අරලිය ලන්දට සඳ පායන කොට . . . Araliya Landata sanda payanakota. . .

තුරුලිය මල් වට බඹරු බමන විට
සිය සිය සිය දහසට ඇඟිලි ගණිනා මට
ඔබ ගැන සිහිවෙනවා එතකොට
ගී පද ලියැවෙනවා
රඹවන් හේනේ කරල් පැසෙන කොට
අඹ මල් ගානේ ගිරව් හඬන විට
දොඹ තුරු මානේ සෙවන දකින මට
ඔබ ගැන සිහිවෙනවා එතකොට
සි ති විලි ඉගිලෙනවා
අරලිය ලන්දට සඳ පායන කොට . . . . . . .
දඬුවැල් බෑ මී සුවඳ දැනෙන කොට
පඬුවන් අහසේ තරු පායන විට
හැඬුමට නොහැකිව දෙඇස වසන මට
ඔබ ගැන සිහිවෙනවා එතකොට
සි හි නය උපදිනවා
අරලිය ලන්දට සඳ පායන කොට . . . . . . .
ගායනය - නන්දා මාලනී
Comments
Post a Comment