බානෙන් බැඳ රජරට . . . Banen Bada Rajayata . . .
බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ....
පිහියේ මුවහත ගෙල සිඹගන්නේ..
උදයම මේ කය නිසසල වන්නේ..
ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ..
උගෙන් මැඩු බැත දනට පුදන්නේ...
ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ..
උගෙන් මැඩු බැත දනට පුදන්නේ...
උන්ගෙම හම බෙර හඬට බඳින්නේ...
උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ....
බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ....
කෝච්චියේ හිර ගෙයි ලැග එන්නේ..
පිහියේ මුවහත ගෙල සිඹගන්නේ..
උදයම මේ කය නිසසල වන්නේ..
කිරි රස දන්නෝ මවු හඳුනන්නෝ.....
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ..
කිරි රස දන්නෝ මවු හඳුනන්නෝ.....
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ..
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ..
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ..
ලේ කිරි අයිතිය වහු පැටියන්නේ....
දම්සක්වල ගල වැදී බිඳෙන්නේ...
ඒ කිරි උදුරා බිවු මිනිසුන්නේ....
හිත් වල ඇයි කල ගුණ නොරැඳෙන්නේ....
ගායනය - සුනිල් එදිරිසිංහ
Comments
Post a Comment