කඩමන්ඩියේ දොල අයිනේ . . . Kadamandiye Dola Aine . . .
මුළු මහත් ලෝකයම ඔබත් මාත් දෙස ඇසිපිය නොහෙලා බලාසිටි - අප කෙසේද කතා බහ කරන්නේ.
මා දැන් ගයන්නේ ඒ අබාග්ගයේ ගීතයි - කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනී.
කඩමන්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව සිටියත් ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී . . . . . . . . .
ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඞි හින්දා . . . . . . . . .
සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි . . . . . . . . . . .
ගායනය : නන්දා මාලනී ගෝකුළ

Comments
Post a Comment