මල් ගුමු ගුමු ගුමු ගන්වන්නී - Mal gumu gumu gumu ganwanni

මී වද වල පැණි පුරවන්නී
කුරුළු සරින් කන් පිනවන්නී
මුළු ලොව උයනක් කරවන්නී
ජම්බු ගහට රත පොරවන්නී
බක් මී ගහ කහ අන්දන්නී
අඹ දළු ලා රත තවරන්නී
නෙත ගිය ගිය අත සනසන්නී
මල් ගුමු ගුමු ගුමු ගන්වන්නී
මී වද වල පැණි පුරවන්නී
කුරුළු සරින් කන් පිනවන්නී
මුළු ලොව උයනක් කරවන්නී
එරබදු පැහැයෙන් දුලවන්නී
නා ගස් සුවඳින් බැඳලන්නී
විලේ නෙලුම් මල් පොබයන්නී
ලෝ කත විසිතුරු කැරැලන්නී
මල් ගුමු ගුමු ගුමු ගන්වන්නී
මී වද වල පැණි පුරවන්නී
කුරුළු සරින් කන් පිනවන්නී
මුළු ලොව උයනක් කරවන්නී
ගයනාව : W.D. අමරදේව
Comments
Post a Comment