Posts

Showing posts from November, 2017

චන්ද්‍ර මඬුල්ලෙන් සඳ රැස් ගලලා . . . . Chandra Madullen Sada Ras Galala . . . .

Image
චන්ද්‍ර මඬුල්ලෙන් සඳ රැස් ගලලා නිසංසලේ ලොව නිදහස් මොහොතේ මේ කුළු දේදුනු තරු දැක ගන්නට රෑ පිපිලා කළු රෝසමලක් // ඉසි කෝ වා ‍රැළි මවෙත නොවේවා හලාහල විෂෙන් උපන් චේතනා අශාවෙන් මන මෝදු කරද්දී රෑ පිපිලා කළු රෝස මලක් චන්ද්‍ර මඬුල්ලෙන්... තෙල බේරිය ගෙඩි පාට දෙතොල් පොපියා හස දෙන සුරවමියේ මල් ගොමුවේ ගං තෙරෙහි සරද්දී රෑ පිපිලා කළු රෝසමලක් චන්ද්‍ර මඬුල්ලෙන්... // ගායනය - අමරසිරි පීරිස්

ත‍ටු ඇවිල්ලා . . . . Thatu Avilla . . . . . .

Image
ත‍ටු ඇවිල්ලා                           ඔබ ඔහේ යනවා කොහොම කීවත් නවත්වන්නට බෑ ප්‍රේම ආලින්දයේ එන්න නවතිමු පය ගසාගෙන මේ සොඳුරු පොළොවේ කෙසේ නම් මම නවත්වන්නද මල් රේණු රේණු සැලෙනා හිවුඩු පිපෙනා පැතුම් පුරනා අහස යට ඔබ පාවී යන්නා තෙත සිඳුණු බොල් හීන සුළඟ දිගේ ත‍ටු ඇවිල්ලා ඔබ ඔහේ යනවා කොහොම කීවත් නවත්වන්නට බෑ ප්‍රේම ආලින්දයේ එන්න නවතිමු පය ගසාගෙන මේ සොඳුරු පොළොවේ නෙළූ පලවැල මග දමන්නද දෙපා උඩුකුරු හිසින් බිම හිඳිනා කුරුළු බිලිඳු හෙලන කඳුළු මහමෙරක් යට තනිව මා උන්නා ත‍ටු ඇවිල්ලා ඔබ ඔහේ යනවා කොහොම කීවත් නවත්වන්නට බෑ ප්‍රේම ආලින්දයේ එන්න නවතිමු පය ගසාගෙන මේ සොඳුරු පොළොවේ ගායනය - අමරසිරි පීරිස් සංගීතය - සමන්ත පෙරේරා ගී පද - උපුල් ශාන්ත සන්නස්ගල

ඇය යන්න ගියා මැකිලා . . . . Eya Yanna Giya Makila . . . . .

Image
ඇය යන්න ගියා මැකිලා වන සිරසක තුරු සෙවනැලි අතරේ ගී ගයමින් හිද මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා... ඇය යන්න ගියා මැකිලා... පිණි කඳුලක් මල්පෙති අග තවරා මිහිදුම් සළුවෙන් මුහුණ වසා නිල්ල නිලන නිල් කදුවැටි අතරේ සඳ එලියේ මං පෙත පාදා රහසක් සඟවා ගොළුවූ හදකින් යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා... යලි කවදාවත් හමුනොවෙනා බව.. මද පවණක් හිස අතගා කීවද.. අදහාගන්නට නොහැකිය කිසිදින.. ඇය යලි නොයෙතැයි ගිම්හානෙට පෙර.. ඇය යන්න ගියා මැකිලා... ගායනය : අමරසිරි පීරිස් පද රචනය : සුනිල් සරත් පෙරේරා සංගීතය : එච් එම් ජයවර්ධන

සොඳුරිය කාලය කොතරම් නපුරුද . . . . Soduriya Kalaya Kotharam Napuruda . . . .

Image
සොඳුරිය කාලය කොතරම් නපුරුද..          දිවි හිමියෙන් කඳුළැලි පුරවා ගෙන.. රැකගත් ආලය උදුරා ගෙන ගිය.. කාලය කොතරම් නපුරුද සොඳුරිය.. පෙරුම් පුරා දුක සේ ගලපා ගත් කවිය ඔබම වී නැළැවුනු යුගයක.. හද රැදි ඔබ රුව සිහිනෙක වත් නැත ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය.. සොඳුරිය.. ලොවට හොරා විළිලා බිහි කරගත් වසන්තයේ සඳ මියැදුන දවසක.. බෙදා හදා ගත් දුක වත් අද නැත ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය.. සොඳුරිය.. ගායනය : අමරසිරි පීරිස් පද රචනය : සමන්ත හේරත් සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

ආලෙන් වෙලා ගන්න කෝලම් කලා . . . . Aalen Wela Ganna Kolam Kala . . . .

Image
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා                   හිත ආලෙන් මුදා ගන්න මායම් කලා.. මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා ඔබ සායම් මකාලන්න වෑයම් කලා.. මම දෑසෙන් කලා ඔබට පෙම් යෝජනා ඔබ කලා යෝජනා වලට, චෝදනා මම මෑතින් හිදන්වුන් ලගින් වේදනා ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ පාළුයි මගේ නැද්ද තාමත් හිතේ... වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ අපේ ආදරේ භාවනාවක් වගේ.. ආලෙන් වෙලා ගන්න... ගායනය : අතුල අධිකාරී සමඟින් සමිතා මුදුන්කොටුව

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු . . . . .Hitha Assata Hina Godak Genalla Dunnu . . . . . .

Image
හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු                        ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න කඳුලක් කඳුලක් ගානෙ පෙම දියකරලා සුසුමක් ගානෙ හදවත දුක් ගිනි අවුලා අමතක කරලන්නට බෑ මට නම් කිසිදා ආදරේ කියා දුන්න ආදරි ඔයා දැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා අමතක කරලන්නට බෑ මටනම් කිසිදා ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු... ගායනය - අතුල අධිකාරි

රන් පලසේ වැතිරී ඔබ හමුවූදා . . . .. Ran Palak Se Wathira Oba Hamu wu Da . . . .

Image
රන් පලසේ වැතිරී ඔබ හමුවූදා                                  ආදරේට ආදරේ ලැබුවා පෙම් පියසේ අපි තනිවුනු මොහොතේදි ජීවිතේම සිහිනෙකැයි සිතුනා ආදරයේ ඒ කුටියේ රන් පහනේ එලියේ මා දුටුවේ රන් දහරේ දෙවු අඟනයි කුමරී රන් පලසේ වැතිරී... කුමරියේ ඔබෙ හදවත ලඟ ඇත සිත මගේ රැඳිලා කුසුමියේ ඔබේ රොන් පිරි සුවඳට සිත බිඟුන් බැඳිලා අද රෑට පායනා සඳුන් මගේ රොන් බිඟුන් ඇදෙන්නපා මෙහේ රන් පලසේ වැතිරී... ගායනය - අතුල අධිකාරි සංගීතය - රූකාන්ත ගුණතිලක

මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා . . . . Ma Dase Adare Hagum Liya Thiya . . . .

Image
මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා                          ඈ කවුදෝ මා හදේ හැගුම් වශී කලා පාරාදීසේ මා දමා පාළුවේ ඈ ගියා මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා වේදනාවකී ඇගේ සෙනේ මා පැතූව ලෝකයේ වාසනාව පා වුනේ කොහේ මට වේදනා තිලිණේ පුදා හසරැල් සලා ඈ මිදීලා යාවී මා දමා ජීවිතේ පුරා ඔබේ සෙනේ ලැබේවිදෝ ළඳේ ඔබේ ආදරේ ලැබේවිදෝ ළදේ සෙනෙහේ පුදා සසරේ පුරා පැතුමන් දරා ඈ මෙ මාව ඒවිදෝ සොයා මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා... ගායනය - අතුල අධිකාරි

සඳ ඔබ මගේ . . . . . Sada Oba Mage . . . .

Image
සඳ ඔබ මගේ                                                 දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ රෝස යායේ රෝස පුස්ඹේ සීනයෙන් සීනේ කෝ කොහේදෝ මා සොයන්නී ආදරේ දුන්නී සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ රෝස යායේ රෝස පුස්ඹේ සීනයෙන් සීනේ හමුවෙමූ කවදා හෝ ආයේ හිනැහෙමූ තරහා නෑ වාගේ මේ සැදෑවේ කෝ කොහේදෝ මා සොයන්නී සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ රෝස යායේ රෝස පුස්ඹේ සීනයෙන් සීනේ කෝ කොහේදෝ මා සොයන්නී ආදරේ දුන්නී සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ සඳ ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ රෝස යායේ රෝස පුස්ඹේ සීනයෙන් සීනේ හමුවෙමූ කවදා හෝ ආයේ හිනැහෙමූ තරහා නෑ වාගේ කෝ කොහේදෝ මා සොයන්නී ආදරේ දුන්නී ගායනය - අතුල අධිකාරි

එක දවසක් හැන්දෑවක . . . .. Eka Dawasaka Handawaka . . . . . .

Image
එක දවසක් හැන්දෑවක                                        කණාමැදිරි එළි පාරක මං හෙව්වා තරු කැටයක් මං හෙව්වා තරු කැටයක් නිල් පාටින් පායා දිලෙන නිල් පාටින් පායා දිලෙන සිහිනයක ගිලී මා සිටියා කවුරුදෝ විත් දොර බිදිනා විට සුළං පොදක් වත් ඇරුණු දොර පියනින් ආවා නම් සිහිනයේ සුව අරං නන්නාදුනා දෑසක් නිවී නිවී දිළිසුනා මොහොතක් සුහද ආරාධනාවක් අරන් ඈ ඇවිත් දොරකඩට පවන් පොදකටවත් ඉඩක් නෑ නොවෙද අවකාශයම වසාගෙන ඈ සිටිනා විට මා අසළ ඈ සිටිනා විට මා අසළ එක දවසක් හැන්දෑවක කණාමැදිරි එළි පාරක මං හෙව්වා තරු කැටයක් මං හෙව්වා තරු කැටයක් නිල් පාටින් පායා දිලෙන නිල් පාටින් පායා දිලෙන මා අසළ ලැගුම් ගනු පෙරතුව මා තුලට මොහොතකට එබුනා නම් පැහැදිලිව දකින්නට තිබුණා මා තුලම මා නොවන පිටස්තරයෙකු සිටිනා වග ඔබේ පෙම මා හටද මා නොවන ඒ අමුත්තා වෙතද ඔබේ පෙම මා හටද මා නොවන ඒ අමුත්තා වෙතද මා නොවන ඒ අමුත්තා වෙතද මා නොවන ඒ අමුත්තා වෙතද ගායනය - අතුල අධිකාරි සංගීතය - නවරත්න ගමගේ ගී පද - අශෝක හඳගම සින්තටික් සිහින ටෙලි නාට්‍යයෙන්

රොන් පොදක් වෙන්නම් . . . . Ron Podak Wennam . . . .

Image
රොන් පොදක් වෙන්නම්                          හිනැහෙන මල් මිටක් මැද්දේ රන් පතක් වෙන්නම් දිදුලන විල් තෙරක් මැද්දේ නිම්නයක් වෙන්නම් සුව දෙන කඳු පෙළක් මැද්දේ පෙම්වතෙක් වෙන්නම් සනසන නිල් දෙනෙත් මැද්දේ // කන් කළුයි ඔබෙ සිනා සිත් පිනයි ඔබෙ කතා මේ නිමාව දුන්නේ කාගේ කවුරුදෝ නෙත් වශී කරයි ඔයා පෙම් ලොවක් මවයි මනා සත්තකින්ම දෙව් දුවක්ද සැංගෙනා රොන් පොදක් වෙන්නම්... සාගරේ කළඹා මුතු ඇට මාලයක් තනනා පාවෙලා යමිනා තරුකැට පේළියක් ගෙනෙනා සැනසෙනා ලෙසිනා සඳ මත මල් උයන් මවනා යම් දිනක් මැවෙනා ඔබ මට ආදරෙයි කියනා රොන් පොදක් වෙන්නම්... // ගායනය - අතුල අධිකාරි

ඉර හඳට වඩා . . . . Ira Hadata Wada . . . . .

Image
ඉර හඳට වඩා                                     අපි ඈත බව දන්නවා ඒ උනත් අහම්බෙන් එකම එක මොහොතකට ඔබට මා හමුවෙලා දැන් ඉතිං වෙන කුමක් කරන්නද දැන් ඉතිං වෙන කුමක් කරන්නද ආදරය කරනු මිස ආදරය කරනු මිස මහා පතරංගෙටත් වඩා දිග කතාවක කොම්බුවක් තරම් නැති අපේ ලව් සිංදුවේ අන්තරා පේළියක සමන්ති මා ඔබව ඉම්බා.. ! පැය කටුව කුමකටද ඔරලෝසු මුණකට ඔරලෝසු මුණකට කල්පයක් කියන්නේ තත්පරෙන් බිඳක් නම් කල්පයක් කියන්නේ තත්පරෙන් බිඳක් නම් සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් මා ඔබට තුරුළු වී නිදිබරව උන්නා සමන්ති සමන්ති ඔබේ තොල් පෙති වැදී මගේ නළලේ කොණක කේෂ නාලිකාවක් පිපිරුණා කේෂ නාලිකාවක් පිපිරුණා දැන් ඉතිං වෙන කුමක් කරන්නද දැන් ඉතිං වෙන කුමක් කරන්නද ආදරය කරනු මිස ආදරය කරනු මිස ආදරය කරනු මිස ආදරය කරනු මිස ගායනය - අතුල අධිකාරි ගී පද - අශෝක හඳගම 'සින්තටික් සිහින' ටෙලි නාට්‍යයෙන්

පණ තියෙන තුරා කීවත් . . . . Pana Thiyena Thura Kiwath . . . .

Image
පණ තියෙන තුරා කීවත්                                       නෑ ඉවර වෙන්නේ කවදත් මගේ හිතේ නුඹ කෙරේ ඇති ප්‍රේමණීය හැඟුමන් // දිය කඳුරු පවා වැසි නැති දා ගොළු වී යාවී දිය කඳුරු පවා වැසි නැති දා ගොළු වී යාවී වන නිල්ල පවා සැඩ නිය‍ඟේ සැඟවී යාවී පණ තියෙන තුරා කීවත්... පුර හඳට වඩා සිහිල දෙයක් ඇත්නම් ලෝකේ පුර හඳට වඩා සිහිල දෙයක් ඇත්නම් ලෝකේ ඒ උඹේ හිතමයි ඇදහූවද කවුරුන් කෙලෙසේ පණ තියෙන තුරා කීවත්... ගායනය - අතුල අධිකාරි

හද හඬලා සිත බිඳිලා . . . . . .Hada Hadala Sitha Bidila . . . . .

Image
හද හඬලා සිත බිඳිලා හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ අප හමු වූ අප තෙපලූ අප හමු වූ තෙපලූ වෙන්වූ ගං තීරේ මේ මා හැඬවූ මා සැනසූ මා තනි වූ ගංගාව මේ හද හඬලා සිත බිඳිලා හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ ඇයට පුදකලේ නිමල ආදරෙයි ඇය පැතුවේ සුරංගනා ලොවයි අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ හදේහී සෙනේහේ තමයි ඇයට පුදකලේ නිමල ආදරෙයි ඇය පැතුවේ සුරංගනා ලොවයි අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ මාගේ සෙනේහේ තමයි හද හඬලා සිත බිඳිලා හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ පැවසූ කතාවන් සැනසූ ලතාවන් මාගේ හදේහී තියේ කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ පැවසූ කතාවන් සැනසූ ලතාවන් හද වේදනාවන් ගෙනේ හද හඬලා සිත බිඳිලා හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ අප හමු වූ අප තෙපලූ අප හමු වූ තෙපලූ වෙන්වූ ගං තීරේ මේ මා හැඬවූ මා සැනසූ මා තනි වූ ගංගාව මේ හද හඬලා සිත බිඳිලා හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ ගායනය - අතුල අධිකාරි

සිලිලාර සිත නයනා . . . . Sililara Sitha Nayana . . . .

Image
සිලිලාර සිත නයනා                             හර්දේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ දූවිලි සරනා සෙවණැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා // හද අරවින්දේ මතු දවසක පිපුණාවේ ගිනිගත් මේ නගරේ අතැර නොයමු මා ප්‍රේමී සිලිලාර සිත නයනා හර්දේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ දූවිලි සරනා සෙවණැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා මුදු රාත්‍රියේ පිණි ඇතිරුණු යහනාවේ දුක් ගිනි වියැකේවී සොදුරු නොවෙද මා ප්‍රේමී සිලිලාර සිත නයනා හර්දේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ දූවිලි සරනා සෙවණැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා // ගායනය - අතුල අධිකාරි සංගීතය - ආනන්ද පෙරේරා ගී පද - සමන් අතාවුදහෙට්ටි

මට හිමි නැති කඳුළු අරන් . . . . Mata Himi Nathi Kadulu aran . . . . .

Image
මට හිමි නැති කඳුළු අරන් හඬවන්නේ මගෙ ඇස්මයි මට මේ හැටි දුකක් අරන් සැනසුනේ ඔබ කොහොම ඉතින් විදින වේදනා මටමයි ඔබට නම් එපා.. ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා.. හිතට හිත ඈත් වෙලා.. ආදරේ හුදකලා වෙලා.. ජීවිතේම මං කියලා.. හීන අවතැන් කලා.. දුටු හීන අවතැන් කලා.. විදින වේදනා මටමයි ඔබට නම් එපා.. ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා.. ඔබ නැති හීනයේ පවා මං තනිවම ඉකිබින්දා මට අහිමිව ගියත් ඔයා මතක තවම තනි රැක්කා..// විදින වේදනා මටමයි ඔබට නම් එපා.. ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා.. මට හිමි නැති... ගායනය : අතුල අධිකාරි පද රචනය : සත්සර කසුන් පතිරණ සංගීතය : උදාර සමරවීර

රත්තරං හීනයේ සත්තකයි ඔබ උන්නා . . . . . Raththaran Hinaye Saththakai Oba Unna . . . . .

Image
රත්තරං හීනයේ සත්තකයි ඔබ උන්නා ආත්මයෙන් ආත්මයේ රත්තරං මා ඔබේ සත්‍ය පරමාදරේ සත් පියුම් සුපිපුණා ජන්මයෙන් ජන්මයේ පතිනියයි මා ඔබේ රත්තරං හීනයේ සත්තකයි ඔබ උන්නා දුර යන්න මට බෑ හැරදා ඔබ මේ වගේ ළඟ ඉන්න හිමි නෑ සැනහී ඔබ සෙනෙහසින් ඔබ පෑ සිනහා සිත ළඟයි ඔබ සුවඳ මා ජීවත් කරයි ජිවිතේ පරම සැපත ඔබ වේමැයි මා ඔබේමයි දඟකාර හැන්දෑ අහසේ තරු නෙතු වසා මනමාළ ඉඟි පෑ රහසේ හද කළඹවා තාමත් නෑ මං නම් දන්නේ බැදුනේ ඇයි දැයි මේ සෙනෙහේ ඔබ මාගේ ප්‍රාණය හා සම වේමැයි මා ඔබේමයි රත්තරං හීනයේ සත්තකයි මම උන්නා ආත්මයෙන් ආත්මයේ පතිනියයි මා ඔබේ ගායනය - මංජුල පුෂ්පකුමාර, උරේෂා රවිහාරි පතිනි ටෙලි නාට්‍යයෙන්

මල් මුතුලැල් . . . . Mal Muthulal . . . .

Image
මල් මුතුලැල් නිල් තුරුවැල් සකුණ විජිතයේ.. මා සඟවා තබයි ඔබේ රාජධානියේ.. ඇල් ගඟුලැල් නිල් දියරැල් සිහින නිම්නයේ... මා සිතගාවමයි ඔබේ තාරකාවියේ... හෝ...හෝ...හෝ...හෝ... ම්..ම්...ම්...ම්.... නිල් නුගවිල් පුන් සඳ රැල් විසිරෙනා වෙලේ.. මේ හසකැන් මේ දෙණුවන් තාරකා දිලේ.. රන් රසුදැල් මල් හසරැල් සැසලෙනා හදේ.. මේ නිකැලැල් ජීවන මල් මාලතී පිපේ.. ජීවිතයෙන් ජීවිතේ වාසනා රැදේ... මල් මුතුලැල්... ගුම් විහඟුන් පෙම් පබැදුම් මුමුණනා උදේ.. මාරුතයෙන් චාමරවන් ගායනා රැදේ.. රන් සිහිනෙන් ගිම්නිමවින් සැතපෙනා දිනේ.. නෑ ලතැවුල් සෝ කඳුලැල් මා ඔබේ ලොවේ.. ජීවිතයෙන් ජීවිතේ වාසනා රැදේ.. මල් මුතුලැල්... ගායනය : උරේෂා රවිහාරි, ජගත් වික්‍රමසිංහ සංගීතය : සරත් ද අල්විස්

රොන් සුවඳ ගෙන . . . . Ron Suwada Gena . . . . . . .

Image
රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ ඇල් පවන් මත නිම්තෙරක් නෙත මත් බිඟුම් වාගේ ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි ඉන්නවානම් මා ළඟින් කොයිතරන්නම් සොදුරුද මිහිරී රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ මල් වයසේ නිදි නැති ඇස් පියන් යට ආල හැඟුම් පිබිදෙයි උස් පැතුමකට // හිරිමල් සිතිවිලි කලතා රත්තරනේ ඔබ සිත තුල රහසේ රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ මල් වරුසා වැගිරෙන මේ සිසිල යට                                                      හීන ලොවේ දොරගුල් දැන් ඇරෙනවද // නිකැලැලි පතුමක සැඟවී රත්තරනේ ඔබ හිටි හැටි මනසේ රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ ඇල් පවන් මත නිම්තෙරක් නෙත මත් බිඟුම් වාගේ ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි ඉන්නවානම් මා ළඟින් කොයිතරන්නම් සොදුරුද මිහිරී රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ ගායනය - උරේෂා රවිහාරි, ශිහාන් මිහිරංග 'සුවඳ දැනුනා ජීවිතේ' චිත්‍රපටියෙන්

සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා . . . . Sihine Vilase Gilihevi . . . .

Image
සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා // දෑස පුරෝගෙන සීතල කඳුළැලි සිතුවේ ඔබ ගැනමයි ළඳුනේ පාළුව අතරේ මා ඔබ ඇසුරේ සිතුවම් මා සිත හඬවන්නේ කඳුලින් බොඳවී ආදර ලෝකේ නෑ හමුවන්නේ අප ආයේ සිහිනේ විලසේ ... නාඳුනනා ලෙස ඈතට වෙමු අපි සැඟවී ගිය පසු මල් සිහිනේ මා තනි අතරේ මේ ඝන අඳුරේ කොහි යම්දෝ නෑ වැටහෙන්නේ සිහිනෙන් සිහිනේ ආදර ලෝකේ නෑ හමුවන්නේ අප ආයේ සිහිනේ විලසේ ... // ගායනය - අතුල අධිකාරි, සමිතා මුදුන්කොටුව

දෛවයේ සරදමින් . . . . . Daiwaye Saradamin . . . . .

Image
දෛවයේ සරදමින් - වෙන්වෙලා අපි අපෙන්.. බොහෝ කල් ගත වුනත් - ලං වෙන්න බෑ යලිත්.. හුරු පුරුදු තනිකමින් - හිත පෙඟිලා සත්තකින්.. වැරැද්දක් වුනා නම් - සමාවෙනව ද මගෙන්.. සමාවෙනව ද මගෙන්... හමුවන්න බැරි ලෙසම දුරකට වුනත් කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්..// දැන උන්නා නම් - විදවන තරම්.. සමුගන්නෙ නෑ - මගෙ රත්තරන්.. මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින් හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්..// දැන උන්නා නම් - විදවන තරම්.. සමුගන්නෙ නෑ - මගෙ රත්තරන්.. දෛවයේ සරදමින් - වෙන්වෙලා අපි අපෙන්.. බොහෝ කල් ගත වුනත් - ලං වෙන්න බෑ යලිත්.. හුරු පුරුදු තනිකමින් - හිත පෙඟිලා සත්තකින්.. වැරැද්දක් වුනා නම් - සමාවෙනව ද මගෙන්.. සමාවෙන්න ද මගෙන්... ගායනය : අතුල අධිකාරි, සමිතා මුදුන්කොටුව

සඳ තරු මල් මට දන් දුන් . . . . Sada Tharu Mal . . . .

Image
සඳ තරු මල් මට දන් දුන්                                 මගේ..රුසිරු නුඹ අරගන් හිරු තෙද වන් මට දන් දුන් මගේ..ඔටුනු නුඹ ලාගන් දයාද එයයි මගෙ දෝණිට අප දෙන්නාගේ... ගණ දෙවිදුන් මට දන්දුන් මගේ නුවණ නුඹ අරගන් පතිණි මවුන් මට රැකදුන් පතිණි බලය නුඹ අරගන් දයාද එයයි මගෙ දෝණිට අප දෙන්නාගේ... සඳ තරු මල්... ඇල දොල ගං මට දන්දුන් හදේ සිසිල නුඹ අරගන් මහ වන විල් මට දන් දුන් හිතේ සිසිල නුඹ අරගන් දයාද එයයි මගෙ දෝණිට අප දෙන්නාගේ... සඳ තරු මල්... ගායනය : සමිතා මුදුන්කොටුව සමඟින් අතුල අධිකාරී පද රචනය : රඹුක්කන සිද්ධාර්ත හිමි සංගීතය : රෝහණ වීරසිංහ

ඔබ නිදනා සීතල පොළවේ . . . . Oba Nidana Sithala Polawe . . . . .

Image
ඔබ නිදනා සීතල පොළවේ මලක් පිපීලා නමක් නැති.. ඔපාදම බිම නැමී සිපගමි ඔබේ කිරි සුවඳයි අම්මේ... අම්මා.....අම්මා......... වැවේ පතුලෙන් දොවාගත් පැන් පිරිත් පැන් සේ පොවාලා... හොවා උකුලේ පුරා මා වෙඩි කුලී මාලිඟ තනාලා... කුලී මාලිඟ තනාලා... අම්මා.....අම්මා......... ඇසේ ඇසිපිය වසා කඳුලට හිතේ දුක්ගිනි දරාලා මහා බොසත් පෙරුම් පිරුවේ අපේ බුදුබව පතාලා... අපේ බුදුබව පතාලා... අම්මා.....අම්මා........ ඔබ නිදනා සීතල පොළවේ... ගායනය : අජිත් බණ්ඩාර

තාරුකා නිවා . . . . Tharuka Niwa . . . .

Image
තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්‍යාංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්‍යාංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්‍යාංගනා ළං වී ඉඳින්න දිව්‍යාංගනා සෝක කල්පනා හිතේ තියා ඉගිලී නොයා සැඟවිලා නේක වේදනා සුළගේ විසිරිලා වෙන්වී නොයන්න දිව්‍යාංගනා වෙන්වී නොයන්න දිව්‍යාංගනා තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්‍යාංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්‍යාංගනා දෑස රිදවනා කඳුලැල් මකා හසරැල්ල රන් තනිවෙලා ප්‍රේම ගීතිකා කොඳුරා කියා තුරුලේ නිදන්න දිව්‍යාංගනා තුරුලේ නිදන්න දිව්‍යාංගනා තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්‍යාංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්‍යාංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්‍යාංගනා ළං වී ඉඳින්න දිව්‍යාංගනා තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්‍යාංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්‍යාංගනා ළං වී ඉඳින්න දිව්‍යාංගනා හදේ රැඳෙන්න දිව්‍යාංගනා ගායනය - අජිත් බණ්ඩාර සංගීතය - කසුන් කල්හාර

සුදු හංසියේ මිහිරාවියේ . . . . Sudu Hansiye Mihiraviye . . . .

Image
සුදු හංසියේ මිහිරාවියේ සුදු හංසියේ මිහිරාවියේ මගෙ අත දවටා ඔබේ බඳ වටා මා වෙත තව තව ඔබ ළං කරගෙන නිර්මල හදවත මුමුණන රිද්මය අහන්න කීවා මතකද දවසක් දා සුදු හංසියේ මිහිරාවියේ සුදු හංසියේ මිහිරාවියේ ඔබේ ළඟම හැම දිනේ හිඳින්නම් මම ඔබගේමයි ඔබ කීවේ // ජීවිතය දැනෙන්නේ ඔබගෙන් බව මට කියු හැටි යළි යළි මතකේ මැවේ කියු හැටි යළි යළි මතකේ මැවේ සුදු හංසියේ මිහිරාවියේ සුදු හංසියේ මිහිරාවියේ මගේ හීන ගිනි තබා මියෙන්නම් ඔබ නොලැබීමයි මගෙ දෛවේ // ආදරය තිබෙන්නේ විඳගන්නට මිස දුක් විඳ විඳ විඳවන්න නොවේ දුක් විඳ විඳ විඳවන්න නොවේ සුදු හංසියේ මිහිරාවියේ සුදු හංසියේ මිහිරාවියේ මගෙ අත දවටා ඔබේ බඳ වටා මා වෙත තව තව ඔබ ළං කරගෙන නිර්මල හදවත මුමුණන රිද්මය අහන්න කීවා මතකද දවසක් දා සුදු හංසියේ මිහිරාවියේ සුදු හංසියේ මිහිරාවියේ ගායනය - අජිත් බණ්ඩාර සංගීතය - සරත් ද අල්විස් ගී පද - බන්ධුල නානායක්කාරවසම්

ඇසිපිය සලන නිසා . . . . . Asipiya Salana nisa . . . .

Image
ඇසිපිය සලන නිසා                                                                       දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා කඳුළැලි වැටෙන නිසා දැනගත්තා ඔබ හිත් ආකාසය වගෙයි කියා මගෙ ලොව දිළිඳු නිසා විඳගත්තා හැම රන් යහනා සිහිනයක් කියා ඒ වුණාට ඔබ ඇසිපිය සලමින් සැඟවුණ මගේ ආදරයෙන් ඇසිපිය සැලුවා ඒ වගේම ඔබ කඳුළැලි සලමින් නොහැඬූ මගේ යුග දෑසත් බොඳ කර දැමුවා දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා විඳගත්තා හැම රන් යහනා සිහිනයක් කියා ආදරේට ලොව සීමා නොහැ‍‍ඟෙයි පොළොවේ සිටි මා ඔබ අහසේ රැගෙන ගියා ඒ වගේම ඔබ අහසත් ‍පොළොවත් මේ හැටි දුර බව මා හට හඳුණා දුන්නා දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා විඳගත්තා හැම රන් යහනා සිහිනයක් කියා ඇසිපිය සලන නිසා දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා කඳුළැලි වැටෙන නිසා දැනගත්තා ඔබ හිත් ආකාසය වගෙයි කියා මගෙ ලොව දිළිඳු නිසා විඳගත්තා හැම රන් යහනා සිහිනයක් කියා ගායනය - අජිත් බණ්ඩාර

දීකිරී . . . . Deekiri Deekiri . . . . .

Image
දීකිරී... දීකිරි දීකිරි ගෙනාව දීකිරි මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි දීකිරි දීකිරි ගෙනාව දීකිරි මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි පැටියා මෝරපු දෙණ ගෙන් ගත් කිරි හොඳ හැටි උණු කොට හින්දාගත් කිරි නැවුම් මුට්ටියේ වත්කල මේ කිරි පණමට ලාබයි මං දෙන මේ කිරි දීකිරි දීකිරි ගෙනාව දීකිරි මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි කිරි විකුණාලා කාසි හොයන්නයි අනාගතේ මාළිගා තනන්නයි කුමාරයෙක් ගෙදරට කැන්දන්නයි මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි දීකිරි දීකිරි ගෙනාව දීකිරි මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි හිස මගේ දෙදරයි දෙපා රුදා දෙයි රෑ වෙන්නට පෙර ගෙදරට යන්නයි පණමේ කිරි ගෙන පිහිටක් වෙන්නයි මගේ මංගල්ලෙට ඔහෙලත් එන්නයි දීකිරි දීකිරි ගෙනාව දීකිරි මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි දීකිරි දීකිරි ගෙනාව දීකිරි මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි ගායනය - අනුලා බුලත්සිංහල සංගීතය - ඔස්ටින් මුණසිංහ ගී පද - ලූෂන් බුලත්සිංහල

මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ . . . . . Maage Mathake Obe Ruwa Ade . . . . .

Image
මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ            සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි // ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයයි සීත සඳපානෙ කිරි සයුර කලතා සොයයි මහද කවුළු දොරින් එන්න සුහදේ ඔයා ජීවිතේ ආදරෙන් ඉන්න මට ළංවෙලා මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා              ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලා ඕලු මානෙල් පිපී සුවඳ පිණි හා වෙළී සොඳුර ඔය මුහුණ මීදුම් සේලෙන් වැසී මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි // ඔබ මා හදේ සැරිසරයි //// ගායනය - සුජාතා අත්තනායක, එච්. ආර්. ජෝතිපාල සංගීතය - ජේ.ඒ. දොඩංවල ගී පද - ලීලානන්ද ගුණවර්ධන මිනිසුන් අතර මිනිසෙක් චිත්‍රපටියෙන්

ජීවන විල මැද වැජඹෙන කැකුළකි . . . . . Jeewana Vila Mada . . . . .

Image
ජීවන විල මැද වැජඹෙන කැකුළකි              රූබර වූ යුවති...// තී මට තී මට කියමින් බිඟු කැල ඇය අවටම රඟති... ජීවන විල මැද වැජඹෙන කැකුළකි රූබර වූ යුවති... ලහිරු රැසින් පිඹිදෙන පියුමින් රොන් බී මත්වුන බඹරා.. මියුරු හඩින් කී ගී නවතා යයි පියුමේ හද අඹරා.. නෑ එන පාටක් නෑ එන පාටක් ලතැවෙයි පියුම අනේ... ආ මට කෑමක් ආ මට කෑමක් තවකෙක් බදිති සෙනේ... ජීවන විල මැද... අවරට යන හිරු සවසට බැස යයි ගුම් නද දැන් නොඇසේ.. රසයට රැවටුනු නෙළුමට හැකිලෙයි පුන්සද දැක අහසේ ඒකයි දෛවය නෙළුමේ ඒකද යුවතියගෙත් දෛවේ.. දාකයි දෙකකයි පමණයි විසිතුර එය ජීවන මහිමේ... ජීවන විල මැද... ගායනය : සුජාතා අත්තනායක පද රචනය : කරුණාසේන ජයලත් සංගීතය : එම්. කේ. රොක්සාමි “මහ රෑ හමුවූ ස්ත්‍රිය(1963)“ චිත්‍රපටයේ ගීතයක්

පුංචි දවස් වල නින්දට යද්දී . . . . . Punchi dawaswala Nindata Yaddi . . . . . .

Image
පුංචි දවස් වල නින්දට යද්දී                                             පීතු පාදන් නමාමහන් කියලා.. වැන්ද දෙපා යලි අදත් වදින්නම් මංගල ගමනට යන්න අවසරයි පියානෙනි.. මල් බෝනික්කන් පූසි පැටව් ටික පාට ගවුම් පොඩි අද තනිවෙනවා..// පියානෙනි ඔබෙ ආසිරි විද විද ඉරණම් ගමනක් යන්නට යනවා.. පියානෙනි ඔබෙ පුංචි කුමාරිය පුංචි මනාලිය වී යන දවසේ.. එපා අඬන්නට එපා අඬන්නට පුංචි මුණුබුරෙක් කැන්දන් එන්නම් මා හෙට දවසේ... පුංචි දවස් වල නින්දට යද්දී... ගායනය : සුජාතා අත්තනායක පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ සංගීතය : සරත් දසනායක