Posts

Showing posts from June, 2018

හිස් ටින් එකක් වාගෙයි . . . . . . His Tin Ekak Wagei Ape me Jeevithe Malli . . . . .

Image
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි                            කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි // කාටවත් බය නෑ අපි තිබුණත් නැතත් සල්ලි ඕ... තිබුණත් නැතත් සල්ලි අපි කයිවාරු නෑ මල්ලි ඒ වුණත් හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි අපේ පාටිය පිරිමි පාටියයි අපි ඡන්දෙ දෙන්නේ වාසියටයි කොයි කාගෙ ආණ්ඩුවත් අපට එකයි අප‍ට ඕනෑ ප්‍රජාතත්ත්‍රවාදයයි ඒ වුණත් හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි නැති බැරි එකා තල්ලු වෙනවා පුළුවන් මිනිහා හිනහා වෙනවා වැටි වැටි වුණත් නැගිටිනවා මගේ බලෙත් මං පෙන්නනවා ඇත්ත නේන්නම්... හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි කිසි වාසියක් නෑ හාං... කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි ගායනය - එච්.ආර්.‍ ජෝතිපාල , ජේ.ඒ. මිල්ටන් පෙරේරා , මොහිදීන් බෙග් සංගීතය - පී.එල්.ඒ. සෝමපාල ගී පද - සිරිල් ඒ. සීලවිමල දැන් මතකද චිත්‍රපටියෙන්

සොඳුරු ලොවට මල් වැහැලා . . . . . Soduru Lowata Mal Wahala . . . . .

Image
සොඳුරු ලොවට මල් වැහැලා                                  තව්තිසාවෙ හද මැවිලා හැඟුම් පහන් තාරකා පෙමට පායලා // රෝස මලට හිත වැටිලා බඹරෙකු සේ මා සොයලා ඈත හිටන් ඈත හිටන් ආවදෝ ඔබ පියඹාලා මා ආදරේ පායන් හදේ මා ආදරේ පායන් හදේ ගුණ සුවඳට මත් වෙනවා හද මල් උයනක් වෙනවා සිත උතුරා සිත උතුරා ගලන පැයේ ඔබ ළං වෙනවා මා ආදරේ පායන් හදේ මා ආදරේ පායන් හදේ සොඳුරු ලොවට මල් වැහැලා තව්තිසාවෙ හද මැවිලා හැඟුම් පහන් තාරකා පෙමට පායලා පෙමට පායලා ///// ගායනය - එච්.ආර්. ජෝතිපාල , සුජාතා අත්තනායක සංගීතය – ක්ලැරන්ස් විජේවර්ධන ගී පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ අපේක්ෂා චිත්‍රපටියෙන්

ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ . . . . Adare Sihinayaki Kiuwe Kauda Sudo . . . .

Image
ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ...//                  ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ...// ඔබෙ හෘද්දේ හිමි මා සුන්දර මධු පානේ වේ.. ඔබෙ හෘද්දේ හි... ජාති ජාති පෙම්වතී වී ඉපදෙන සංසාරේ..// මම ඔබෙ සෙවන පතා ආ....ඕ..... මම ඔබෙ සෙවන පතා සසරෙ ඉදන් ආවා සුදෝ.. ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ.. ආදරේ සිහිනයකි.... මල පූජිත පින පාදවන කුමාරි රාණි.. මගෙ ජීවෙ අද සතු ජීවන මිහිරි රාණි.. සුරලෝකේ සුවදෙන ප්‍රේම කුමාරි රාණි.. පොවලා ප්‍රේමෙ අමා...ආ... පොවලා ප්‍රේමෙ අමා අදුර මකා ඉදිමු සුදෝ ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ... ආදරේ සිහිනියකි....                                                                    ගායනය : එච්.ආර්.ජෝතිපාල / සුජාතා අත්තනායක පද රචනය : හර්බට් එම්. සෙනෙවිරත්න සංගීතය : පී.එල්.ඒ.සෝමපාල “ ප්‍රවේසම්වන්න“ චිත්‍රපටයේ ගීතයකි.

කිරි ඉතිරේවා නව වසරේ . . . . . Kiri Ithirewa Nawa wasare . . . .

Image
                                කිරි ඉතිරේවා නව වසරේ කිරි ඉතිරේවා නව වසරේ සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ කිරි ඉතිරේවා නව වසරේ කිරි ඉතිරේවා නව වසරේ දුක් දොම්නස නැති වුණා නව වසරක් එළඹුණා අවුරුදු දා ප්‍රීති වන්න මතුකරමින් මල්හිනා සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ කිරි ඉතිරේවා නව වසරේ.... බත බුලතින් අඩුනොවී සුරසැප මිහිපිට මැවී උපන් බිමේ කිරි ඉතිරී ගොඩ මඩ සරු සාර වී සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ කිරි ඉතිරේවා නව වසරේ.... ගායනය - එච්. ආර්. ජෝතිපාල

නින්ද නේන රාත්‍රියේ . . . . . Ninda Nena Rathriye . . . . .

Image
නින්ද නේන රාත්‍රියේ                                                මේ පාළු කාන්සියේ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ // නින්ද නේන රාත්‍රියේ කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන් තලේ කවුළුව සමීපයේ මම ඉන්නම් පවන් දැලේ ඉඳුනිල් නුවන් පියා සැතපෙම් රෑ නිසංසලේ නින්ද නේන රාත්‍රියේ මේ පාළු කාන්සියේ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ නින්ද නේන රාත්‍රියේ අරුණෝදයේ ඔබේ නෙතු සඟළේ කැලුම් සලා සූරිය පෙරම්බරේ දිනු අයුරින් සිනාසිලා සෙනෙහේ විජිණි පතින් සනහන් මට පවන් සලා නින්ද නේන   රාත්‍රියේ මේ පාළු කාන්සියේ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ නින්ද නේන රාත්‍රියේ ගායනය - එච්.ආර්. ජෝතිපාල ගී පද - අජන්තා රණසිංහ

හද විමන් දොරින් එන පැතුම් පවන් . . . . Hada Viman Dorin Ena Pathum Pawan. . . . .

Image
හද විමන් දොරින් එන පැතුම් පවන්  විහිද යයි හමා පියඹනා කල්පනා රසේ දේයි අමා මල් උයන් තුලින් විල් ගඟුල් මැදින් සුගන්දය ගලා එකතු වී කිති කැවී රැඳී එක්වෙලා සාගරයේ සිසිල් රැල් නැගි නැගී බිඳේ ආදරයේ සුපෙම් කැන් දිලි දිලී සැලේ ආකාසේ සඳේ ලප නැත මැකී ගියේ ආදරයේ පුරාණේ හිත ඇදී ගියේ උදා වූ වසන්තේ සදාකල් රැඳේවා හද විමන් දොරින් එන පැතුම් පවන්                                              විහිද යයි හමා පියඹනා කල්පනා රසේ දේයි අමා මී වදයේ ගුම් නදින් මත් වෙලා ඉමී ගී තනුවේ වදන් වැල් ලෙස ඇදී එමී ලෝ තලයේ අලුත් පෙම් කතාවක් ලියා පා කරමූ සුනිල්වන් වලාවක් සොයා උදා වූ වසන්තේ සදාකල් රැඳේවා හද විමන් දොරින් එන පැතුම් පවන් විහිද යයි හමා පියඹනා කල්පනා රසේ දේයි අමා මල් උයන් තුලින් විල් ගඟුල් මැදින් සුගන්දය ගලා එකතු වී කිති කැවී රැඳී එක්වෙලා ගායනය - එච්. ආර්. ජෝතිපාල , ඇන්ජලීන් ගුණතිලක සංගීතය - සරත් දසනායක ගී පද - කරුණාරත්න අබේසේකර කස්තුරි සුවද චිත්‍රපටය