සඳයි තරුයි නිසංසලේ . . . Sadai Tharui . . .
සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා
ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා . . . . . //
මල් යායේ බඹරු නටයි ලොවම ලස්සනයි
සිත් දෑලේ සිතුම් පෙළයි සිහින ලෝකයයි . . . . . . //
බිඟු නාදේ මධු වෑහේ එකම ගීතයයි
මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයයි
සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා . . . . . .
කඳු යායේ බොඳ මීදුම් සළු රටා දිගේ
දසුන් මැවේ මායාවකි එයද මට අගේ . . . . . . . . . //
හමුවූවේ වෙන්වන්නද හද සුසුම් නැගේ
වෙන්වූවේ හමුවන්නද යළි සසර මගේ
සඳයි තරුයි නිසංසලේ අහස ගොළු වෙලා
ඔබයි මමයි දෙමංසලේ දෙතැන තනි වෙලා . . . . . //
ගායනය - සෝමසිරි මැදගෙදර

Comments
Post a Comment