ශාන්ති ශ‍්‍රී පතාලා.. සාධු දන්ත ධා සාධු දන්ත ධා පබැදුම : සී. වීරසේකර තනුව හා සංගීතය :මොහොමඞ් ගවුස් ගායනය :විශාරද සුජාතා අත්තනායක

Udagiren Dinapathida | උදාගිරෙන් දිනපතිදා

Image
උදාගිරෙන් දිනපතිදා අරුණ ගෙනන තුරු නිධානයෙන් මුණි සිරිපා කිරණ දිලෙන තුරු උදාවඳින සිරි දළදා සමිදු වෙසෙන තුරු සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු සිරිමහ බෝ පත් පිස එන පවන වාසනා // සමාධි පිළිමයෙ මහිමය මගෙම වාසනා තිසා වැවේ අමා වතුර සිහිල වාසනා පරාදීසයකි මගෙ රට නිබඳ වාසනා පරාදීසයකි මගෙ රට නිබඳ වාසනා උදාගිරෙන් දිනපතිදා අරුණ ගෙනන තුරු නිධානයෙන් මුණි සිරිපා කිරණ දිලෙන තුරු උදාවඳින සිරි දළදා සමිදු වෙසෙන තුරු සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු ථූපාරාමයෙ සම්බුදු කිරණ වාසනා // සීගිරි මනරම් සිතුවම් නෙතට වාසනා සඳකඩ පහනේ රූසිරි වරුණ වාසනා සසර වසනතුරු මේ රන් දෙරණ වාසනා සසර වසනතුරු මේ රන් දෙරණ වාසනා උදාගිරෙන් දිනපතිදා අරුණ ගෙනන තුරු නිධානයෙන් මුණි සිරිපා කිරණ දිලෙන තුරු උදාවඳින සිරි දළදා සමිදු වෙසෙන තුරු සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු ගායනය - රූපා ඉන්දුමතී

Mage dasa obe kiya oba pawasanawa | මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා

Image
මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා මම සැනසෙනවා...// ආදරයේ අනන්ත මං තලාව ඔස්සේ මගේ නුවන් ගමන් කලේ ඔබ පිටු පස්සේ....// මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා මම සැනසෙනවා... මගේ අතින් නළල තැබූ කුංකුම තිලකේ ඔබගේ රුව නොදැක සොවින් නළලත වැළපේ...// මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා මම සැනසෙනවා... මගේ දෑස වැළපෙන උණුසුම් කඳුලැල්ලේ ඔබේ දෙපා ගමන් කරයි සිතු සැනසිල්ලේ ...// මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා මම සැනසෙනවා... පදරචනය :ඩෝල්ටන් අල්විස් සංගීතය :ප්‍රේමදාස අතුකෝරල ගායන ශිල්පිණී නන්දා පතිරණගේ

Amme yanta epa duru ratakata | අම්මේ යන්ට එපා දුරු රටකට

Image
අම්මේ යන්ට එපා දුරු රටකට... කවුරුත් නෑ මගෙ තනියට.. එහෙම කලෝතින් හොඳ නෑ අම්මේ හිතට දුකයි පොඩි පුතු හට.....// අම්මේ යන්ට එපා දුරු රටකට... උඩින් පියාඹා කරණම් ගසනා මිග් යානා මට ඕනේ නෑ.. බිමින් ඇදී යන වටේට කැරකෙන මෝටර් කෝච්චි ඕනේ නෑ... ඇස් දෙක නටවන ගී කියමින් යන බෝනික්කන් මට ඕනේ නෑ.. ඕවා ඔක්කොම ගේනව කීවට ඔබේ පුතා රැවටෙන්නේ නෑ....... අම්මේ යන්ට එපා දුරු රටකට... කවුරුත් නෑ මගෙ තනියට.. එහෙම කලෝතින් හොඳ නෑ අම්මේ හිතට දුකයි පොඩි පුතු හට..... අම්මේ යන්ට එපා දුරු රටකට... පාටින් පාටට කොළ අලවා උඩ යවන සරුංගල් හරි හැඩනේ.. ලෑලි කැබලි ටින් පතුරු යොදාලා හදන කරත්තය මට අගනේ.. ඔබේ අතින් මට ලුණුයි බතුයි දෙක අනලා කැව්වත් හරි රසනේ.. ඔබේ තුරුල්ලේ උණුසුම අම්මේ විසිතුරු ලෝකෙට වැඩි සැපනේ..... අම්මේ යන්ට එපා දුරු රටකට... කවුරුත් නෑ මගෙ තනියට.. එහෙම කලෝතින් හොඳ නෑ අම්මේ හිතට දුකයි පොඩි පුතු හට.....// අම්මේ යන්ට එපා දුරු රටකට... ගායනය - රෝයි පීරිස් ගී පද සහ සංගීතය - චන්ද්‍රපාල කුරුවිටගේ

Sihinayaki oba nihada madiyam ra | සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ

Image
සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ නිහඬ මා හද සනසනා ඉරකි ඔබ මට සදකි ඔබ මට කිසිදු කිසි විට සමුනොගන්නා සයුරු රළ ඔබ ඈත සමුදුර සයුරුතෙර මා හමුවනා සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ නිහඬ මා හද සනසනා යුග ගණන් අප වෙන්ව ආ මඟ සොදුරු නිම්නෙක එක්වෙලා දුක් සුසුම් නැති අපේ ලොව තුල සිනා මල් පෙති විසිරිලා හිරුට තනි නැත සදුත් නැත තනිවී එකම අහසක හමුවෙලා ලොවම සසලව බලා සිටියාවේ යලිදු අප හද ලංවෙලා ගායනය - නිරංජලා සරෝජිනී සමඟ බණ්ඩාර අතාවුද පදරචනය - කුසුම් පීරිස් සංගීතය - එච්.එම්.ජයවර්ධන

Wassakata ida athath ahas kusa dasa athama | වැස්සකට ඉඩ ඇතත් අහස් කුස දස අතම

Image
වැස්සකට ඉඩ ඇතත් අහස් කුස දස අතම හිරුට එපමණ කුමට පුංචි පෙදෙසක් ඇතිය සිනාසී සිනාසී දෙතොල් ඉරි තැළෙද්දී අඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට පුංචි කුහුඹුවන්ටත් තියේ උන් හෙවනැල්ල බිඳී ගියමුත් බඳුන් අතින් දිය බොනු හැකිය ඔබට මා මටද ඔබ හමුවුනෝතින් සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන සයුර ගොඩ එන තුරා කඳු මුදුන් ඇත උසට ගලන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවෙද ඔබට මා මටද ඔබ හමුවුනෝතින් සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන ඔබට මා මටද ඔබ හමුවුනෝතින් සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන ගායනය - නන්දා මාලිනී පදරචනය - ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය - එච්.එම්.ජයවර්ධන

Bonda Meedum Kadu Ralle | බො‍ද‍ මී‍දු‍ම්‍ ක‍ඳුරැ‍ල්ලේ සුරංගනා රජ දහනේ

Image
බො‍ද‍ මී‍දු‍ම්‍ ක‍ඳුරැ‍ල්ලේ සුරංගනා රජ දහනේ ඔබේ සිනා කදුළු බිදක් හෙටත් වාසනා හෙටත් වාසනාවන් සිහින නදී රළ රැල්ලේ පැතුම් රුවල් රන් ඔරුවේ ඔබේ නිමල නිද්‍රා ගී මටත් වාසනා මටත් වාසනාවන් සිතක තැවුල් සන්සිදිලා මිටියාවත මල් ඉසිලා.. මල් වරුසා සුවද සමය මටත් වාසනා.. මටත් වාසනාවන්.. රැසියන්නේ  නො නිමි නාද සැවුල් කොවුල් විහග ගීත අපට ඇරුණු හුදකලාව මටත් වාසනා.. හෙටත් වාසනවන්... සිහින නදී රළ රැල්ලේ පැතුම් රුවල් රන් ඔරුවේ ඔබේ නිමල නිද්‍රා ගී මටත් වාසනා... මටත් වාසනාවන් බො‍ද‍ මී‍දු‍ම්‍ ක‍ඳුරැ‍ල්ලේ සුරංගනා රජ දහනේ ඔබේ සිනා කදුළු බිදක් හෙටත් වාසනා හෙටත් වාසනාවන් මාල හතක් පළදන්නට හීන හතක් එළිවන්නට දොළොස් මහේ පහන් එළිය මටත් වාසනා.... හෙටත් වාසනාවන්.. අනාගතය කිරුළු දරා දෙපා මුලට වඩින තුරා ලවන් පොගන මියුරු තෙපුල් මටත් වාසනා.... හෙටත් වාසනාවන්... මටත් වාසනා.... හෙටත් වාසනාවන්...... මටත් වාසනා.....හෙටත් වාසනාවන්..... ගායනය : සුජාතා අත්තනායක , අබේවර්ධන බාලසුරිය 

Walakulin basa saman kulath wanda | වළාකුලින් බැස සමන් කුළත් වැඳ

Image
වළාකුලින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා... අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා... දැවේ දැවේ බිම් දිදී රදස් දුම් බැලූ බැලූ හැමතේ... යවවු යවවු මා එහේ මෙහේ හා ගිමන් නිවා පොළොවේ...  වළාකුලින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා... අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා... දැවේ දැවේ බිම් දිදී රදස් දුම් බැලූ බැලූ හැමතේ... යවවු යවවු මා එහේ මෙහේ හා ගිමන් නිවා පොළොවේ... එදා රටේ මේ දනෝ තැතින් මා තැනින් තැනේ රඳවා... මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට ලොවේ නමක් තැබුවා...  වළාකුලින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා... අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා... එදා රටේ මේ දනෝ තැතින් මා තැනින් තැනේ රඳවා... මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට ලොවේ නමක් තැබුවා. වැඩක් නොගත් දිය හඬා දොඩා මේ මුවේ බලා යනවා... හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන් එලෝ යනවා වළාකුලින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා... අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා... වැඩක් නොගත් දිය හඬා දොඩා මේ මුවේ බලා යනවා... හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන් එලෝ යනවා වළාකුලින් බැස සමන් කුළත් වැඳ එලෝ බලා යනවා... අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා

Dakuna nagenahira batahira uthurada eka kodiye sewane | දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ සෙවනේ

Image
දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ සෙවනේ එකම දැයක් වී මහ බලයක් වී පෙරටම යමු ලංකා ලංකා ඉපදුනු අප හට ලක් පොළොවේ සුරු විරු කම් උපතින් හුරුවේ දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මූළු ලෝ කන්දට කෙන්දට කොන්දට හුරුවී වන් වන් අතැ සුරුවී විපත පවා සැපතට හරවාලා පෙරටමැ යමු ලංකා ලංකා ඉපැදුණු අප හට ලක් පොළොවේ සුරුවිරුකම් උපතින් හුරු වේ දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුලු ලෝ වැටුණත් නැඟිටිමු වැටි වැටි නැඟිටිමු නැඟැ නැඟැ යමු දියුණේ බාධා වලටද බාධා ගෙනැ දී පෙරටමැ යමු ලංකා ලංකා ඉපැදුණු අප හට ලක් පොළොවේ සුරුවිරුකම් උපතින් හුරු වේ දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුලු ලෝ  වීර විකුම් පෑ ආදි මුතුන් ගිය පාර අපේ උරුමේ නෑර ඔවුන් මඟ සූර ලෙසින් වැදැ පෙරටමැ යමු ලංකා ලංකා ඉපැදුණු අප හට ලක් පොළොවේ සුරුවිරුකම් උපතින් හුරු වේ දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුලු ලෝ පබැදුම : අරිසෙන් අහුබුදු ශූරීන් තනුව හා සංගීතය : සුනිල් සාන්ත ගායනය : සුනිල් සාන්ත

Dewadara Gas Atharin Ebi Balana Sadawathiye | දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ

Image
දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ // පුංචි ලදැරියක් වාගේ මා සුරතේ දැවටීලා ඒ කාලේ ඈ ආවා ඔබත් දන්නවා ඒ කාලේ ඈ ආවා ඔබත් දන්නවා දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ මියුරු සරින් ඇය මා හා තෙපලූ ඒ ප්‍රාර්ථනා සුළගේ පාවී ගිය දා මා තනි වූවා සුළගේ පාවී ගිය දා මා තනි වූවා දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ // ගායනය - විජය කුමාරතුංග සංගීතය - නිමල් ගුණසේකර ගී පද - ආනන්ද පද්මසිරි

Oba nethu ma ha randa | ඔබ නෙතු මා හා රන්දා

Image
ඔබ නෙතු මා හා රන්දා මා සිතු ඔබ හා බන්දා ආදර හැඟුමන් හද තුළ අතුරා ඇයි දැන් සැඟවෙන්නේ මා සිත රිදවන්නේ කාටත් දෙන ඔය නෙතේ කැලුම් සැමට පිදෙන ඔබෙ නුරා බැලුම් මුතු අතරින් එන මුකුළු සිනාවෝ ආදර සිත කලඹයි මා ආදර හද කලතයි ඔබ නෙතු මා හා රන්දා මා සිතු ඔබ හා බන්දා ආදර හැඟුමන් හද තුළ අතුරා ඇයි දැන් සැඟවෙන්නේ මා සිත රිදවන්නේ සසර සැරිසරා සෙව් සිහිනේ පෙරුම් පුරාලා බැන්ද සෙනේ තලන්නෙපා අත අරින්නෙපා ආදර සිත ඇත්තයි මා ආදර හද සත්තයි ඔබ නෙතු මා හා රන්දා මා සිතු ඔබ හා බන්දා ආදර හැඟුමන් හද තුළ අතුරා ඇයි දැන් සැඟවෙන්නේ මා සිත රිදවන්නේ මා සිත රිදවන්නේ  මා සිත රිදවන්නේ  ගායනය - විජය කුමාරතුංග තනුව - සරත් දසනායක පද - සේන සමරසිංහ

Eka Gini Koorai (Adarayata kohido badha naththe) | ආදරයට කොහි දෝ බාධා නැත්තේ

Image
එක ගිණිකූරයි මුළු ගෙදරම තිබුණේ ඒකෙන් කුප්පි ලාම්පුව දල්වා ඔබට ලියන්නට ඉඳගත්තා ඔබට ලියන්නට ඉඳගත්තා ආදරයට කොහි දෝ බාධා නැත්තේ ඔබ ලඟදිම එනවා දෝ මේ පැත්තේ කලකින් නැහැ ඔබෙ සිනහව දැක ගත්තේ පොඩි අක්කාගෙත් හිත දැන් වෙනස් වෙලා ඉස්සර වාගේ කරදරයක් දැන් නෑ සුළඟ හරි තදයි වහින්න වාගෙයි සුළඟ හරි තදයි වහින්න වාගෙයි ඔබ ඇති තැන මට කිසිවක් නෑසෙයි ජනෙල් කවුළුවෙන් සුළඟ ඇවිල්ලා වියරු වැටී වාගේ ලොව හොල්ලා කුප්පි ලාම්පුව නිවුණා කුප්පි ලාම්පුව නිවුණා ආදරයට කොහිදෝ බාධා නැත්තේ  පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස් තනුව සහ සංගීතය : පුණ්‍යසිරි මහවත්ත ගායනය : ශ්‍රීමතී තිලකරත්න

Balanna aruna samaga lowata pipena | බලන්න අරුණ සමග ලොවට පිපෙන

Image
බලන්න බලන්න අරුණ සමග ලොවට පිපෙන තඹරු ගණන බලන්න මලක නොරැඳි මලක රොණක බඹරු ඇදෙන විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙණෙන බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න // යුගෙන් යුගය සතුට සැපත සොය සොයා මිනිස් මොළය අහස පොළොව අභිබවා ගියා මලින් මලට ඇදන බඹරු නොදැක ඇස පියා බලන්න බඹර තුඩක මලක රහස බලන්න බලන්න අරුණ සමග ලොවට පිපෙන තඹරු ගණන බලන්න මලක නොරැඳි මලක රොණක බඹරු ඇදෙන විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙණෙන බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න කොහෙන් පැමිණ කොහේ යමුද දන්නෙ නෑ එදා හොඳද මෙදා හොඳද අපිම දන්නෙ නෑ සදාතනික සතුට සැපත අපට එන්නෙ නෑ සොයන්න මොටද නොතිර ලොවක රහස බලන්න බලන්න අරුණ සමග ලොවට පිපෙන තඹරු ගණන බලන්න මලක නොරැඳි මලක රොණක බඹරු ඇදෙන විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙණෙන බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න // ගායනය - විජය කුමාරතුංග තනුව - මෙලෝඩියන්ස් පද - උපාලි අත්තනායක

Waren heen sare ridi walawe | වරෙන් හීන්සැරේ රිදී වලාවේ

Image
වරෙන් හීන්සැරේ // වරෙන් හීන්සැරේ රිදී වලාවේ අනේ හෙමින් හෙමින් ඇදී යන්න වලාවේ අනේ හෙමින් හෙමින් ඇදී යන්න වලාවේ සිසිල් පවන් බිබී  සිසිල් පවන් බිබී කිරා වැටේ සිහින ලොවේ අඩ නින්දේ සතුන් මෙයාමේ වරෙන් හීන්සැරේ රිදී වලාවේ.. රෑ යාමයේ... හීන්සැරේ... වරෙන් අනේ.. හාවෝ පෙම් කෙළියේ යන්නේ රෑ යාමෙදෝ රෑ යාමෙදෝ රෑ යාමෙදෝ  හාදු දිදී තණ පඳුරේ නටන්නේ, පනින්නේ හාවෝ හාවෝ …අනේ හීන්සැරේ …හහා හීන්සැරේ වරෙන් හීන්සැරේ රිදී වලාවේ  ඇයිද සැලී සැලී සර සර ගා හඬන්නේ ලියේ නිදන් තුරු හිමි හා තුරුල්ලේ..// අන්න මහමූනා පියා  සොයා  හඹා ඒ අන්න මහමූනා පියා  සොයා  හඹා ඒ වවුලෝ කියාපන්කො වාසි අතට හෝයියා ඒත් හීන්සැරේ.... හහා හීන්සැරේ… වරෙන් හීන්සැරේ රිදී වලාවේ  හඳ මාමා කිරි දෝලා කිරි මුට්ටිය බිඳ දාලා හීන් සැරේ බඩගා එනවෝ..// අනේ සුදු මූණත් හැකිලිලා නොවේදෝ අනේ සුදු මූණත් හැකිලිලා නොවේදෝ අයියෝ රිංගාලා බඩගාලා සීරිලා …. මාමේ මාමේ අනේ හීන්සැරේ… හහා හීන් සැරේ ….වරෙන් හීන්සැරේ රිදී වලාවේ අනේ හෙමින් හෙමින් ඇදී යන්න වලාවේ අනේ හෙමින් හෙමින් ඇදී යන්න වලාවේ රෑ යාමයේ ….හීන්සැරේ …වරෙන් අනේ… පබැදුම : සුනිල් සාන්ත තනුව හා සංගීතය : සුනිල්

Noriko san aye enna | නොරිකො සන් ආයෙ එන්න

Image
නොරිකො සන් ආයෙ එන්න නොරිකො සන් ආයෙ එන්න සකුරා මල් සුවද දැනෙනවා සද විතරක් පාර කියනවා නුඹේ ඇසින් සද රැස් විහිදෙනවා නොරිකො සන් ආයෙ එන්න... හිම කබාය නෑ උණුසුම් නුබේ උවන මට සැනසුම් පාර දිගේ මල් හැලිලා නුබේ නමට අමතනවා   නුබේ නමට අමතනවා නොරිකො සන් ආයෙ එන්න නොරිකො සන් ආයෙ එන්න   සකුරා මල් සුවද දැනෙනවා  සද විතරක් පාර කියනවා  නුඹේ ඇසින් සද රැස් විහිදෙනවා  නොරිකො සන් ආයෙ එන්න...  සකේ බිංදු බිංදු පිරුන බදුන දෙකට බෙදා ගන්න හිතේ පිරුණු ආදර කවි නුබේ නමට යළි ගයන්න  නුබේ නමට යළි ගයන්න  නොරිකො සන් ආයෙ එන්න නොරිකො සන් ආයෙ එන්න   සකුරා මල් සුවද දැනෙනවා  සද විතරක් පාර කියනවා  නුඹේ ඇසින් සද රැස් විහිදෙනවා  නොරිකො සන් ආයෙ එන්න...  ගායනය : දයාන් විතාරණ ගී පද : දිනිති දීපිකා සංගීතය : මහේෂ් විතාන

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Image
එම්බා ගංගා නවතිනු නවතිනු නවතිනු නවතිනු ගංගාවේ.../// එම්බා ගංගා ගංගාවේ ගංගාවේ ගංගාවේ කන්ද කපවු ගල් පෙරළවු වේලි බඳිවු ගමන බිඳිවු ගංගාවේ ගංගාවේ දිය අරවව් වැව් පුරවව් කෙත් කරවව් කුස පුරවව් ගංගාවේ ගංගාවේ  එම්බා ගංගා නවතිනු නවතිනු නවතිනු නවතිනු ගංගාවේ.../// එම්බා ගංගා ගංගාවේ ගංගාවේ ගංගාවේ  හිටු එම්බා ගඟ පුම්බා දිය ලම්බා පැරකුම්බා ගංගාවේ ගංගාවේ වැඩට අපේ දිය නො මැදී මුහුද කරා යනු වැරදී ගංගාවේ ගංගාවේ  එම්බා ගංගා නවතිනු නවතිනු නවතිනු නවතිනු ගංගාවේ.../// එම්බා ගංගා ගංගාවේ ගංගාවේ ගංගාවේ  පද රචනය : අරිසෙන් අහුබුදු ශූරීන් තනුව හා සංගීතය , ගායනය : සුනිල් සාන්ත

Sara sonduru mal patalee | සරා සොඳුරු මල් පැටලී

Image
සරා සොඳුරු මල් පැටලී ලිහී නොයන ජීවිතයයි නුරා දියර ගඟුල් හැලී සිහිල සදන ජීවිතයයි.... කැකුළු හිනා මුතු එළියේ අඳුරු ලෙනේ දොර මතුවේ... සැලේ මහද සැලේ...සැලේ... වනේ මලක හද විමනේ බඹරු වඩින ජීවිතයයි පිපාසිතවු මරු කතරේ පොකුරු වසින ජීවිතයයි ගලා හැලෙන සිලි සිලියේ අමා හඳක සුව ගෙන ඒ.. නිවේ මහද නිවේ...නිවේ...  කුණාටු මැද බොල් අහසේ එබී බලන සඳ පලුවයි පුරා හඳට ඉඩ සලසන අනාගතය ඔබ පමණයි සැලේ මහද සැලේ...සැලේ... අනාගතය ඔබ පමණයි සැලේ මහද සැලේ...සැලේ... අනාගතය ඔබ පමණයි සැලේ මහද සැලේ...සැලේ... පබැදුම : මහගම සේකර ( නන්දා මාලනිය ගයන කොටස ) , සුගතපාල සෙනරත් යාපා ( වික්ටර් රත්නායක ගයන කොටස ) තනුව හා සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ගායනය : විශාරද නන්දා මාලනී සමඟ ආචාර්ය වික්ටර් රත්නායක සිනමා පටය : හන්තානේ කථාව (1969)

Jeevithaya oben dana adarayen | ජීවිතය ඔබෙන් දැන ආදරයෙන්

Image
ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස මිහිර විඳින්නම් ලඳුනි දයාබර කාලයක අයාලේ පාවී ගිය සිත ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක ආදරය තරම් සුවයක් මිහිමත නැත කියා ගයයි දුර ඉඳන් ලිහිණියක  ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස මිහිර විඳින්නම් ලඳුනි දයාබර  සාගරය තුරුල්ලේ යාවී ගං දිය විඩා නිවයි සිඳු රළින් හැඟුම්බර ස්නේහයක උපන් කවියක් කැට තලයක ලියා තබමි නුඹ නමින් සදාතන  ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස මිහිර විඳින්නම් ලඳුනි දයාබර  ගායනය - දයාන් විතාරණ පද රචනය - වසන්ත කුමාර කොබවක සංගීතය - නවරත්න ගමගේ

Anantha Wu Derana Sara | අනන්ත වූ දෙරණ සරා

Image
අනන්ත වූ දෙරණ සරා දෑස නිවන නිලක් සොයා අහස් ගව්ව - නැග ගත්තේ නිල්ල දකින්නයි ගලක ගලන - සිඟිති දොලක සිහිල විඳින්නයි ගසක වෙලෙන - සිහිනි වැලක පහස ලබන්නයි  වේදනාවෙ තෙත මීදුම - දෑත විදා උඩ නැගිලා එබී බලන - සහන් එළිය වසා දිවෙනවා සදාතනික සිහින ලොවක මා තනි වෙනවා පැතූ පැතුම් අනන්තයට ඉගිලී යනවා වහස් බැලුම් – අඳු නෙත දා දහස් සිතුම් මල් ගවසා මහෝඝයේ කඩුළු දොරින් දොරට වඩින්නේ මා වට කොට ආදරයේ රටා වියන්නේ සඳුන් කළල - දෙතොල් විතක නුරා පොවන්නේ සඳුන් කළල - දෙතොල් විතක නුරා පොවන්නේ නුරා පොවන්නේ ගේය පද : සුගතපාල සෙනරත් යාපා සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස. ගායනය :සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි චිත්‍රපටය : හන්තානේ කතාව 1969.

Sina Naganni | සිනා නගන්නී ලැසි ලැසි ගමනින් එන්නී

Image
සිනා නගන්නී ලැසි ලැසි ගමනින් එන්නී ඔමරි කරන්නී ඇඳ වට කැරකී යන්නී විදුලිය වැන්නී කෙඳිරිලි හඬට දුවන්නී බෙහෙත් දෙවන්නී ගිලනුන් සනසාලන්නී දුක විමසන්නී ඉඳ හිට සැර වැර වන්නී ඔවා දෙවන්නී කන බොන දේ පවසන්නී හොරෙන් බලන්නී මා හා පෙමින් බැඳෙන්නී කතා කියන්නී තනිවම සිහින මවන්නී  සිනා නගන්නී ලැසි ලැසි ගමනින් එන්නී ඔමරි කරන්නී ඇඳ වට කැරකී යන්නී විදුලිය වැන්නී කෙඳිරිලි හඬට දුවන්නී බෙහෙත් දෙවන්නී ගිලනුන් සනසාලන්නී  සුදෙන් දිලෙන්නී මා මන පුබුදාලන්නී රැජිනිය වැන්නී රෝහල වටා සරන්නී පොතේ ලියන්නී මගෙ නම ගම විමසන්නී කල මැන ගන්නී මා හැර පිටුපා යන්නී සිනා නගන්නී ලැසි ලැසි ගමනින් එන්නී ඔමරි කරන්නී ඇඳ වට කැරකී යන්නී විදුලිය වැන්නී කෙඳිරිලි හඬට දුවන්නී බෙහෙත් දෙවන්නී ගිලනුන් සනසාලන්නී  ගී පද :- සුනිල් සරත් පෙරේරා සංගීතය සහ ගායනය :- සනත් නන්දසිරි

Premayata Nim Him Nathi | ප්‍රේමයට නිම් හිම් නැති

Image
ප්‍රේමයට නිම් හිම් නැති උල්පත උනා යයි ඔබම කී කවියානනේ.. මා ඔබෙයි ඔබගෙයි සදාදර පෙම්වතී  ප්‍රේමයට නිම් හිම් නැති විසල් අහසට දුක දැනී හිතුනු විට වැලපෙනු හැකී සැඩ කුනාටුව වියරුවී උනුසුම් සුසුම් වගුරනු ඇතී මට මගේ ඇස් දෙක විතරමයි නිලුපුල් පරදතැයි ඔබම කී  ප්‍රේමයට නිම් හිම් නැති රෑ දිවා ඔබ ගැන තැවී නිල සේදිලා රතු පෑ වුනී මට මගේ ඇස් දෙක විතරමයි නිලුපුල් වලට මා ණය නැතී මේ..අලුත් කඳුළුත් ඔබටමයි ඔබෙ කවි වලට ගන්නට හැකී.  ප්‍රේමයට නිම් හිම් නැති උල්පත උනා යයි ඔබම කී කවියානනේ.. මා ඔබෙයි ඔබගෙයි සදාදර පෙම්වතී  ප්‍රේමයට නිම් හිම් නැති ගායනය - විශාරද දීපිකා ප්‍රියදර්ශනී පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ තනුව හා සංගීතය - නිමල් ජයකොඩි

දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට | Dasa Wasagami Oba Nopenennata

Image
දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට සිහිනෙක දැවටී ඔබ එනවා ... හිත හිර කරගමි ඔබට නො එන්නට සිතුවිල්ලක් වී ඔබ එනවා.... අහසට ඔසවන විටකදි නෙත් යුග හිරු සඳු වී ඔබ හිනැහෙනවා... මිහිමත පියකරු දසුනක් වේ නම් ඔබ රුව ඒ තුළ දැවටෙනවා...  පාළුව ඉවසා මා තනි වෙද්දී සුසුමක් වී පසුපස එනවා... කල්පිත ලෝකේ ගී පොත පෙරළා ගීයක් වී ඔබ වැළපෙනවා...  අහසත් පොළොවත් ඔබමද මා හට නැතිවද ඔබ මා හැර යන්නේ තහනම් දේසේ බැඳි බැමි බිඳ දා කෙදිනද ඔබ මා හමු වන්නේ දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට සිහිනෙක දැවටී ඔබ එනවා ... හිත හිර කරගමි ඔබට නො එන්නට සිතුවිල්ලක් වී ඔබ එනවා....  පබැදුම : දයා ද අල්විස් තනුව හා සංගීතය : විශාරද ගුණදාස කපුගේ ගායනය : පුණ්‍යා කත්‍රිආරච්චි

ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා | Lanka Lanka Pembara Lanka

Image
ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා බලිතරු රාවණ ගැමුණු විජයබා නිරිඳුන් ලද ලංකා පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා විදු සක්විති මහ පැරැකුම් කිවිසුරු කිවියන් ලද ලංකා ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට සීත ගඟුල ලංකා ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා මහවැලි කළු කැළණි වලවේ අත් හතරක් ඇති ලංකා සමනොළ කිරිගල් පිදුරුතලා නෙක කෙහෙ ගැට බැඳි ලංකා තේ වතු පොල් වතු කෙත් වතු පෙළ උකුලේ නලවන ලංකා මුහුදින් අඟලක් ඔබ වැව හොත් එහි පනිමු පනිමු ලංකා ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා ඔබ හට අත පොවනට උන් මුන් හට ඉඩ නොතබමු ලංකා අවහොත් මෙහි උන් ලුහුබඳවා ගොළු මුහුද ගෙවමු ලංකා ගොඩ දිය අහසේ හැමතැනැ ඔබගේ නම කියවමු ලංකා අවසනැ ඔබට මැ පොහොරට මේ කය මෙහි මැ හොවමු ලංකා ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා පද රචනය : අරිසෙන් අහුබුදු ශූරීන් තනුව හා සංගීතය :ගායනය : සුනිල් සාන්ත

අනෝතත්ත විල නෙළුම නෙලාලා | Anothaththa Vila

Image
අනෝතත්ත විල නෙළුම නෙලාලා පීරා වරලස මල් ගවසාලා.. නාග ලොවින් බැස නාලිය ගමනින් වරගන පිරිවරිනා.....එරන්දතිය එනවා..... සිතක උපන් දොල සංසිදුවාලා.... මතක සිනාවෙන් මුව සරසාලා.... ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්.... සිතට තුරුළු වෙනවා..එරන්දතිය එනවා..... කෝමල ගමනින් කෝල හැඟුම් හල කාලය ගිරෙන් සිතුවිලි සේනාගෙන...// වරගන පිරිවරිනා එරන්දතිය එනවා...... අනෝතත්ත විල නෙළුම නෙලාලා පීරා වරලස මල් ගවසාලා.. නාග ලොවින් බැස නාලිය ගමනින් වරගන පිරිවරිනා.....එරන්දතිය එනවා..... සිතක උපන් දොල සංසිදුවාලා.... මතක සිනාවෙන් මුව සරසාලා.... ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්.... සිතට තුරුළු වෙනවා..එරන්දතිය එනවා..... නලලත කුංකුම තිලක තියාලා නීල වර්ණයෙන් කැළුම් නෙලාලා..// පාද කිකිණි සොලවා එරන්දතිය එනවා අනෝතත්ත විල නෙළුම නෙලාලා පීරා වරලස මල් ගවසාලා.. නාග ලොවින් බැස නාලිය ගමනින් වරගන පිරිවරිනා.....එරන්දතිය එනවා..... සිතක උපන් දොල සංසිදුවාලා.... මතක සිනාවෙන් මුව සරසාලා.... ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්.... සිතට තුරුළු වෙනවා..එරන්දතිය එනවා..... ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව සමඟින් අමිතා වැදිසිංහ පද රචනය : සුනිල් සරත් පෙරේරා සංගීතය : වික්ට