ඔබ ඈත සඳ වී... oba atha sanda wee....

ඔබ ඈත සඳ වී පායා මම මෑත තරුවක පිපිලා මේ නිසල රැයේ ලොව නිදනා මා ඔබ ඔබ මා ළඟ ඉන්නා අප දුරින් දුරක වුව තනියේ නෙත් සරින් පමණි හමුවුයේ ඒ ඈත් බවිනි හද බැඳුනේ සෙනෙහසේ සොඳුරු බව පිරුණේ ඔබ ඈත සඳ වී පායා . . . . . මධු සඳ තරු අද හමුවීලා සිටියද ඔබ මා ලංවීලා ඒ දුරක එදා අප පිපිලා තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා ඔබ ඈත සඳ වී පායා . . . . . . ගායනය - බණ්ඩාර අතාවූද