සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා . . . . Sihine Vilase Gilihevi . . . .

සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා
සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා //



දෑස පුරෝගෙන සීතල කඳුළැලි
සිතුවේ ඔබ ගැනමයි ළඳුනේ
පාළුව අතරේ මා ඔබ ඇසුරේ
සිතුවම් මා සිත හඬවන්නේ
කඳුලින් බොඳවී ආදර ලෝකේ
නෑ හමුවන්නේ අප ආයේ

සිහිනේ විලසේ ...

නාඳුනනා ලෙස ඈතට වෙමු අපි
සැඟවී ගිය පසු මල් සිහිනේ
මා තනි අතරේ මේ ඝන අඳුරේ
කොහි යම්දෝ නෑ වැටහෙන්නේ
සිහිනෙන් සිහිනේ ආදර ලෝකේ
නෑ හමුවන්නේ අප ආයේ

සිහිනේ විලසේ ... //



ගායනය - අතුල අධිකාරි, සමිතා මුදුන්කොටුව



Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී