අන්න බලන් බෙර හඬින් උදම් වී . . . Anna Balan Bera Hadin Udam Vi . . .

අන්න බලන් බෙර හඬින් උදම් වී                                           
දෑත දෙපා සෙලවෙන අන්දම්...
අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ 
මාලක්කම කැරකෙන අන්දම්...

අනන්ත වූ බර හිසෙන් දරාගෙන 
වෙස් තට්ටුව පැලඳුව සිරසේ..
කුසෙන් නැගෙන ගිනි දැලෙන් වෙළී ගොස් 
රනේ රුවට නළලත දිලිසේ..

අන්න බලන් බෙර හඬින් උදම් වී 
දෑත දෙපා සෙලවෙන අන්දම්..
අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ 
මාලක්කම කැරකෙන අන්දම්...

අවුල් හැරෙන් ඉන හැඩෙන් වැසුණු කය 
රැඳෙන්නෙ නෑ කෙනෙකුගේ දෑසේ..
දවුල් හඬෙන් තාලමෙන් වැසී ගිය 
කනට වෙනින් කිසිවක් නෑසේ....

අන්න බලන් බෙර හඬින් උදම් වී 
දෑත දෙපා සෙලවෙන අන්දම්..
අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ 
මාලක්කම කැරකෙන අන්දම්...



ගයනාව:එඩ්වර්ඩ් ජයකොඩි


Comments

Popular posts from this blog

මේ රට මගෙ රට . . . Me Rata Mage Rata . . .

ඈතින් පා සළඹේ නැගි නාදේ | athin pa salambe nagi nade

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana