ගංඟා එන්නකෝ ගංඟා . . . . . Ganga Ennako Ganga . . . . .

මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංඟා..
දිරු ඉපල් අත් දඬු ඔසවාගෙන
නියඟෙන් දා ගිය සිරුර වාරු කර..//
බලා සිටිද්දී මා..අහක බලාගෙන ගලා ගියා ඔබ..
නෑ නේද ඉතින් යලි අහක බලන් යන්නේ..
ගංඟා එන්නකෝ ගංඟා...
පිපුරුණු දෙතොලින් අහස බලාගෙන
දිය පොද රහිතව අකාලට මහළුව..//
හඬා වැටෙද්දී මා..පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ..
නෑ නේද ඉතින් යලි අහක බලන් යන්නේ...
ගංඟා එන්නකෝ ගංඟා...
ගායනය : අබේවර්ධන බාලසූරිය
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
Comments
Post a Comment