ජීවිතේ අමදාරා උල්පතේ රස උතුරා . . . Jeevithe Amadara ulpathe rasa uthura
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා
ආදරේ මල් උයනේ
නෑ ඔබේ හඬ ඇසුනේ
පිපි කුසුම් මල් යහන් තුලට වී
කොවුලනේ නාඩන්නේ
ජීවිතේ අමදාරා උල්පතේ රස උතුරා . . . . .
ඈත නිල්වන් ගුවනේ
පියාඹන ලිහිනියනේ
මට කියන් තෙපි සොයා යන ලොවේ
සෝ තැවුල් රැඳුනේ දෝ
ජීවිතේ අමදාරා උල්පතේ රස උතුරා . . . . .
හමන පවනේ සඟවා
මගේ පාළුව රහසේ
ඇත ඒවා ඔබ සොයා පිය ලඳේ
මීවිතේ රස උතුරා
ජීවිතේ අමදාරා උල්පතේ රස උතුරා . . . . .
ගායනය - ටී . එම . ජයරත්න
Comments
Post a Comment