මලක මෙලෙක හිතා ගන්න බැරි අතකින් . . . . Malaka Meleka Hitha Ganna Bari Athakin . . . .

මල් නෙලන්න එපා යාළුවේ
හිතක මෙලෙක හිතා ගන්න බැරි හිතකින්
පෙම් කරන්න එපා යාළුවේ //
රුවට රුවේ මල් පිපුණට තරඟ වැදී මල් නෙළුවට //
මලට ආදරේ නැත්තම් මල් මිය යාවී
ලොවේ ආදරේ නොලැබුණු පෙති ගිලිහේවී
මලක මෙලෙක.....
ආදරයක් නැති අතකින් මල් නෙලන්න බැරි වෙන්නයි //
හිත ඉහළින් පොකුරු පොකුරු පෙම් මල් පිපුණේ
හිත ඉහළින් නෙලන්න බැරි පෙම් මල් පිපුණේ
මලක මෙලෙක.....
ගායනය : අබේවර්ධන බාලසූරිය
පද රචනය : රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය: රෝහණ වීරසිංහ
Comments
Post a Comment