ගඟුලේ බිඳෙන හීන හිනා මගේ . . . . . . Gagule Bidena Hina Hina Mage . . . . .

පෙම පිදූ නොසංගා හී දැරූ අනංගා //
ඔබ ළඟින් රුවක් ලෙසින් හිඳිම්
කුල ගෙය දෙව් ලොව සදිසි
ගඟුලේ බිඳෙන හීන හිනා මගේ
තිසර තුඩග ලෙලෙන පියුම වාගේ
වෙලෙමි විඳිමි නිබඳ ඔබගෙ ආලේ //
ඔබ හා ආ මේ මං පෙත මාගේ //
ගම්දොර අහස වසන සරා සඳම වූයේ
ගඟුලේ බිඳෙන හීන හිනා මගේ
ගහට වැලට හැඬුම නොමැත ආයේ
සුළඟ විලස රැඳෙමි පෙනෙන මානේ //
මේ රජ දානේ බිළිඳෙකු දෑසේ //
හිමියෙනි කෙදින සිනහ ඉතිරෙද සිරියානේ
ගඟුලේ බිඳෙන හීන හිනා මගේ
වදුලේ ඇසෙන මිහිරි කතා මගේ
පෙම පිදූ නොසංගා හී දැරූ අනංගා //
ඔබ ළඟින් රුවක් ලෙසින් හිඳිම්
කුල ගෙය දෙව් ලොව සදිසි
ගඟුලේ බිඳෙන හීන හිනා මගේ
ගායනය - දීපිකා ප්රියදර්ශනී
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - බන්දුල නානායක්කාරවසම්
https://www.youtube.com/watch?v=bwKJh66SJ6E
Comments
Post a Comment