මල්ලියෙ නරක මිතුරන්...Malliye Naraka Mithuran...
මල්ලියෙ නරක මිතුරන් පිළි ගන්ට එපා
නංගියෙ නොහොබිනා කම් හුරු වෙන්ට එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
හතුරකුටවත් මට වන් දුක වෙන්ට එපා
දළදා මැදුරේ තේවා හඬ රැව් දෙනවා
කළ පවු මතක් වී දෑසම තෙත් වෙනවා
සියක් වාරයක් මැරි මැරි උපදිනවා
තිබහට වතුර වෙනුවට කඳුළැලි බොනවා
ලැබුවේ අවවාද නොහොබින ආරකය
දුදනන් නිසා විය හෙනහුරු මාරකය
මං පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මගේ අවසානය පෝරකය
නංගියෙ නොහොබිනා කම් හුරු වෙන්ට එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
හතුරකුටවත් මට වන් දුක වෙන්ට එපා
දළදා මැදුරේ තේවා හඬ රැව් දෙනවා
කළ පවු මතක් වී දෑසම තෙත් වෙනවා
සියක් වාරයක් මැරි මැරි උපදිනවා
තිබහට වතුර වෙනුවට කඳුළැලි බොනවා
ලැබුවේ අවවාද නොහොබින ආරකය
දුදනන් නිසා විය හෙනහුරු මාරකය
මං පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මගේ අවසානය පෝරකය
Comments
Post a Comment