පියාණනී මා නැවත උපන්නොත් . . . . . . Piyanani Maa Nawatha Upannoth . . . . .

අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා
ඔබේම පුතු වේවා
ශිල්ප සතර දී සිහසුන හිඳුවා
ඔබට අහිමි ලොව මා රජ කරවා
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
නෑ ඔබ වන් පියවරු හමුවන්නේ
පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා
ඔබේම පුතු වේවා
හිත මිතුරන් මා හැර ගිය දවසේ
ලොව ම එරෙහි වී තනිවුණු මොහොතේ
ඔබේ පැලේ නැත දොරගුළුලන්නේ
ඔබේ සෙනේ ගඟ නැත වියැලෙන්නේ
පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා
ඔබේම පුතු වේවා
ගායනය - අබේවර්ධන බාලසූරිය
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - සුනිල් ආරියරත්න
Comments
Post a Comment