දිනෙක හිරු බැස යන වෙලාවක . . . Dineka Hiru Basa Yana . . .

දිනෙක හිරු බැස යන වෙලාවක                                            
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක...//

සයුර මා විය අහස ඔබ විය
දෙදෙන ලංවූ ක්ෂිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක්  විය
කලක් ලොව අප ගැන සිතූ හැටි...

දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක...

සයුර මා විය අහස ඔබ විය
දෙනෙත රැවටු ක්ෂිතිජයක් විය
කී කතාවේ අරුත වැටහිණ
අහස සමුදුර එකතු වී යයි

දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක...//


ගයනාව : වික්ටර් රත්නායක



Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

Emba ganga nawathinu | එම්බා ගංගා නවතිනු

Ganga addara ma sihil senehi sanasi | ගඟ අද්දර මා සිහිල් සෙනෙහි සැනසී