බොඳ මීදුම් කඳුරැල්ලේ . . . . . Boda Midum Kadu Ralle . . . . . .

බොඳ මීදුම් කඳුරැල්ලේ..                                                     
සුරංගනා රජ දහනේ..
ඔබේ සිනා කඳුළු බිඳක්
හෙටත් වාසනා..හෙටත් වාසනාවන්..
සිහින නදී රළ රැල්ලේ..
පැතුම් රුවල් රන් ඔරුවෙ..
ඔබේ නිමල නෙත් ද්‍රාහින්
මටත් වාසනා..මටත් වාසනාවන්..

හිතක තැවුල් සංසිඳිලා..
මිටියාවත මල් ඉසිලා..
මල් වරුසා සුවඳ සමය
මටත් වාසනා..මටත් වාසනාවන්..                                                       


රෑ සියන්ගේ නොනිමි නාද
තැවුල් කොවුල් විහඟ ගීත
අපට ඇරුණු හුදකලාව
හෙටත් වාසනා..හෙටත් වාසනාවන්..

සිහින නදී රළ...

මාල හතක් පළදන්නට..
හීන හතක් එලිවන්නට..
දොලොස් මහේ පහන් එළිය
මටත් වාසනා..මටත් වාසනාවන්..
අනාගතය කිරුළු දරා..
දෙපා මුලට වඩින තුරා..
ලවන් පොඟන මියුරු තෙපුල්
හෙටත් වාසනා..හෙටත් වාසනාවන්..

මටත් වාසනා හෙටත් වාසනාවන්..///



ගායනය : අබේවර්ධන බාලසූරිය, සුජාතා අත්තනායක
පද රචනය : අජන්තා රණසිංහ
දුහුළු මලක් චිත්‍රපටයේ ගීතයක්



Comments

  1. "බොඳ මීදුම්" චිත්‍රපටියේ නෙවෙයි "දුහුළු මලක්" චිත්‍රපටියේ.

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීමට ස්තුතියි

      Delete

Post a Comment

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී