මවකගෙ උණුසුම නොලබා - Mawakage Unusuma Nolaba
සැපට නිදන පුතේ
ඔබටත් මට මෙන් තනිකම
දැනෙනවාද පුතේ
ඔබෙන් සිඟිති පුතේ
මගෙ පාලුව මැකේ . . . . . . /
හිතේ තියෙන පාලු ගතිය මග හරින්න පුතේ
සුර කුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ
අප දෙන්නා අඳුරු ලොවට තනිකරදා පුතේ
නුඹෙ අම්මා දිවිය ලෝකෙ ගියා චූටි පුතේ
මාහට දී ඔයා ඈ සුරලොව ගියා
සුරවිමනක වැදී මගෙ රන්කඳ නිදී
තවමත් කිරි සුවඳ දැනේ ඔබේ සිඟිති කටේ
ඔබ නැත්නම් මම දැනටත් මැරී ඇතැයි සිතේ
පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම උනේ
කොහොමද මම සිහිකරන්නේ පුතුගෙ උපන් දිනේ
මා හට දී ඔයා ඇ සුරලොව ගියා . . . . /
ලොකු උනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
එතකොට මගෙ දෙනෙත් වලට කඳුළු පිරෙයි පුතේ
සුරවිමනක වැදී මගෙ රන්කඳ නිදී . . . . . //
ගායනය - කේ. සේන
Comments
Post a Comment