Posts

Tech thakshilawa තාක්ෂණික අධ්‍යාපන නාලිකාව

Image
 අපි තාක්ෂණික දැනුම බෙදාගන්න නව යු ටියුබ් නාලිකාවක් පටන් ගත්තා . ඒ සදහා පහත සදහන් ලින්ක් එක මගින් සම්බන්ද විය හැකියි. එම වීඩියෝ වලින් ඔබ දෙයක් ඉගෙනගත්තා නම් හෝ වැදගත් වේ නම් නාලිකාව සබ්ස්ක්රයිබ් කරන්න. ඔයාලටත් දැන් ගන්න අවශ්‍ය දේ ඇත්නම් අපට කම්මෙන්ට් කරන්න. තවත් වීඩියෝ බලාපොරොත්තු වන්න. නාලිකාවේ ලින්කුව :  https://www.youtube.com/channel/UCHTZKrNgH0VOMtrADnWyCTw

සිහින නෙළුම් මල් පොකුණු පුරා | sihina nelum mal lyrics by mariazelle goonetilleke

Image
සිහින නෙළුම් මල් පොකුණු පුරා මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා කිරි සුවඳ දේ මුවගේ පවන් සලා බලා ඉඳින්නම් මා දිව රෑ පුතේ මගෙ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ සුළැඟිල්ල පටලා හෙට යං පුතේ ඇවිදින්නට මා හා මිදුලේ වටේ අම්මා කියූ නාමේ ම‍ට දුන් පුතේ රාජිණියකි දැන් මා පුතුගේ පිනින් හැම මව්වරුන් සේ අම්මා නුඹේ සතුටින් හිඳිමි පිහිනා පුතුගේ නමින් පුතු දකින උදයේ හැමදාම දැං නව දවසකි මට නම් දෙන වාසනා හිරු සඳු දවල් රෑ මට පායනා පුතු මිස වෙනින් කව්දෝ සුරතල් පුතේ සිහින නෙළුම් මල් පොකුණු පුරා මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා කිරි සුවඳ දේ මුවගේ පවන් සලා සිහින නෙළුම් මල් පොකුණු පුරා මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා ගායනය - මරිසසෙල් ගුණතිලක ගී පද - අජන්තා රණසිංහ සංගීතය - රොෂාන් ද සිල්වා

මා ඉතින් යන්න යනවා | ma ithin yanna yanawa lyrics by Sunil Edirisinghe

Image
මා ඉතින් යන්න යනවා  මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි මා ඉතින් යන්න යනවා  මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි නුඹ සඳක් වෙලා පායා මට එලිය වුනු වගයි නුඹ සඳක් සේම බැසයයි මටඉතිරි කළුවරයි මගෙ මතක එපමණයි මා ඉතින් යන්න යනවා  මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි සඳ එලිය අයිති ලොවටයි සඳ අයිති අහසටයි පිනි කඳුළු බින්දු විතරක් මේ බිමට වැටෙනු ඇයි මට උරුම එපමණයි මා ඉතින් යන්න යනවා  මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි ගේය පද : ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ ගායනය : සුනිල් එදිරිසිංහ

සිත්තම් කරමින් මනසේ ඔබෙි රුව | siththam karamin manase obe ruwa lyrics by dayan witharana

Image
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හො යළි දකින තුරා රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ යළි මගෙ සවනත වැකෙන තුරා විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මෙි බවය පුරා දෙලොවක් අතරේ සරන ඔබේ සිත මෙතරම් සසලෙන් නැතුව ඇතී  ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇතී විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ බවය පුරා භවයෙන් බවයේ අහිමිව හිමිවන නොපිරූ පාරමිතාව පුරා සමුගනිමුද අපි අපේම වූ මතු බවයක යලි හමුවෙමුයි පතා විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මෙි බවය පුරා සිත්තම් කරමින් මනසේ ඔබෙ  රුව කවදා හො යළි දකින තුරා රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ යළි මගෙ සවනත වැකෙන තුරා විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මෙි බවය පුරා ගායනය : දයාන් විතාරණ 

යොවුන් සිහින ලෝකේ | yowun sihina loke lyrics by Mariazelle Goonetilleke

Image
යොවුන් සිහින ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා ඔයා යොවුන් සීන ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා ඔයා යොවුන් සීන ලෝකේ යොවුන් සීන ලෝකේ දිහා සෝදුක් තැවුල් ආදරේ නෑ සිතේ මාගේ ලොවේ ගීතයයි ජිවිතේ ඒ වන් ලොවේ එන්න මා හා බැඳී ඔබගේ සවන් දෝත පාලා යොවුන් සිහින ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා ඔයා යොවුන් සීන ලෝකේ යොවුන් සීන ලෝකේ දිහා අහසේ වලාවේ නැගී පාවෙමූ මුහුදේ තරංගා දියේ නෑවෙමූ රෑ හෝ දිවා ජීවිතේ මල් වියේ අත්වැල් බැඳන් එන්න මා හා යොවුන් සිහින ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා ඔයා යොවුන් සීන ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා ඔයා යොවුන් සීන ලෝකේ යොවුන් සීන ලෝකේ දිහා පබැදුම, තනුව හා සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන ගායනය : මරියසෙල් ගුණතිලක 

සුදු මල් පොකුරක් අතින් දරා මා | sudu mal pokurak lyrics by prince udaya priyantha

Image
සුදු මල් පොකුරක් අතින් දරා මා ඔබේ සොහොන ලග තනි වී රහසේ සැලෙනා කදුලැලි තවරා සිහි කරමී මගෙ පියාණනි සුදු මල් පොකුරක් අතින් දරා මා ඔබේ සොහොන ලග තනි වී රහසේ සැලෙනා කදුලැලි තවරා සිහි කරමී මගෙ පියාණනි බාල වියේ ඔබ තුරුලේ නැලවී සෙනෙහස් ඔරුවේ සිතුවිලි අතරේ මා තනි කෙරුවේ නැවත නොයෙන්නට ගිය ගමනේ සුදු මල් පොකුරක් අතින් දරා මා ඔබේ සොහොන ලග තනි වී රහසේ සැලෙනා කදුලැලි තවරා සිහි කරමී මගෙ පියාණනි කැඩපත හමුවේ හිදිමී නිරතුරු ඔබෙ රුව දකිමී කලා ලොවේ දොර අබියස සිටිමී ඔබ සිටියා නම් සතුට දැනේ ඔබ සිටියා නම් සතුට දැනේ සුදු මල් පොකුරක් අතින් දරා මා ඔබේ සොහොන ලග තනි වී රහසේ සැලෙනා කදුලැලි තවරා සිහි කරමී මගෙ පියාණනි ගායනය : ප්‍රින්ස් උදය ප්‍රියන්ත

හදේ කොතැනක හෝ හිඳී | hade kothanaka ho lyrics by sunil edirisinghe

Image
හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් ..... බලා අවසර සොයා කල් දැන වෙලා හසරැහැනින් පෙලයි මා....මුදා සුව දැහැනින් ...... හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් ..... බලා අවසර සොයා කල් දැන වෙලා හසරැහැනින් පෙලයි මා....මුදා සුව දැහැනින් ...... සයුරැ ඉම රත් සිතිජ රේඛාවේ .... මියෙන හිරැ සේ ගිලී බිම් අඳුරේ තලා මා සිත පලා ගිය ඔබ දවයි මා....අද තනිවෙනා මොහොතින් .. හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් ..... බලා අවසර සොයා කල් දැන වෙලා හසරැහැනින් පෙලයි මා....මුදා සුව දැහැනින් ...... උතුම් පිවිතුරැ ප්‍රේමයේ නාමෙන්.... සහස් සුවහස් පැතුම් බල මහිමෙන් ඉනූ කඳුල ද සිඳෙන්නට පෙර යදින්නම්...ඔබ මැකී යනු මතකින්..... හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් ..... බලා අවසර සොයා කල් දැන වෙලා හසරැහැනින් පෙලයි මා....මුදා සුව දැහැනින් ...... ගායනය :- සුනිල් එදිරිසිංහ පද රචනය:- කරැණාදාස සපුතන්ත්‍රි තනුව:- රෝහණ වීරසිංහ