තැන තැන රවුමට ඉඳගෙන . . . Thana Thana Raumata . . .

ඉඳහිට එබිකම් කර කර
ලේන්සු හංගන්න ළමයි එක් රොක් වෙන්නා
රවුම වටේ යනවිට කවි පද කියවෙන්නා
කොපර කොපර පිපිඤ්ඤා පස්ස බැලුවොත් දෙසඤ්ඤා...
පැණි මොර මල් පිපුණු රෑට
කජු පුහුලන් ඉදුණු දාට
පුංචි අපේ සිත් තුල සතුටක් මතු වෙන්නා
එවන් අසිරි සිරි දුටු සිත් පිනෙන් පිරෙන්නා
කොපර කොපර පිපිඤ්ඤා පස්ස බැලුවොත් දෙසඤ්ඤා...
ගුණ්ඩු පැනලා නැටුවෙත් අපි
වච්චි කියලා දිව්වෙත් අපි
හරිම වැඩේ අද ළමයින් ඒවා නොදන්නා
වයිවාරන සෙල්ලම් බඩු ගමට ඇවිල්ලා
කොපර කොපර පිපිඤ්ඤා පස්ස බැලුවොත් දෙසඤ්ඤා..
.
ගයනාව :එඩ්වඩ් ජයකොඩි
Comments
Post a Comment