දෑවැදි දෙන්නට...dawadi dennata...
ගෙදරට බර වුණු බාල නගේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නගේ...//
විරසක වීලා විරහ අපලයෙන්
නුඹේ ඉරණම නුඹ ළඟට නොයේ
නිදි බර දෑසයි දැළි ගෑ මුණයි
ළිප මුල්ලේ යෞවනය ගෙවේ...
දෑවැදි දෙන්නට රන් මසු පොදි නැති...
රන් දම් පැළඳිය යුතු ගෙළ වට කර
නව ගුණ වැල පෝ දිනට බැඳේ
දීගෙක ගියදා නුඹට දැනේවී
තනිකඩ කම කොච්චරද අගේ...
දෑවැදි දෙන්නට රන් මසු පොදි නැති...
ගායනය: සුනිල් එදිරිසිංහ
Comments
Post a Comment