ඇසිපිය සලන නිසා . . . . . Asipiya Salana nisa . . . .

ඇසිපිය සලන නිසා                                                                      
දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
කඳුළැලි වැටෙන නිසා
දැනගත්තා ඔබ හිත් ආකාසය වගෙයි කියා
මගෙ ලොව දිළිඳු නිසා
විඳගත්තා හැම රන් යහනා සිහිනයක් කියා

ඒ වුණාට ඔබ ඇසිපිය සලමින්
සැඟවුණ මගේ ආදරයෙන් ඇසිපිය සැලුවා
ඒ වගේම ඔබ කඳුළැලි සලමින්
නොහැඬූ මගේ යුග දෑසත් බොඳ කර දැමුවා

දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
විඳගත්තා හැම රන් යහනා සිහිනයක් කියා

ආදරේට ලොව සීමා නොහැ‍‍ඟෙයි
පොළොවේ සිටි මා ඔබ අහසේ රැගෙන ගියා
ඒ වගේම ඔබ අහසත් ‍පොළොවත්
මේ හැටි දුර බව මා හට හඳුණා දුන්නා

දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
විඳගත්තා හැම රන් යහනා සිහිනයක් කියා

ඇසිපිය සලන නිසා
දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
කඳුළැලි වැටෙන නිසා
දැනගත්තා ඔබ හිත් ආකාසය වගෙයි කියා
මගෙ ලොව දිළිඳු නිසා
විඳගත්තා හැම රන් යහනා සිහිනයක් කියා


ගායනය - අජිත් බණ්ඩාර



Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

ඈතින් පා සළඹේ නැගි නාදේ | athin pa salambe nagi nade

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana