රන් මලක් ලෙස . . . Ran malak lesa . . .
රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ
පස් පිඬක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොණේ
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ
දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තියේ
ලෙහි හොවා වැඩු සිය පුතුන් අත අවි දරා වැද රණ මතින්
පෑ විකුම් දැක දෑ බැතින් හිස අත් මුදුන් දෙති පියවරුන්
මව්බිමේ හිමිකම් පතා තම දිවි පිදු කල ඒ පුතුන්
තුන් හෙළේ හැම මව්වරුන් ළය කිරි එරී ඇත උන් නමින්
රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ
පස් පිඬක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොණේ
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ
දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තියේ
මව් කුසින් නොව මිහි කුසින් සිරි ලක උපන් විරු දරුවනේ
අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ
නෑ සියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ
හදවතින් අපි යුධ බිමෙහි ඔබ තනි කලේ නැත කිසිදිනේ..////
ගයනාව : සුනිල් එදිරිසිංහ ඇතුළු පිරිස
Comments
Post a Comment