වෙරළු ගෙඩිය හරි අටකට . . . Weralu Gediya Hari Atakata . . .

කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන..
උන් අපි එදා සත් කුළු පවු විලාසෙන...
පැළ ඉනි වැටට ඇයි අද ඇන කොටාගෙන..
පොඩි උන් දොහේ මල් මතකය ඉරාගෙන..
හොඳ හිත ගිහින් උඩු හුළඟට ගසා ගෙන.......//
මහගෙයි බිමට තනි උරුමය කියාගෙන...
සතුරන් වෙලා උනුනට දෙස් තියාගෙන....
වෙරළු ගෙඩිය හරි අතකට කපාගෙන..
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන..
උන් අපි එදා සත් කුළු පවු විලාසෙන...
පැළ ඉනි වැටට ඇයි අද ඇන කොටාගෙන..
තිරිසන් උනෝතින් කිසි හවු හරන නැතී...
ලන්දක කකා ලන්දක කල් යල් අරිතී......//
එක මිහි සයන කාටත් නිති සුවය දෙතී....
බිම් පංගුවට ලොල් වී මල ගම නොයතී.....
වෙරළු ගෙඩිය හරි අතකට කපාගෙන..
කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන..
උන් අපි එදා සත් කුළු පවු විලාසෙන...
පැළ ඉනි වැටට ඇයි අද ඇන කොටාගෙන..
පද රචනය : වසන්ත කුමාර කොබවක
ගායනය - සුනිල් එදිරිසිංහ
Comments
Post a Comment