සාරි පොඩිත්තක් ඇඳගන . . . Sari Podiththak Adagana . . .
සාරි පොඩිත්තක් ඇඳගන
දීග පොඩිත්තක් යන්නට කතා කරාවී
කථා කරලා මංගල්ලේ නියම කරාවි . . . . //
රණ්ඩු කරලා සිංදු කියල
තොරන් බැඳලා රෑහැන් ඇඳලා . . //
පාවඩ පිට මනාලයා ගෙදරට එවී
ගෙදර ඇවිත් ලැජ්ජාවෙන් මුකුළු කරාවි . //
සාරි පොඩිත්තක් ඇඳගන . . .
තක්කිට තරිකිට කියලා
තිරික්කලේ අපි යනකොට . . //
අහල පහල ඉන්න ඈයෝ බලා ඉඳීවී
බලා ඉඳල අපි දෙන්නට විහිළු කරාවී . //
සාරි පොඩිත්තක් ඇඳගන . . . .
එතනෝ සුමනෝ නාඩ ඉඳින්
සිකුරු තරුව පායනකන් . . //
ඔයාලාටත් පිරිමි කෙනෙක් බැල්ම හෙලාවී
බැල්ම හෙලලා තවත් ගමක් එලිය කරාවී . //
ගායනය - නන්දා මාලනී
Comments
Post a Comment